UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ගංවතුරෙන් විපතට පත් උතුරු පළාතේ ජනතාවට සහනාධාර දෙන්නැයි සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයෙන් ඉල්ලීමක්

ගංවතුරෙන් විපතට පත් උතුරු පළාතේ ජනතාවට සහනාධාර දෙන්නැයි

සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයෙන් ඉල්ලීමක්

ගංවතුරෙන් විපතට පත් උතුරු පළාතේ ජනතාවට සහනාධාර ලබාදීම සඳහා දායකවන්නැයි සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලය මගින් සියලු දිසා සහ ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩල සභාපති හිමිවරුන් වෙත සහ ලේඛකාධිකාරී හිමිවරුන් වෙතින් ඉල්ලීමක් කර ඇත.

සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ ප්‍රධාන සභාපති ආචාර්ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමියන් සහ ප්‍රධාන ලේඛකාධිකාරී ගෝනදූවේ ගුණානන්ද හිමියන්ගේ අත්සනින් යුක්තව නිවේදනයක් මගින් කර ඇති එම ඉල්ලීම පහත දැක්වේ.

පසුගියදා ඇති වූ ගංවතුරෙන් මුලතිව් හා කිලිනොච්චි දිස්ත්‍රික්කවල දහස් සංඛ්‍යාත ජනතාවක් විපතට පත්ව ඇති බවත්, ඔවුන්ට කඩිනමින් සහනාධාර ලබාදිම අවශ්‍ය බවත් මාධ්‍ය මගින් ප්‍රචාරය විය. රටවාසී ජනතාව විපතට පත් වූ සෑම අවස්ථාවකම ජාති, ආගම් භේදවලින් තොරව මහා සංඝරත්නය පෙරමුණ ගෙන ක්‍රියාකර ඇත. සුනාමි ව්‍යසනයේ දී විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා ස්වකීය විහාරස්ථානවල රැකවරණ සලසාදී ඔවුන්ට පිහිට වූආකාරය විපතට පත්වූවන්ගේ සිත් තුළ තවමත් රැඳී ඇති බව සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලය පවසයි. කොටි ත්‍රස්තවාදීන්ට එරෙහිව තිස් වසරක් මුළුල්ලේ පැවති යුද්ධය ජයග්‍රහණය කළ වහාම 2009 මැයි මස 27 වන දින යුද්ධයෙන් අවතැන් වූ උතුරේ ජනතාවට සහනාධාර ලබාදීමේ වැඩපිළිවෙලක් සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලය මගින් ක්‍රියාත්මක කළ අතර 500 ක පමණ මහා සඟරුවන ඊට සහභාගී වූ බව මතකයේ ඇතැයි සිතන බවද එම මණ්ඩලය පවසයි.

පසුගියදා ඇති වූ ගංවතුරෙන් විපතට පත් උතුරේ ජනතාවට සහනාධාර ලබාදීමේ වැඩපිළිවෙලක් බුද්ධ ශාසන අමාත්‍යංශයේ ද අනුග්‍රහයෙන් ක්‍රියාත්මක කිරීමට සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලය අපේක්ෂා කර ඇත. 2019 ජනවාරි මස මුල් සතියේ දී මුලතිව්, කිලිනොච්චි දිස්ත්‍රික්කවලට වැඩම කර විපතට පත් ජනතාවට සහනාධාර බෙදාදීම සුදුසු යැයි සිතන බවද එම සංගමය සඳහන් කරයි.

ඒ සඳහා ඔබ වහන්සේගේ ශාසනාරක්ෂක මණ්ඩලය මඟින් වියළි ආහාර, ඇඳුම් ආදී ද්‍රව්‍ය හැකිතාක් එක් රැස් කිරීමට කටයුතු කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටින බවද ඔබ වහන්සේගේ ශාසනාරක්ෂක මණ්ඩලයෙන් එක්රැස් කරන ආධාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට හෝ දිසා ශාසනාරක්ෂක මණ්ඩලය තීරණය කරන වෙනත් ස්ථානයකට භාරදෙනු මැනවි.

එක් එක් දිස්ත්‍රික්කවලින් එකතු කරන ආධාර උතුරට රැගෙනයාම සඳහා ප්‍රවාහන පහසුකම් සැලැස්වීමට ද අපේක්ෂා කරමු. සහනාධාර 2019 ජනවාරි 5 වන දිනට පෙර එක්රැස් කළ යුතු ය. සහනාධාර රැගෙන උතුරට වැඩම කරන දිනය පසුව දැනුම් දෙන බව ද සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලය පවසයි. එහෙයින් අත්‍යවශ්‍ය හා හදිසි කාර්යයක් සේ සලකා ද්‍රව්‍ය හැකිතාක් ප්‍රමාණයක් එක්රැස් කර මෙම ප්‍රජා සත්කාර සේවාවට දායක වන මෙන් මෙත් සිත් පෙරටුව ඉල්ලමු යැයි සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ ප්‍රධාන සභාපති ආචාර්ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමියන් සහ ප්‍රධාන ලේඛකාධිකාරී ගෝනදූවේ ගුණානන්ද නාහිමිවරුන්ගේ අත්සනින් යුත් නිවේදනයෙහි දැක්වේ.

 

උඳුවප් අමාවක පෝය


උඳුවප් අමාවක පෝය ජනවාරි 5 වන දා සෙනසුරාදා පූර්ව භාග 04.57 ට ලබයි. 6 වනදා ඉරිදා පූර්ව භාග 06.58 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 05 වනදා සෙනසුරාදා ය.

 

මීළඟ පෝය ජනවාරි 14 වනදා සඳුදා.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජනවාරි 05

First Quarterපුර අටවක

ජනවාරි 14

Full Moonපසෙලාස්වක

ජනවාරි 20

Second Quarterඅව අටවක

ජනවාරි 27


2019 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]