[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

ධර්ම දේශනාව:

සසර දුකෙන් එතෙර වන මග

සුගත තථාගත අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර දෙව්රම් වෙහෙර වැඩවසන සමයෙහි එක්දහස් පන්සියයක් භික්ෂූන්වහන්සේ නිමිති කරගෙන මෙම ධර්ම දේශනාව ගෙනහැර දක්වා වදාළ සේක. සැවැත් නුවර එක්දහස් පන්සියයක් භික්ෂූන් වහන්සේ පන්සියය බැගින් වෙන් වෙන් වශයෙන් තුන් කොටසක් ව කමටහන්ගෙන භාවනා කිරීමට ප්‍රයත්න දැරූහ. එහෙත් කිසිවෙකුට මාර්ගඵල ලබා ගැනීමට නොහැකිවූයෙන් යළි කමටහන් ගැනීමට දෙව්රම් වෙහෙර බුදුරජාණන් වහන්සේ වෙත වැඩම වූ හ. තමන්ගේ පරමාර්ථයන් ඉෂ්ට සිද්ධ කරගැනීමට නොහැකිවූ බවත්, නැවත කමටහන් ඉගෙනයාම සඳහා පැමිණි බවත් භික්ෂුහු බුදුරදුන්ට සැලකර සිටියහ. අප බුදුරජාණන් වහන්සේ ඒ භික්ෂූන්ගේ අතීත භවයන් බලා වදාරා පෙර කස්සප බුදුරදුන් සමයෙහි අනිච්ච, දුක්ඛ, අනත්ත යන තිලකුණු භාවනා වඩා පුරුදු ඇතියන් බව දැන එම අරමුණුවලට ම මනස යොමු කිරීම සඳහා එම පැවිදිපිරිස කොටස් තුනකට වෙන්කොට වෙන වෙන ම ගාථා ධර්ම දේශනා කළ සේක.


බක් පුර අටවක පෝය

බක් පුර අටවක පෝය අප්‍රේල් 12 වන දා සිකුරාදා අපර භාග 01.23 ට ලබයි.  13 වන දා සෙනසුරාදා පූර්ව භාග 11.41 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අප්‍රේල් 12 වන දා සිකුරාදා ය.

මීළඟ පෝය අප්‍රේල් 19 වන දා සිකුරාදා.

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අපේ‍්‍රල් 12

Full Moonපසෙලාස්වක

අපේ‍්‍රල් 19

Second Quarterඅව අටවක

අපේ‍්‍රල් 26

Full Moonඅමාවක

මැයි 04


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]