ශ්‍රී බුද්ධ වර්ෂ 2562 ක් වූ බක් පුර අටවක පෝය දින රාජ්‍ය වර්ෂ 2019 අප්‍රේල් 12 වනදා සිකුරාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
සුමන මාලාකාර වෙත දහම් දෙසීම
මීළඟ පෝය අප්‍රේල් 19 වන දා සිකුරාදා.
පුර අටවක
අපේ‍්‍රල් 12
පසෙලාස්වක
අපේ‍්‍රල් 19
අව අටවක
අපේ‍්‍රල් 26
අමාවක
මැයි 04
සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය 18 වන වරටත් සංවිධානය කරන බෞද්ධාලෝක වෙසක් කලාපය මැයි මස 18 වන දින සිට 21 වන දින දක්වා ජනාධිපති කාර්යාලය හා ඒකාබද්ධව පැවැත්වීමට කටයුතු සූදානම් කරමින් පවතී. මෙවර බෞද්ධාලෝක වෙසක් කලාපය වෙනුවෙන් සම්මේලන භූමියේ ඉදි කෙරෙන තොරණට කප් සිටුවීම සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති ජගත් සුමතිපාල මහතාගේ සුරතින් ඉකුත් දා (27) සිදු කෙරිණි. මෙවර තොරණේ තේමාව වන්නේ කච්චානි ජාතකය යි. තොරණ උස අඩි 60 ක් ද පළලින් අඩි 60ක්ද විදුලි බුබුළු හතළිස් පන් දහසකට අධික ප්‍රමාණයකින්ද සමන්විත ය.
සිංහල හා හින්දු අලුත් අවුරුද්ද තුළින් වඩ වඩාත් ඉස්මතු වෙන්නේ අපේකමයි. භාෂාව, ආගම නිසා පුද්ගලයාගේ සිතුම්, පැතුම් ආදියේ ඇති වූ දියුණුවෙන් හා විනීතභාවයෙන් “අපේකම” පෝෂණය වෙයි. එහෙත් වර්තමානයේ අපේකම කුමක්දැයි හඳුනාගත නොහැකි තරමට ම අප ඇතැම්විට සංකර වෙමින් පවතී. සෙසු ජාතීන්ගෙන් තවත් ජාතියක් වෙනස් වන්නේ එම ජාතිය සතුව පවතින විචිත්‍රවත් වූ සංස්කෘතිකාංගවලිනි. සිරිත් විරිත්වලිනි. සංස්කෘතියෙන්, සිරිත් විරිත්වලින් ජාතියක් සුපෝෂිත වීමෙන් එම ජාතිය සෙසු ජාතීන් අතර සුවිශේෂ වේ. අභිමානවත් ප්‍රෞඩ ජාතියක් බවට පත්වෙයි. එබැවින් සිංහල හා හින්දු අලුත් අවුරුද්ද අපට වැදගත් වෙයි. වර්ෂයේ මාස දොළහක් තිස්සේ මේෂ රාශියේ සිට මීන රාශිය දක්වා ඒ ඒ රාශිවල ගමන්කර වසන්තය උදාකරමින් පැමිණි සූර්යයා භාග්‍යවන්ත මාසයේ හෙවත් බක් මාසයේ මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වී නව ගමන් වාරය අරඹන සුවිශේෂ දවස සිංහල අලුත් අවුරුද්ද ලෙස සැලකෙයි. සිංහලයන් පමණක් නොව හින්දු භක්තිකයෝ ද මෙම අලුත් අවුරුද්ද ‘හින්දු අවුරුද්දක්’ ලෙස සලකති. හින්දූන්ගේ උත්තරීතර දෙවියෝ වූ “ශිව දෙවියන්” සූර්ය වේශයෙන් සිට ලෝකයාට ආලෝකය බෙදා දෙන බව ඔවුහු විශ්වාස කරති. හින්දූන් ගේ විශ්වාසය වනුයේ මේ ලෝකයේ ජීවි අජීවි සියලුම වස්තූන්ට ම ශක්තිය ලබා දෙනුයේ සූර්ය දේවතාවා බව ය. එබැවින් මේ අවුරුදු සමය සිංහල අලුත් අවුරුද්ද ලෙස සැලකෙයි.
ධර්ම දේශනාව:
සුගත තථාගත අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර දෙව්රම් වෙහෙර වැඩවසන සමයෙහි එක්දහස් පන්සියයක් භික්ෂූන්වහන්සේ නිමිති කරගෙන මෙම ධර්ම දේශනාව ගෙනහැර දක්වා වදාළ සේක. සැවැත් නුවර එක්දහස් පන්සියයක් භික්ෂූන් වහන්සේ පන්සියය බැගින් වෙන් වෙන් වශයෙන් තුන් කොටසක් ව කමටහන්ගෙන භාවනා කිරීමට ප්‍රයත්න දැරූහ. එහෙත් කිසිවෙකුට මාර්ගඵල ලබා ගැනීමට නොහැකිවූයෙන් යළි කමටහන් ගැනීමට දෙව්රම් වෙහෙර බුදුරජාණන් වහන්සේ වෙත වැඩම වූ හ. තමන්ගේ පරමාර්ථයන් ඉෂ්ට සිද්ධ කරගැනීමට නොහැකිවූ බවත්, නැවත කමටහන් ඉගෙනයාම සඳහා පැමිණි බවත් භික්ෂුහු බුදුරදුන්ට සැලකර සිටියහ. අප බුදුරජාණන් වහන්සේ ඒ භික්ෂූන්ගේ අතීත භවයන් බලා වදාරා පෙර කස්සප බුදුරදුන් සමයෙහි අනිච්ච, දුක්ඛ, අනත්ත යන තිලකුණු භාවනා වඩා පුරුදු ඇතියන් බව දැන එම අරමුණුවලට ම මනස යොමු කිරීම සඳහා එම පැවිදිපිරිස කොටස් තුනකට වෙන්කොට වෙන වෙන ම ගාථා ධර්ම දේශනා කළ සේක.
මේ බක් මාසය යි. සෞභාග්‍යයෙන් හා සශ්‍රීකත්වයෙන් යුත් සමාජ වටපිටාවක් මෙ සමයෙහි දක්නට ලැබෙයි. තුරුලතා මල්ඵලවලින් බරව විසිතුරු සියොතුන් ගේ මිහිරි නාදයෙන් නෙත සිත පිනවන සුවබර සමයක් බක් මහෙන් ඇරඹිණි. බක් මහේ අලුත් අවුරුද්ද උදාවන්නේ සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශිය දක්වා සංක්‍රමණය වීම හේතුවෙනි. සිංහල බෞද්ධ හා හින්දු භක්තිකයන් මෙම අලුත් අවුරුදු උදාව සැමරීමට එක්වනුයේ ඉමහත් උනන්දුවකින් හා ඇල්මකින් යුක්තව යි. සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සූර්යයා මුල් කොටගෙන පවත්වන උළෙලකි. මෙකල එයට “සූර්ය මංගල්‍යය” යන නම ද ව්‍යවහාර කෙරෙයි. එහෙත් අපගේ පුරාතන උත්සව බොහොමයක් යෙදී තිබෙන්නේ චන්ද්‍රමාස ක්‍රමය අනුව ය. සූර්යයා මුල්කරගෙන පවත්වන එකම උළෙල මෙම බක් මහ උළෙල යි.
ජාතියේ අනන්‍යතාවය ඉස්මතු වී පෙනෙන හොඳම අවස්ථාවක් හැටියට සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සැලකිය හැකි ය. සිංහල අලුත් අවුරුදු සමයේ පැවැත්වෙන සිරිත් විරිත් – ආචාර සමාචාර – ගුණධර්ම, චර්යාධර්ම, සාරධර්ම ආදිය යළි මතු පරපුරට සිහි ගන්වන අවස්ථාවක් සිංහල අලුත් අවුරුදු දිනය සැලකිය හැකි ය. සිංහල හා හින්දු අලුත් අවුරුද්ද ‘සූර්ය මංගල්‍යය’ ලෙස ද හඳුන්වනු ලැබේ. සූර්ය මංගල්‍යය හෙවත් අලුත් අවුරුද්ද වෙනුවෙන් හැමදෙනාම ඉටුකළ යුතු චර්යා ධර්ම මාලාවක් පවතී.
මිහින්තලා ලේක්හවුස් කප්රුක් පූජාවෙන්...
වරාපිටියේ සුගතදස්සනාරාමයේ දී අටපිරිකර හා සිවුරු පූජාවක්
පොත් විත්ති
බොදු පුවත් (ඡායාරූප)
ඉතිරිය»
ඒහි පස්සික 08: සෑම ක්‍රියාවක්ම දහමට අනුව දැකීම
සසර තරණය 09: හේතූන්ගෙන් පෙළීම
තෙවළා බුදු වදන් අතරින් 27: බෙදා ගැනීමේ අගය ඔබ දන්නේ නම්...
ගිහි ගෙදරට දහම් වැටක්: ධර්මය ශ්‍රවණය කිරීමෙන් ඤාණ කෝෂය පුළුල් වේ
සිතට සිදුරු කුමටද?
බෝසත් දරුවන්ට: අපායේ දී විඳින දුක්
අග්ගමහා පණ්ඩිත දවුල්දෙණ ඤාණිස්සර මහා නාහිමි
පිරිත් දේශනාව 24: ආටානාටිය සූත්‍රය 2 කොටස
විශිෂ්ට ඉණිමඟ
උපදේශාත්මක බණ කතා සාහිත්‍යය: ආදර්ශවත් වූ වෙස්සා මිත්තා
වතුරුවිල හේමාලෝක හිමි
කැන්බරාහි ශ්‍රී ලංකා බෞද්ධ විහාරය: ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකික පිරිසක් ඉදිකළ දාගැබක්
මාතලේ ඉදි වූ ස්වෙදගොන් අනුරූ සෑය
© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]