[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකික පිරිසක් ඉදිකළ දාගැබ

කැන්බරාහි ශ්‍රී ලංකා බෞද්ධ විහාරය:

ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකික පිරිසක් ඉදිකළ දාගැබක්

 

ඕස්ට්‍රේලියාවේ ‘කැලෑවෙන් වටවූ මහ නගරය’ ලෙස ප්‍රකට කැන්බරා හි ඇත්ලන් සහ ඩ්‍රැක්තෝර්ඩ් ඩ්‍රයිව් ප්‍රධාන මාවත් හමුවන ටුගරැනොන්ග්වල තුරු මුදුන්වලට ඉහළින් සුදෝ සුදු පැහැයෙන් බබළන අහසට යොමු වූ ඉදිකිරීම එරට වෙන කොතැනකදීවත් දක්නට නොලැබෙන අමුත්තක් ලෙස ස්වදේශිකයන්ට හැඟෙන්නට ඉඩ ඇත. කැන්බරාවල ඉදිකළ ප්‍රථම දාගැබ වූ මෙය ආසියානු රටක බෙද්ධයන්ගේ දායකත්වයෙන් බිහි වූ ප්‍රථම දාගැබ වේ. එය පිහිටා ඇත්තේ පේන්ක් ස්ර්කිට් අසල පිහිටි ශ්‍රී ලාංකික බෞද්ධ පන්සල් සංකීර්ණයේ ය. මීටර් එකොළහක් උසින් සහ මීටර් හයයි දශම හතක විශ්කම්භයකින් යුක්ත මේ ආකෘතිය ක්‍රමිකව ඉදිකිරීම ආරම්භ කෙරුණේ 2017 වසරේ සිට ය. ශ්‍රී ලාංකික සහ ස්වදේශීය තාක්ෂණයෙන් ඉදිකළ අතර, ශ්‍රී ලාංකික ප්‍රජාවට පිදුණ හිතමිතුරු තිළිණයක් ම විය. ආහාර සැණකෙළි ප්‍රදාන සහ වෙනත් ආකාරයෙන් ආධාර රැස් කිරීම්වලින් මේ සඳහා අවශ්‍ය දායකත්වය තර කෙරිණි. දාගැබේ මූලික අදියරයන් වෘත්තීය සුදුසුකම් ඇති කොන්ත්‍රාත්කරුවන් සහ පෙදරේරුවන් අතින් සිදුකළ අතර අවසාන අදියරේ දී ස්වේච්ඡාවෙන් දායක වූ පිරිස අති මහත් ය. 


බක් පුර අටවක පෝය

බක් පුර අටවක පෝය අප්‍රේල් 12 වන දා සිකුරාදා අපර භාග 01.23 ට ලබයි.  13 වන දා සෙනසුරාදා පූර්ව භාග 11.41 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අප්‍රේල් 12 වන දා සිකුරාදා ය.

මීළඟ පෝය අප්‍රේල් 19 වන දා සිකුරාදා.

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අපේ‍්‍රල් 12

Full Moonපසෙලාස්වක

අපේ‍්‍රල් 19

Second Quarterඅව අටවක

අපේ‍්‍රල් 26

Full Moonඅමාවක

මැයි 04


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]