[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පොත් විත්ති

පොත් විත්ති

අජාන් චා මහ තෙරුන්ගේ “භාවනා මාර්ගය සහ නිර්වාණාවබෝධය”

පරිවර්තක – තිලක කුඩාහෙට්ටි
ප්‍රකාශකයෝ - සාහිත පොත් පියස

අජාන් චා හිමියන්ගේ “ නිර්වාණ දේශනා”, “කායිව් රහත් තෙරණිය”, “සිතේ විස්මිත හාස්කම්”, “සතිය භාවනාව සහ නිවන් මග“ යනාදී ජනපි‍්‍රය කෘති රැසක් පරිවර්තනය කළ තිලක කුඩාහෙට්ටි සූරීන්ගේ නවතම ග්‍රන්ථය “භාවනා මාර්ගය සහ නිර්වාණාවබෝධය” නමින් නොබෝදා දොරට වැඩිණි. තායිලන්තයේ මෑතකාලයේ වනවාසීව වැඩසිටි රහතන් වහන්සේ නමක ලෙස ප්‍රකට අජාන් චා තෙරුන්ගේ ( ර්‍ථචබඩ බධ ර්‍ථඥචජඥ) නමැති කෘතිය ඇසුරෙන් සිංහලයට පරිවර්තනය කෙරුණු මෙම කෘතිය “සාහිත පොත් පියස” මගින් ප්‍රකාශයට පත්කොට තිබේ. මෙම “භාවනා මාර්ගය සහ නිර්වාණාවබෝධය” කෘතියෙහි අජාන් චා තෙරුන් කළ ධර්ම ය දේශනා, ධර්ම සාකච්ඡා සහ භාවනා කමටහන් ආදී උපදෙස් රැසක් අන්තර්ගත වේ.


සුන්දර මියන්මාරයේ රමණීය බොදු පුදබිම්

කර්තෘ - ධර්මදාස පණ්ඩිතරත්න
ප්‍රකාශනය – විශ්ව පොත් මැඳුර සහ ප්‍රකාශකයෝ

යක්කල, විශ්ව පොත් මැදුර සහ ප්‍රකාශකයෝ විසින් ප්‍රකාශයට පත් කරන ලද අලුත්ම කෘතියකි. මියන්මාරයේ සිදුකළ සංචාරයකින් අනතුරුව මෙම කෘතිය සම්පාදනය කර ඇති අතර, යැන්ගොන්, බාගෝ, මැන්ඩලේ, ක්වයිටියෝ, නෙපිඩෝ, බැගෑන්, පින්ඩයා යන නගරවල බොදු පුදබිම්වල තොරතුරු මෙම කෘතියට ඇතුළත් ය. මියන්මාරයේ සංචාරය සඳහා යන වන්දනාකරුවන්ට / සංචාරකයින්ට මෙම කෘතිය වැදගත් වන බව කතුවරයා කියයි.

බක් පුර අටවක පෝය

බක් පුර අටවක පෝය අප්‍රේල් 12 වන දා සිකුරාදා අපර භාග 01.23 ට ලබයි.  13 වන දා සෙනසුරාදා පූර්ව භාග 11.41 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අප්‍රේල් 12 වන දා සිකුරාදා ය.

මීළඟ පෝය අප්‍රේල් 19 වන දා සිකුරාදා.

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අපේ‍්‍රල් 12

Full Moonපසෙලාස්වක

අපේ‍්‍රල් 19

Second Quarterඅව අටවක

අපේ‍්‍රල් 26

Full Moonඅමාවක

මැයි 04

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]