UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුද්ධ ජයන්ති ත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස ප්‍රකාශ කිරීමේ
ජාතික මහෝත්සවය 5 වනදා

තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය අන්තර්ගත උතුම් බුද්ධ ජයන්ති ත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස ප්‍රකාශ කිරීමේ ජාතික මහෝත්සවය තෛ‍්‍රනිකායික අතිපූජනීය මහානායක ස්වාමීන් වහන්සේලාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහභාගිත්වයෙන් ජනවාරි 05 වනදා පෙරවරු 9 ට ඓතිහාසික මාතලේ අලුවිහාරයේ දී පැවැත්වේ.

ඉතිරිය»

බුද්ධජයන්ති ත්‍රිපිටකය ජාතික උරුමයක් බවට පත් කිරීම

 

ව්‍යවහාර වර්ෂ එක්දහස් නවසිය පනස් හයේ දී සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් සිදුකළ මාහැඟි ශාසනික මෙහෙවරක් ලෙස සිංහල අකුරෙන් පැවැති පාලි ත්‍රිපිටක ග්‍රන්ථ (සමස්ත බුද්ධ දේශනාවම) සංශෝධනය කොට, ශුද්ධ කොට තහවුරු කිරීම හා අට්ඨකථානය හෙවත් ථේරවාදී සම්ප්‍රදාය භාවිත කරමින් සිංහලට පරිවර්තනය කිරීම අතිශය වැදගත් කාර්යයක් විය. මෙම කාර්යයේ දී පාලි සිංහල භාෂාවන්හි මෙන්ම ධර්ම විනය පිළිබඳ මනා පටුත්වයක් ඇති අග්‍රගණ්‍ය පැවිදි පඬිවරුන් රැසක් ක්‍රියාත්මක වූ බවත්, උන්වහන්සේලා වසර තිහකට අධික කාලයක් ඉතා සියුම් ලෙසත්, නිවැරැදි ලෙසත් මෙම කාර්යය මහත් ශාසන දයාවෙන් යුතුව සිදුකළ බවත් ඉතා පැහැදිලි ය. එසේ තහවුරු භාවයට පත්කළ ත්‍රිපිටක පෙළ හා සිංහල පරිවර්තනය බුද්ධජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථමාලාව ලෙසින් සම්භාවනීයත්වයෙන් වැජඹෙමින් ධර්මාධ්‍යයනයට හා විමුක්ති සාධනයට මහදුපකාරී වී පවතී. එසේ නිවැරැදි පෙළ හා අරුත් දනවන ත්‍රිපිටකයට බාහිර වූ අර්ථ ඇතුළු කිරීමටත්, පෙළ විකෘති කොට ස්වාභිමතය තුළ අරුත් සම්පාදනය කිරීමටත්, විකාර ස්වරූපී අර්ථකථන, විකාරරූපී සංශෝධන හරහා ශාසන විලෝපකාරීන් තැත් දරණ මෙවන් යුගයක ශ්‍රී ලාංකේය ථේරවාදී බෞද්ධ සම්ප්‍රදාය විසින් පිළිගන්නා ත්‍රිපිටකය මේ යැයි තහවුරු කොට තැබීම අතිශය වැදගත් කාර්යයකි. එම කාර්යය ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪකිරීම, බුද්ධජයන්ති ත්‍රිපිටක සංස්කරණ ක්‍රියාවලිය මෙන්ම කාලීන වශයෙන් වැදගත් බව මෙහිලා මූලිකව සටහන් තබමු.

ඉතිරිය»

ධර්ම දේශනාව:

සසර දුකින් මිදීමට නම් ...

 

බුදුරජාණන් වහන්සේ සුජිවත් අයට දේශනා කළ මජ්ක්‍ධිම නිකායේ උතුම් දහමක් පිළිබඳ රාජවග්ගයට අයත් රට්ඨපාල සූත්‍රය තුළින් පැහැදිලි වේ. එහි දී පැහැදිලි වන්නේ චුල්ලකොට්ටික නියම් ගමේ දී බුදුරදුන් දේශනා කළ ධර්මය අංග රට්ඨපාල නම් විවාහ වූ කුමරුවෙකු පැහැදී පැවිදි වීමට මඟ පාදා ගන්නා කතා පුවතකි. බුදුරදුන් කල කෙනෙක් පැවිදි වූයේ නම්, ඒ ගිහි ජීවිතය හා සැප සම්පත් පිළිබඳ කළකිරීම හා නිවන එකම අරමුණ කොට ගෙන ම ය. රට්ඨපාල කුමරා ද මව්පියනට සිටි එකම පුතණුවන් වූ අතර බිරින්දෑවරුන්ගේ ආදර සැලකිල්ලේ ද කිසිදු අඩුවක් නොවී ය. වස්තු සම්පත්හි අඩුවක් ද නොවී ය. මව්පියන්ගේ ආදරයේ අඩුවක් ද නොවී ය. නමුදු පැවිදි වීම සිදු විය. එයට හේතුව බුදුරදුන්ගේ ධර්මය අසා අවබෝධ කරගත් දහම් කරුණු කිහිපයක් මුල් වීම ය. කෝරව්‍ය රජතුමා රට්ඨපාල හිමිගෙන් පැවිදිවීමට හේතුව ප්‍රශ්න කළ කල්හි රට්ඨපාල හිමි එයින් සුවිශේෂී කරුණු හතරක් පිළිබඳ රජතුමාට පැහැදිලි කර දුන්හ. එම කරුණු පුහුදුන් සත්වයා යථාර්ථවාදී ව දන්නේ නම්, සුජීවත්ව වසන කාට වුව ද සසර විමුක්තියක් ඇතිකර ගැනීමට පුළුවන.

ඉතිරිය»

 

ගංවතුරෙන් විපතට පත් උතුරු පළාතේ ජනතාවට සහනාධාර දෙන්නැයි

සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයෙන් ඉල්ලීමක්

ගංවතුරෙන් විපතට පත් උතුරු පළාතේ ජනතාවට සහනාධාර ලබාදීම සඳහා දායකවන්නැයි සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලය මගින් සියලු දිසා සහ ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩල සභාපති හිමිවරුන් වෙත සහ ලේඛකාධිකාරී හිමිවරුන් වෙතින් ඉල්ලීමක් කර ඇත. සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ ප්‍රධාන සභාපති ආචාර්ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමියන් සහ ප්‍රධාන ලේඛකාධිකාරී ගෝනදූවේ ගුණානන්ද හිමියන්ගේ අත්සනින් යුක්තව නිවේදනයක් මගින් කර ඇති එම ඉල්ලීම පහත දැක්වේ. 

ඉතිරිය»

බුද්ධ ජයන්ති ත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස ප්‍රකාශ කිරීමේ ජාතික මහෝත්සවය ජනාධිපතිතුමාගේ සහභාගිත්වයෙන් දුරුතු මස 05 වනදා පෙරවරු 9.00ට ඓතිහාසික මාතලේ අලුවිහාරයේ දී...

 

උඳුවප් අමාවක පෝය


උඳුවප් අමාවක පෝය ජනවාරි 5 වන දා සෙනසුරාදා පූර්ව භාග 04.57 ට ලබයි. 6 වනදා ඉරිදා පූර්ව භාග 06.58 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 05 වනදා සෙනසුරාදා ය.

 

මීළඟ පෝය ජනවාරි 14 වනදා සඳුදා.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජනවාරි 05

First Quarterපුර අටවක

ජනවාරි 14

Full Moonපසෙලාස්වක

ජනවාරි 20

Second Quarterඅව අටවක

ජනවාරි 27


2019 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


ඉතිරිය»

 

ඉතිරිය»

 

ඉතිරිය»

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]