[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

ගිහි ගෙදරට දහම් වැටක් :

පරිසරයෙහි සොඳුරු බව සුරකිමු

පුද්ගලයෙකුට තමාගේ ජීවිතය අර්ථය හා හිතසුව පිණිස යෙදවිය හැකි වන්නේ ධර්මානුකූල හර පද්ධතිය නිවැරැදිව අවබෝධ කරගෙන ඒ අනුව ක්‍රියාත්මක වීම තුළිනි. ආත්මාර්ථකාමීව අදහම දහම ලෙස අර්ථ දක්වමින් ස්වකීය ලාභය පිළිබඳව ම තර්කවල ගැටෙන අවස්ථාවාදී සිත් සතන්වලින් පරිපූර්ණ වූ පුද්ගලයන් සිටියි.වර්තමාන සමාජය විසින් ස්වභාවික පරිසර දූෂණය පිළිබඳ නිතර සාකච්ඡාවට භාජනය කරයි. පරිසරය ආරක්ෂා කර ගැනීම පිළිබඳව බුදු දහමේ කරුණු කාරණා දක්වා ඇත්තේ ද, මිනිසා විසින් ස්වභාවික පරිසරය විවිධාකාරයෙන් දූෂණයට ලක් කිරීම හේතුවෙනි. ස්වභාවික පරිසර දූෂණය, ශබ්ද දූෂණය හා වාත දූෂණය වශයෙන් පුද්ගලයා විසින් තමා ජීවත්වන වටපිටාව අපවිත්‍ර කරනු ලබයි. තමා ජීවත්වන පරිසරය අනවශ්‍ය ලෙස පුද්ගල පැවැත්මට අයහපත් වන ආකාරයේ ශබ්ද මඟින් පිරවීමෙන් ශබ්ද දූෂණය වීම තුළ පරිසර දූෂණය වන බව බුදුදහම කරුණු අවධාරණය කර ඇත. දූෂණය යන වචනයෙහි අර්ථය ලෙස අපවිත්‍ර කිරීම යන අදහස ගැබ්ව පවතී. ස්වභාවික පරිසරයට හිතකාමී වන ශබ්ද කෙතරම් පැවතිය ද ඒවා එම අර්ථයෙන් බුදුදහම සලකන්නේ නැත. මිනිසාට ජන්මයෙන් ම තම හඬ පිටකිරීමේ ශක්‍යතාවය ලැබෙන්නේ සංසාරගත පුණ්‍ය ශක්තියක බල මහිමයෙන් බව බුදු දහමේ අදහසයි. සමාජ යහපත, හිතසුව පිණිස අර්ථවත් කිරීම සඳහා පිටකරන හඬ උතුම්ම දානය වශයෙන් දක්වා ඇත. සබ්බදානං ධම්මදානං ජිනාති රටක දියුණුව පිණිසද එය ම හේතු වෙයි.


ඇසළ පුර අටවක පෝය

ඇසළ පුර අටවක පෝය ජූලි 09 වනදා අඟහරුවාදා පූර්ව භාග 05.24 ට ලබයි. 10 වනදා බදාදා පූර්ව භාග 03.30 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි 09 වනදා අඟහරුවාදාය.

මීළඟ පෝය ජූලි 16 වනදා අඟහරුවාදාය

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූලි 09

Full Moonපසෙලාස්වක

ජූලි 16

Second Quarterඅව අටවක

ජූලි 25

Full Moonඅමාවක

ජූලි 31


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]