UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

බුද්ධජයන්ති ත්‍රිපිටකය ජාතික උරුමයක් බවට පත් කිරීම

 

ව්‍යවහාර වර්ෂ එක්දහස් නවසිය පනස් හයේ දී සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් සිදුකළ මාහැඟි ශාසනික මෙහෙවරක් ලෙස සිංහල අකුරෙන් පැවැති පාලි ත්‍රිපිටක ග්‍රන්ථ (සමස්ත බුද්ධ දේශනාවම) සංශෝධනය කොට, ශුද්ධ කොට තහවුරු කිරීම හා අට්ඨකථානය හෙවත් ථේරවාදී සම්ප්‍රදාය භාවිත කරමින් සිංහලට පරිවර්තනය කිරීම අතිශය වැදගත් කාර්යයක් විය. මෙම කාර්යයේ දී පාලි සිංහල භාෂාවන්හි මෙන්ම ධර්ම විනය පිළිබඳ මනා පටුත්වයක් ඇති අග්‍රගණ්‍ය පැවිදි පඬිවරුන් රැසක් ක්‍රියාත්මක වූ බවත්, උන්වහන්සේලා වසර තිහකට අධික කාලයක් ඉතා සියුම් ලෙසත්, නිවැරැදි ලෙසත් මෙම කාර්යය මහත් ශාසන දයාවෙන් යුතුව සිදුකළ බවත් ඉතා පැහැදිලි ය. එසේ තහවුරු භාවයට පත්කළ ත්‍රිපිටක පෙළ හා සිංහල පරිවර්තනය බුද්ධජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථමාලාව ලෙසින් සම්භාවනීයත්වයෙන් වැජඹෙමින් ධර්මාධ්‍යයනයට හා විමුක්ති සාධනයට මහදුපකාරී වී පවතී. එසේ නිවැරැදි පෙළ හා අරුත් දනවන ත්‍රිපිටකයට බාහිර වූ අර්ථ ඇතුළු කිරීමටත්, පෙළ විකෘති කොට ස්වාභිමතය තුළ අරුත් සම්පාදනය කිරීමටත්, විකාර ස්වරූපී අර්ථකථන, විකාරරූපී සංශෝධන හරහා ශාසන විලෝපකාරීන් තැත් දරණ මෙවන් යුගයක ශ්‍රී ලාංකේය ථේරවාදී බෞද්ධ සම්ප්‍රදාය විසින් පිළිගන්නා ත්‍රිපිටකය මේ යැයි තහවුරු කොට තැබීම අතිශය වැදගත් කාර්යයකි. එම කාර්යය ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪකිරීම, බුද්ධජයන්ති ත්‍රිපිටක සංස්කරණ ක්‍රියාවලිය මෙන්ම කාලීන වශයෙන් වැදගත් බව මෙහිලා මූලිකව සටහන් තබමු.

ඉතිරිය»

 

උඳුවප් අමාවක පෝය


උඳුවප් අමාවක පෝය ජනවාරි 5 වන දා සෙනසුරාදා පූර්ව භාග 04.57 ට ලබයි. 6 වනදා ඉරිදා පූර්ව භාග 06.58 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 05 වනදා සෙනසුරාදා ය.

 

මීළඟ පෝය ජනවාරි 14 වනදා සඳුදා.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජනවාරි 05

First Quarterපුර අටවක

ජනවාරි 14

Full Moonපසෙලාස්වක

ජනවාරි 20

Second Quarterඅව අටවක

ජනවාරි 27


2019 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]