[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

සිරිතට විරිතට මුල්තැන දෙමු

සිංහල හා හින්දු අලුත් අවුරුද්ද තුළින් වඩ වඩාත් ඉස්මතු වෙන්නේ අපේකමයි. භාෂාව, ආගම නිසා පුද්ගලයාගේ සිතුම්, පැතුම් ආදියේ ඇති වූ දියුණුවෙන් හා විනීතභාවයෙන් “අපේකම” පෝෂණය වෙයි. එහෙත් වර්තමානයේ අපේකම කුමක්දැයි හඳුනාගත නොහැකි තරමට ම අප ඇතැම්විට සංකර වෙමින් පවතී. සෙසු ජාතීන්ගෙන් තවත් ජාතියක් වෙනස් වන්නේ එම ජාතිය සතුව පවතින විචිත්‍රවත් වූ සංස්කෘතිකාංගවලිනි. සිරිත් විරිත්වලිනි. සංස්කෘතියෙන්, සිරිත් විරිත්වලින් ජාතියක් සුපෝෂිත වීමෙන් එම ජාතිය සෙසු ජාතීන් අතර සුවිශේෂ වේ. අභිමානවත් ප්‍රෞඩ ජාතියක් බවට පත්වෙයි. එබැවින් සිංහල හා හින්දු අලුත් අවුරුද්ද අපට වැදගත් වෙයි. වර්ෂයේ මාස දොළහක් තිස්සේ මේෂ රාශියේ සිට මීන රාශිය දක්වා ඒ ඒ රාශිවල ගමන්කර වසන්තය උදාකරමින් පැමිණි සූර්යයා භාග්‍යවන්ත මාසයේ හෙවත් බක් මාසයේ මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වී නව ගමන් වාරය අරඹන සුවිශේෂ දවස සිංහල අලුත් අවුරුද්ද ලෙස සැලකෙයි. සිංහලයන් පමණක් නොව හින්දු භක්තිකයෝ ද මෙම අලුත් අවුරුද්ද ‘හින්දු අවුරුද්දක්’ ලෙස සලකති. හින්දූන්ගේ උත්තරීතර දෙවියෝ වූ “ශිව දෙවියන්” සූර්ය වේශයෙන් සිට ලෝකයාට ආලෝකය බෙදා දෙන බව ඔවුහු විශ්වාස කරති. හින්දූන් ගේ විශ්වාසය වනුයේ මේ ලෝකයේ ජීවි අජීවි සියලුම වස්තූන්ට ම ශක්තිය ලබා දෙනුයේ සූර්ය දේවතාවා බව ය. එබැවින් මේ අවුරුදු සමය සිංහල අලුත් අවුරුද්ද ලෙස සැලකෙයි.


බක් පුර අටවක පෝය

බක් පුර අටවක පෝය අප්‍රේල් 12 වන දා සිකුරාදා අපර භාග 01.23 ට ලබයි.  13 වන දා සෙනසුරාදා පූර්ව භාග 11.41 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අප්‍රේල් 12 වන දා සිකුරාදා ය.

මීළඟ පෝය අප්‍රේල් 19 වන දා සිකුරාදා.

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අපේ‍්‍රල් 12

Full Moonපසෙලාස්වක

අපේ‍්‍රල් 19

Second Quarterඅව අටවක

අපේ‍්‍රල් 26

Full Moonඅමාවක

මැයි 04


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]