[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 ආදර්ශවත් වූ වෙස්සා මිත්තා

 ආදර්ශවත් වූ වෙස්සා මිත්තා

බෞද්ධ ලෝකයේ උත්තරීතර පදවිය වූ ලොව්තුරා බුද්ධත්වයට බෝසතාණන් වහන්සේ නමක් පත්වන්නේ කල්ප ගණනක් පෙරුම් දම් පිරීමෙන් ලැබෙන ආනිශංස මත ය. මිනිස් දෙව් බඹුනට දේශනා කරන ලද එවන් ශ්‍රේෂ්ට නායකයකුගේ අකාලික වූ ධර්මය ද සත්ත්වයා සසරින් එතෙර කරවයි.

තථාගතයන් වහන්සේ හා උන්වහන්සේගේ ප්‍රතිබල සම්පන්න වූ නෛර්යානික සද්ධර්මය අනුගමනය කළ සැරියුත්, මුගලන් ආදී පුණ්‍ය ක්ෂේත්‍රවූ සංඝරත්නය ලෝකයා සසර කතරින් එතෙර කරවීමට මග පෙන්වන උතුම් රත්නයකි. ඕනෑම අයෙකු මෙම මහාර්ඝ ත්‍රිවිධ රත්නයට ප්‍රසාදය පළකරන්නේ නම්, ගුණ විශ්වාස කරන්නේ නම්, තිසරණය අනුගමනය කරන්නේ නම්, ඊට විරුද්ධ වූ පාපයන්ගෙන් වළකින්නේ නම් , එවැනි පුද්ගලයෝ පවින් මිදුණෝ වෙති. රත්නත්‍රයේ බලයෙන් හෝ ඔවුහු අන්‍යයන් පවා එකතු කරගනිමින් අයහපත් දෙයින් මිදෙති. යහදහමෙහි පෝෂණය වෙති. නිවන පසක් කරගනිති.

බිරිඳක් ලෙස කාන්තාවක් සතු ගුණාංගත්වය පිළිබිඹු කරන දෙවන ධර්මකීර්ති හිමියන් විසින් රචනා කරන ලද සද්ධර්මාලංකාරයේ වෙස්සා මිත්තා නම් කතාවස්තුව එදාට මෙන්ම අදටත් ඉතා වටිනා කතාවකි. දකින, බලන, අසන අයගේ සිත් ඇදී යන එම කතාවෙන් ප්‍රකාශවන පි‍්‍රයංකර තරුණියකගේ හැසිරීම ගැන මදක් සිතා බලන්න.

සිද්ධාර්ථ නම් බෝසතාණන් වහන්සේ භාරතයේ ජම්බුද්වීපයේ උපත ලබා අන්තිම ආත්ම භාවයේ දී මරසෙන් පරදවා වෙසඟ දින සම්මා සම්බුද්ධත්වයට පත් වූ සේක. එක්තරා සමයක දඹදිව ගම් නියම්ගම්වල වැඩමවා දම් දෙසමින් කොසඹෑනුවර සමීපයෙහි සුංසුමාරගිර පර්වතයේ වැඩ වසන සේක. එවිට කොසඹෑනුවර රජුගේ අගබිසව වූ දුටුවන් පහදවන වෙස්සා මිත්තා තම ස්වාමියා සමඟ සුංසුමාර විහාරයට ගොස් බුදුරජාණන් වහන්සේගෙන් බණ අසා බුදුරජාණන් වහන්සේ කෙරෙහිත්, ධර්මය කෙරෙහිත්, සංඝරත්නය කෙරෙහිත්, ප්‍රසාදයට පත්ව ශ්‍රද්ධා පෙරදැරිව වාසය කරන්නී ය. අනතුරුව ටික කලකින් එරට ප්‍රාදේශීය රජෙකු කොසඹෑනුවර ප්‍රධාන රාජ්‍ය ඇල්ලීමට කඳවුරු බැඳගෙන ප්‍රධාන රජතුමාට විරුද්ධව යුද්ධ කරන බවට දැන්වී ය. ප්‍රධාන රජතුමා ද යුද්ධයට සූදානම් වී තම වෙස්සා මිත්තා බිසව ද සමඟ යුද බිම බලා ගියේ ය. අතරමග දී මදක් නතරවී සිට, බිසවට මෙසේ කීය. ආදරණීය බිසවනි, යුද්ධයෙන් ජය පරාජය වීම කුමන රජුට උරුම වේදැයි සිතිය නොහැකි ය. එතැනින් එපිට නොගොස් මෙතැන නවතින්න. මා පරාජය වුවහොත් යුද බිමේ රතු කොඩියක් ඔසවමි. එවිට ඔබ යන්න. යනුවෙන් අණ කොට සිවුරඟ සෙනඟ ගෙන ගියේ ය. නිර්භීත රජතුමා සිවුරඟ සෙනග සමඟ සතුරන් පරදවා ඉදිරියටම ගියේය. එහෙත් ගතවූයේ නිමේෂයකි. සතුරා ඉදිරියේ පරාජය වන බව දැනගත්තේ ය. එවිට කලින් කී පරිදි රතු කොඩියක් අහසට ඔසවා රණ බිමේදී ම ඇද වැටුණේ ය.රතු කොඩිය දුටු වෙස්සා මිත්තා බිසව කොසඹෑ නුවර මාලිගය බලා යාමට පිටත් වූවා ය. කුමරිය පිටත්වෙනු දුටු සතුරු සේනාව කුමරිය අල්ලා යුද්ධය දිනූ පරසතුරු රජුට බාර දුන්නේ ය. රූපශ්‍රීයෙන් විරාජමානවූත්. තේජාන්විතවූත් රජතුමා දැන්ම අභිෂේක කොට අගමෙහෙසි තනතුරෙහි පිහිටුවන ලෙස ඇමතිවරුන්ට විධානය කළේ ය. අභිෂේක කිරීමට එකඟවන ලෙස කුමරියට ආයාචනා කළේ ය.

එවිට කුමරිය අභිෂේක කොට අගමෙහෙසුන් වීම ප්‍ර‍්‍රතික්ෂේප කරන බව රජතුමාට දැන්වූ හ. මේ බව ඇසූ රජතුමා අගබිසව තනතුරට අකමැති ඇයිදැයි වෙස්සා මිත්තාව රජගෙට කැඳවා ඇසී ය. එම අවස්ථාවේ ඇය මෙසේ කීවා ය.

බක් පුර අටවක පෝය

බක් පුර අටවක පෝය අප්‍රේල් 12 වන දා සිකුරාදා අපර භාග 01.23 ට ලබයි.  13 වන දා සෙනසුරාදා පූර්ව භාග 11.41 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අප්‍රේල් 12 වන දා සිකුරාදා ය.

මීළඟ පෝය අප්‍රේල් 19 වන දා සිකුරාදා.

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අපේ‍්‍රල් 12

Full Moonපසෙලාස්වක

අපේ‍්‍රල් 19

Second Quarterඅව අටවක

අපේ‍්‍රල් 26

Full Moonඅමාවක

මැයි 04

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk