ශ්‍රී බුද්ධ වර්ෂ 2563 ක් වූ ඇසළ පුර අටවක පෝය දින රාජ්‍ය වර්ෂ 2019 ජූලි 09 වනදා අඟහරුවාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
සත්වන සතිය
ඇසළ පුර අටවක පෝය ජූලි 09 වනදා අඟහරුවාදා පූර්ව භාග 05.24 ට ලබයි. 10 වනදා බදාදා පූර්ව භාග 03.30 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි 09 වනදා අඟහරුවාදාය.
මීළඟ පෝය ජූලි 16 වනදා අඟහරුවාදාය
පුර අටවක
ජූලි 09
පසෙලාස්වක
ජූලි 16
අව අටවක
ජූලි 25
අමාවක
ජූලි 31
ජීවිත අවදානම නොතකා තමා මත්ද්‍රව්‍ය මර්දන වැඩපිළිවෙළට නායකත්වය ලබා දෙන්නේ ජාතිය සහ මතු පරපුර වෙනුවෙන් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කරයි. රටත්, ජාතියත් විනාශ කරමින් තිබෙන නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමට ඉකුත් සිව්වසර පුරා තමා ගෙන ගිය දැවැන්ත වැඩපිළිවෙළට අබපියල්ලක සහයක් ලබා නොදුන් පිරිස් අද මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට දැඩි නීති ක්‍රියාත්මක කිරීමට ගත් පියවර හමුවේ තමා වැරැදිකරුවෙකු ලෙස රටට පෙන්වීමට උත්සාහ දරමින් සිටින බව ද, මත්ද්‍රව්‍ය භාවිතයට යොමු වූ ලක්ෂ 3 ක තරුණ ජීවිත බේරා ගැනීමට හෝ එම පවුල්වල සාමාජිකයන් දුකින් මුදා ගැනීමට බලයේ සිටිය දී හෝ විපක්ෂයේ සිටිය දී ඔවුන් ඉටු කළ කාර්යය කුමක් දැයි තමා එම සියලු දෙනාගෙන් ප්‍රශ්න කරන බවද ඒ මහතා ප්‍රකාශ කරයි. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ කොළඹ, සුගතදාස ගෘහස්ථ කී‍්‍රඩාංගණයේදී ඉකුත්දා (1) පැවැති ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතියේ සමාප්ත සමුළුව සහ බස්නාහිර පළාත් සමුළුව සඳහා එක් වෙමිනි. මතින් නිදහස් රටක් ගොඩනැගීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මඟපෙන්වීම යටතේ ක්‍රියාත්මක කර ඇති මත්ද්‍රව්‍ය මර්දන වැඩසටහන තවදුරටත් ශක්තිමත් කරමින් පසුගිය 23 දා ආරම්භ කළ ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතිය පසුගියදා අවසන් විය.
මහා සංඝ රත්නය උදෙසා ක්‍රියාත්මක කරනු ලැබූ බුදුපුත් සුරක්ෂා සෞඛ්‍ය රක්ෂණාවරණය සෙසු ආගමික පූජකවරුන්ටත් ලබාදීමට කටයුතු කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ ය. ඒ සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය පිළිබඳව යථා කාලයේ දී ක්‍රියා කරන බව පැවසූ අගමැතිවරයා ප්‍රථම අදියර යටතේ සම්බුද්ධ ශාසනයේ චිරස්තිථිය උදෙසා ගෞරවනීය මෙහෙවරක් ඉටුකරන මහා සංඝරත්නය උදෙසා පිරිනැමූ බවත් අවධාරණය කළේ ය. ධර්ම දේශනාව:සුදුසු වචන භාවිත කරමු යෝ නින්දියං පසංසති - තං වා නින්දති යෝ පසංසියෝ, විචිනාති මුඛේන සෝ කලිං - කලිනා තෙන සුඛං න වින්දති (සං.නි., තුදුබ්‍රහ්ම සූත්‍රය). තැනට නොගැළපෙන පරිදි දුර්වචන භාවිත කිරීම නිසා යමෙකු පව් රැස් කරගන්නා බව මෙම ගාථාවෙන් ප්‍රකාශ වේ. ඒ අනුව හෙළා දැකිය යුතු තැන, වැරැදි ලෙස දැකිය යුතු තැන එසේ නොකොට ඊට ප්‍රශංසා කිරීමත්, පැසසිය යුතු තැන නින්දා කිරීමත් නිසා වාචික ව පව් රැස් වෙන බවත් ඒ පවින් සැපයක් නොලබන බවත් බුදුන් වහන්සේ පෙන්වා දෙති. සාමාන්‍ය ජීවිතයේ දී අපට එකිනෙකා සමඟ අදහස් හුවමාරු කර ගැනීම සඳහා ඔවුන් සමඟ කතාබහ කිරීම වැදගත් වේ. ඇතැමෙක් වචනය අවියක් කර ගනිති. තවකෙනෙක් එය නිවැරැදි ව හසුරුවා ගැනීමට අසමත් වීම නිසා තමා ද අනුන් ද අනතුරේ හෙළති. මෙහි දී වැදගත් වන්නේ වචනය අවියක් හෝ මොන යමක් කරගත්තත් එය නිවැරැදි ව භාවිත කිරීමයි. කිසියම් පුද්ගලයෙකු යහපත් හෝ අයහපත් දැයි දැන ගැනීමට ඔහුගේ කථා විලාසය ඍජුව ම ඉවහල් නොවුණත් , යම් පමණකින් කථාවිලාසයෙන් පුද්ගල ස්වභාවය පෙන්වන බව අපි දනිමු. නිදසුනක් ලෙස ධම්මපදයේ කථාවක එන ‘කුම්භඝෝෂක’ සිටුවරයෙකැයි බ්‍රහ්මදත්ත රජුට දැනගන්නට ලැබුණේ ඔහුගේ කටහඬ අසා සිටීමෙනි. බුදුදහම පෙන්වා දෙන පරිදි කථාබස් කිරීමේ දී වාග්සංවරය ඇති කර ගත යුතු වේ. මෙහි දී වාග්සංවරය යන්නෙන් අදහස් වන්නේ නිහඬ ව සිටීම ම පමණක් නොව, අවස්ථාවට සුදුසු පරිදි නිවැරැදි හා අර්ථවත් වචන භාවිත කිරීමයි. ආර්ය අෂ්ටාංගික මාර්ගට අයත් ‘සම්මාවාචා’ යන්නෙන් ද පෙන්වා දී තිබෙන්නේ මෙකී වාග් සංවරය යි. විභංගපාළියෙහි ‘සම්මාවාචා’ යන්න විග්‍රහ කරන්නේ මෙසේ ය.
ධර්ම දේශනාව:
යෝ නින්දියං පසංසති - තං වා නින්දති යෝ පසංසියෝ, විචිනාති මුඛේන සෝ කලිං - කලිනා තෙන සුඛං න වින්දති (සං.නි., තුදුබ්‍රහ්ම සූත්‍රය).
තැනට නොගැළපෙන පරිදි දුර්වචන භාවිත කිරීම නිසා යමෙකු පව් රැස් කරගන්නා බව මෙම ගාථාවෙන් ප්‍රකාශ වේ. ඒ අනුව හෙළා දැකිය යුතු තැන, වැරැදි ලෙස දැකිය යුතු තැන එසේ නොකොට ඊට ප්‍රශංසා කිරීමත්, පැසසිය යුතු තැන නින්දා කිරීමත් නිසා වාචික ව පව් රැස් වෙන බවත් ඒ පවින් සැපයක් නොලබන බවත් බුදුන් වහන්සේ පෙන්වා දෙති. සාමාන්‍ය ජීවිතයේ දී අපට එකිනෙකා සමඟ අදහස් හුවමාරු කර ගැනීම සඳහා ඔවුන් සමඟ කතාබහ කිරීම වැදගත් වේ. ඇතැමෙක් වචනය අවියක් කර ගනිති. තවකෙනෙක් එය නිවැරැදි ව හසුරුවා ගැනීමට අසමත් වීම නිසා තමා ද අනුන් ද අනතුරේ හෙළති. මෙහි දී වැදගත් වන්නේ වචනය අවියක් හෝ මොන යමක් කරගත්තත් එය නිවැරැදි ව භාවිත කිරීමයි. කිසියම් පුද්ගලයෙකු යහපත් හෝ අයහපත් දැයි දැන ගැනීමට ඔහුගේ කථා විලාසය ඍජුව ම ඉවහල් නොවුණත් , යම් පමණකින් කථාවිලාසයෙන් පුද්ගල ස්වභාවය පෙන්වන බව අපි දනිමු. නිදසුනක් ලෙස ධම්මපදයේ කථාවක එන ‘කුම්භඝෝෂක’ සිටුවරයෙකැයි බ්‍රහ්මදත්ත රජුට දැනගන්නට ලැබුණේ ඔහුගේ කටහඬ අසා සිටීමෙනි. බුදුදහම පෙන්වා දෙන පරිදි කථාබස් කිරීමේ දී වාග්සංවරය ඇති කර ගත යුතු වේ. මෙහි දී වාග්සංවරය යන්නෙන් අදහස් වන්නේ නිහඬ ව සිටීම ම පමණක් නොව, අවස්ථාවට සුදුසු පරිදි නිවැරැදි හා අර්ථවත් වචන භාවිත කිරීමයි. ආර්ය අෂ්ටාංගික මාර්ගට අයත් ‘සම්මාවාචා’ යන්නෙන් ද පෙන්වා දී තිබෙන්නේ මෙකී වාග් සංවරය යි. විභංගපාළියෙහි ‘සම්මාවාචා’ යන්න විග්‍රහ කරන්නේ මෙසේ ය.
ගිහි ගෙදරට දහම් වැටක් : පරිසරයෙහි සොඳුරු බව සුරකිමු පුද්ගලයෙකුට තමාගේ ජීවිතය අර්ථය හා හිතසුව පිණිස යෙදවිය හැකි වන්නේ ධර්මානුකූල හර පද්ධතිය නිවැරැදිව අවබෝධ කරගෙන ඒ අනුව ක්‍රියාත්මක වීම තුළිනි. ආත්මාර්ථකාමීව අදහම දහම ලෙස අර්ථ දක්වමින් ස්වකීය ලාභය පිළිබඳව ම තර්කවල ගැටෙන අවස්ථාවාදී සිත් සතන්වලින් පරිපූර්ණ වූ පුද්ගලයන් සිටියි.වර්තමාන සමාජය විසින් ස්වභාවික පරිසර දූෂණය පිළිබඳ නිතර සාකච්ඡාවට භාජනය කරයි. පරිසරය ආරක්ෂා කර ගැනීම පිළිබඳව බුදු දහමේ කරුණු කාරණා දක්වා ඇත්තේ ද, මිනිසා විසින් ස්වභාවික පරිසරය විවිධාකාරයෙන් දූෂණයට ලක් කිරීම හේතුවෙනි. ස්වභාවික පරිසර දූෂණය, ශබ්ද දූෂණය හා වාත දූෂණය වශයෙන් පුද්ගලයා විසින් තමා ජීවත්වන වටපිටාව අපවිත්‍ර කරනු ලබයි. තමා ජීවත්වන පරිසරය අනවශ්‍ය ලෙස පුද්ගල පැවැත්මට අයහපත් වන ආකාරයේ ශබ්ද මඟින් පිරවීමෙන් ශබ්ද දූෂණය වීම තුළ පරිසර දූෂණය වන බව බුදුදහම කරුණු අවධාරණය කර ඇත. දූෂණය යන වචනයෙහි අර්ථය ලෙස අපවිත්‍ර කිරීම යන අදහස ගැබ්ව පවතී. ස්වභාවික පරිසරයට හිතකාමී වන ශබ්ද කෙතරම් පැවතිය ද ඒවා එම අර්ථයෙන් බුදුදහම සලකන්නේ නැත. මිනිසාට ජන්මයෙන් ම තම හඬ පිටකිරීමේ ශක්‍යතාවය ලැබෙන්නේ සංසාරගත පුණ්‍ය ශක්තියක බල මහිමයෙන් බව බුදු දහමේ අදහසයි. සමාජ යහපත, හිතසුව පිණිස අර්ථවත් කිරීම සඳහා පිටකරන හඬ උතුම්ම දානය වශයෙන් දක්වා ඇත. සබ්බදානං ධම්මදානං ජිනාති රටක දියුණුව පිණිසද එය ම හේතු වෙයි.
ගිහි ගෙදරට දහම් වැටක් :
පුද්ගලයෙකුට තමාගේ ජීවිතය අර්ථය හා හිතසුව පිණිස යෙදවිය හැකි වන්නේ ධර්මානුකූල හර පද්ධතිය නිවැරැදිව අවබෝධ කරගෙන ඒ අනුව ක්‍රියාත්මක වීම තුළිනි. ආත්මාර්ථකාමීව අදහම දහම ලෙස අර්ථ දක්වමින් ස්වකීය ලාභය පිළිබඳව ම තර්කවල ගැටෙන අවස්ථාවාදී සිත් සතන්වලින් පරිපූර්ණ වූ පුද්ගලයන් සිටියි.වර්තමාන සමාජය විසින් ස්වභාවික පරිසර දූෂණය පිළිබඳ නිතර සාකච්ඡාවට භාජනය කරයි. පරිසරය ආරක්ෂා කර ගැනීම පිළිබඳව බුදු දහමේ කරුණු කාරණා දක්වා ඇත්තේ ද, මිනිසා විසින් ස්වභාවික පරිසරය විවිධාකාරයෙන් දූෂණයට ලක් කිරීම හේතුවෙනි. ස්වභාවික පරිසර දූෂණය, ශබ්ද දූෂණය හා වාත දූෂණය වශයෙන් පුද්ගලයා විසින් තමා ජීවත්වන වටපිටාව අපවිත්‍ර කරනු ලබයි. තමා ජීවත්වන පරිසරය අනවශ්‍ය ලෙස පුද්ගල පැවැත්මට අයහපත් වන ආකාරයේ ශබ්ද මඟින් පිරවීමෙන් ශබ්ද දූෂණය වීම තුළ පරිසර දූෂණය වන බව බුදුදහම කරුණු අවධාරණය කර ඇත. දූෂණය යන වචනයෙහි අර්ථය ලෙස අපවිත්‍ර කිරීම යන අදහස ගැබ්ව පවතී. ස්වභාවික පරිසරයට හිතකාමී වන ශබ්ද කෙතරම් පැවතිය ද ඒවා එම අර්ථයෙන් බුදුදහම සලකන්නේ නැත. මිනිසාට ජන්මයෙන් ම තම හඬ පිටකිරීමේ ශක්‍යතාවය ලැබෙන්නේ සංසාරගත පුණ්‍ය ශක්තියක බල මහිමයෙන් බව බුදු දහමේ අදහසයි. සමාජ යහපත, හිතසුව පිණිස අර්ථවත් කිරීම සඳහා පිටකරන හඬ උතුම්ම දානය වශයෙන් දක්වා ඇත. සබ්බදානං ධම්මදානං ජිනාති රටක දියුණුව පිණිසද එය ම හේතු වෙයි.
පොසොන් සඳ දම් සිසිලෙන් නැහැවුණු කිලිනොච්චිය
නීලගිරි මහ සෑයෙන් සොයාගත් ශ්‍රී සර්වඥධාතු ප්‍රදර්ශනයක් පිළියන්දල මාවිත්තර දී
කරුවලබැද්ද සෙනසුන පූජා කිරීම 14 දා
සිරි විමලසිරි ඉංග්‍රීසි දහම් පාසල පළමු තැනට
සාමණේර නවක භික්ෂූන් වහන්සේ සඳහා ශිෂ්‍යාධාර 25 නමකට
”ලයිට් ඔෆ් ඒෂියා” තරගයෙන් නෙත්මා සහ නෙත්මි ජය ලබති
ඉතිරිය»
ඛුද්දක නිකායෙහි උදාන පාලිය: යසෝජ සූත්‍රය- දුක සැප කෙරෙහි නොසැලීම
පිනෙන් පිරි සිතින් පින් දෙන්න දෙවියන්ට
පණ්ඩිතයන් ඇසුරු කිරීම
මුලාව සහ ප්‍රමාදය
අසමසම ගුණ මහිම: උස්සංඛපාදො ච උද්ධග්ගලොමො ච
ජර මර සහ බර කරත්ත
තෙවළා බුදු වදන් අතරින් 36: දැහැමින් ගෙවන දිවිය උතුම්
සතිපට්ඨාන භාවනාව 59 : නිවැරැදි අදහස් වලට ගරු කරන්න නිවන දෙසටම යොමු වන්න
බුදුන් වහන්සේගේ ධර්ම පර්යේෂණයෙහි විශේෂත්වය
තැන්පත් සිතක වටිනාකම මිල කළ හැකිද?
බුද්ධ ශ්‍රාවකයන් වෙමු
පුරාණ ලංකාවේ බෞද්ධ කලා ශිල්ප 32: බොදු කලාකරුවන්ගේ දක්ෂතා හෙළිවන තිවංක පිළිමගෙය බිතුසිතුවම්
උපදේශාත්මක බණ කතා සාහිත්‍යය: දහමට නැඹුරු වූ කුරිරු සිත්
පූජාච පූජනියනං
සියවස සපිරෙන දෙල්ලව ශ්‍රී නාථාරාම විහාරය
© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]