කර්ම විපාකය නොදත් මුදලාලිගේ
කර්ම විපාකය
ශ්‍රී ලංකා භික්ෂු විශ්ව විද්‍යාලයේ
බෞද්ධ හා පාලි අධ්‍යයන අංශයේ
ජ්‍යෙෂ්ඨ මහාචාර්ය
පාතේගම ඤාණිස්සර හිමි
" මෙලොව දී ම කර්මය පලදුන් ආකාරය ප්‍රදේශය පුරා පැතිර ගියේ ය. ඔහු කිසියම් කර්මයක
විපාක විඳින බව අවබෝධ කරගන්නේ ප්‍රදේශවාසීන් ය. ඇතැම් විට ඔහු ගතකරන ජීවිතය කර්ම
විපාකය විසින් හසුරුවන ලද්දක්දැයි කල්පනා නොකිරීම ද එක්තරා කර්ම විපාකය කි. ඇතැමුන්
ට තමනට ලැබී තිබෙන කර්ම විපාකය පිළිබඳව අවබෝධයක් තිබේ. තමන් පෙර කළ කර්මවල විපාක
පලදෙන බව ඔවුහු ප්‍රකාශ කරති.
"
බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටි කාලයේ ස්ත්‍රීහු සතර දෙනෙක් වෙළෙඳාමෙන්
ජීවනෝපාය සරිකරගනිමින් බොහෝ මිත්‍රශීලීව ජීවත් වූහ. දුර බැහැර ප්‍රදේශවල ගිතෙල්, මී
පැණි, ධාන්‍ය ආදිය වෙළෙඳාම් කරමින් අධික ලාභයක් ලැබූහ.
එසේ වුවද, එම කාන්තාවන් සතර දෙනා වෙළෙඳාම් කරගෙන ගියේ එකී සදාචාර සම්පන්න මූල
ධර්මවලට පටහැනිව ය. බඩු මිල දී ගැනීමේදී ගැනුම්කරුවන්ගෙන් අසීමිත ලාභ තියාගෙන මිලදී
ගන්නා ඔවුහු විකිණීමේ දී හොරට
කිරීම, හොරට මැනීම, ආදී ලෙසයුක්තිය යටපත් වන ආකාරයෙන්
කටයුතු කළහ. අසාධාරණ ලෙස වෙළෙඳාම් කරමින් උපයාගත් මුදල් වියපැහැදම් කරගෙන කා බී
ජීවත් වූහ. අවසානයේ ඔවුන් හතර දෙනා ම මරණයට පත් විය. එක ළඟ පිට නුවර දිය අගලක
ප්‍රේතියන් වී උප්පත්තිය ලැබීය. අයෙක් නිරුවත් ය. තවකෙක් විඳින දුක දරා ගැනීමට නො
හැකිව දිය අගල තුළ සිට විලාප දෙති. අනිකෙක් බඩගින්දරෙන් පෙළෙති.
මේ පිළිබඳ විස්තර භෝග සංහරණ ප්‍රේත වස්තුවෙහි දැක්වෙයි.
වෙළෙඳාම සිය ජීවනෝපාය ලෙස තෝරාගනු ලැබුවෝ වෙළෙඳාම මඟින් ලාභ උපයනවා මිස, අලාභයක්
උපයන්නෝ නොවෙති. අලාභ සිදුවනවානම් ඒ, ඔවුන් වෙළෙඳාම නමැති විෂයෙහි අවබෝධයක් නොමැති
නිසා ය. ධාර්මික වෙළෙඳාම ජීවනෝපායක් ලෙස බුදුදහමෙහි අනුමත කොට තිබේ. වෙළෙඳාම මඟින්
මුදල් ඉපයීමට වානිජ බුද්ධිය තිබිය යුතු ය. ‘දැන වෙළෙඳාම් නොදැන ගොවිතැන’ යනුවෙන්
ප්‍රකාශ කර තිබෙන්නේ ද එම නිසා ය. වෙළෙන්දා නිතරම අළෙවි කළ හැකි හා නොහැකි දෙය
පිළිබඳව කාලීන ඤාණයෙන් පිරි පුද්ගලයෙකි. අධිකව ලාභය ඉපයිය හැකි නොහැකි දේ පිළිබඳ
නිවැරැදි වැටහීමක් ඔහු සතු ය. වෙළෙඳාමෙන් දියුණු වීම සඳහා මුදල් තිබිය යුතුය යන්න
සමාජ නියමය වුව ද, බුදු දහමෙහි දක්වන්නේ උට්ඨාන වීර්යය හා ප්‍රඥාව තිබේ නම්, මිල
මුදල් අත්‍යවශ්‍ය සාධකයක් නොවන බව ය. මී කුණක් අලෙවි කිරීම තුළින් ආරම්භය ලැබුවත්
සිටු තනතුර දක්වා ඉහළට යා හැකි බව චුල්ලසෙට්ටි ජාතකයෙන් මතුවන අදහස යි.
වෙළෙඳාම සාධාරණව, යුක්තිසහගත ව සිදුකරන්නෝ විරල ය. අසීමිත ලාභ ලැබීමේ පරමාර්ථයෙන්
තෘෂ්ණාධිකව කටයුතු කිරීම බරපතළ වරදකි. වෙළෙඳාමෙන් අසාධාරණ ලෙස මුදල් ඉපයීම බරපතළ
පාපයකි. එබඳු පුද්ගලයෝ අකුසලයේ විපාක ඇතැම් විට මෙලොව දී ම ලබති. පරලොවදී ත් ලබති.
අසාධාරණ ලෙස වෙළෙඳාම් කර මුදල් ඉපයුව ද අවසානයේ විඳවමින් ජීවිතයේ අවසාන කාලයේ හෝ
පසුතැවිලිවන ස්වභාවයක් දක්නට ලැබෙයි. වර්තමාන සමාජය තුළ සාධාරණ වෙළෙඳාමට වඩා අසීමිත
ලාභ ප්‍රයෝජන ලබාගැනීමේ අදහසින් එහි නිරත වන්මෝ බහුල වෙති. ස්වර්ණ හංස ජාතකයේ මෙන්
වෙළෙඳාමේ හොරකම් බොහෝ ය. හොරට කිරීම, හොරට මැනීම, යුක්තිය යටපත් කිරීම, වංචාව,
කපටිකම ආදිය යි. වෙළෙඳාම් කරන්නා තුළ තිබිය යුත්තේ කපටි නැති බව (අසඨෝ) අව්‍යාජ බව
(අමායා වී) සෘජු ප්‍රතිපත්තිය (උජු ජාතිකො) යන්න යි.
බුදුරදුන් ජීවමාන කාලයේ පමණක් නොව වර්තමාන සමාජය තුළ වුව ද, අසාධාරණ ලෙස වෙළෙඳාම්
කිරීම නිසා අකුසල කර්මයේ විපාක පලදෙන හැටි සමාජය කෙරෙහි විමසිලිමත් ව පර්යේෂණයේ
යෙදෙන්නෙකුට දැකගත හැකි ය. තමා කරන අකුසල කර්ම හෝ කුසල කර්මවල විපාක මෙලොව දී ම
ලැබෙන අවස්ථා තිබේ.
එක්තරා පුද්ගලයෙකු තලවාකැලේ වෙළෙඳාම සඳහා පිටත්ව ගියේ ය. එම ප්‍රදේශයේ වෙළෙඳාම්
කිරීම එතරම් අපහසු නොවන බව ඔහුගේ කපටි මොළයට වැටහී ගියේ ය. තලවාකැලේ ප්‍රදේශවාසීන්
ට ණය ට බඩු ලබා දෙමින්, මාසය අන්තිමේ දී වතුවලින් ලැබෙන වේතනයෙන් ණය මුදල පියවා
ගත්තේ ය. වතුවැඩ කරන මිනිසුන්ට ද මහත් අස්වැසිල්ලක් විය. අන්තිමේ දී ණය මුදල්
එකතුකිරීමේ දී එයින් ද වංචා කරනු ලැබී ය. දවස පුරා වෙහෙස මහන්සි ව වැඩ කරන අහිංසක
මිනිසුන්ගේ මුදල් අසාධාරණ ලෙස ඔහු විසින් සූරාකනු ලැබී ය. ආර්ථික අතින් පොහොසත් වූ
ඔහු දවසින් දවස ඉහළ ට ගියේ ය.
ඒ දවස්වල ප්‍රසිද්ධ ව පැවැති ඉන්දියන් පලයකාට් සරම නිතර ඇන්ඳේ ය. ඉස්තරම් ආකාරයට
පැළැන්දේ ය. පින් ද කරනු ලැබීය.
එතරම් ඉහළ තත්ත්වයක සිටි ඔහුට කාලය ගතවීමත් සමඟ කර්ම විපාක පලදෙන්නට විය. වෙළෙඳාම
අතහැර ගමට ආවේ ය. හේ තනියම දොඩවන්නට විය. ගමේ කඩපිල්වල වාඩි වී කහට බොමින් දොඩවමින්
සිටින ආකාරය දකින මිනිස්සු පුදුම වූහ. ඉහළ වර්ගයේ ඇඳුම් ඇන්ද ඔහු කිලිටි ඇඳුම්
ඇන්දේ ය. කඩපිල්වල වාඩි වී දොඩවමින් නිකරුණේ කාලය ගත කළේ ය. ‘හොර වෙළෙඳාමේ පව
පඩිසන් දෙනවා යි’ මිනිස්සු කීහ. එදා වෙළෙඳාමෙන් අසාධාරණ ලෙස ඉපයූ මුදල් නාස්ති වී
ගියේ ය. එදා රස මසවුළු ආහාරයට ගත් ඔහු මෙදා ඉවත දමන කෑම කුණු බක්කියෙන් අරගෙන කන්නට
විය. එදා ධනයෙන් මත්ව උජාරුලීලාවෙන් ඇවිද ගිය ඔහු මෙදා මඟතොට උමතු ලෙස සමාජ ගැරහුම්
ලබමින් ඇවිද ගියේ ය. මෙලොව දී ම කර්මය පලදුන් ආකාරය ප්‍රදේශය පුරා පැතිර ගියේ ය.
ඔහු කිසියම් කර්මයක විපාක විඳින බව අවබෝධ කරගන්නේ ප්‍රදේශවාසීන් ය. ඇතැම් විට ඔහු
ගතකරන ජීවිතය කර්ම විපාකය විසින් හසුරුවන ලද්දක්දැයි කල්පනා නොකිරීම ද එක්තරා කර්ම
විපාකය කි. ඇතැමුන් ට තමනට ලැබී තිබෙන කර්ම විපාකය පිළිබඳව අවබෝධයක් තිබේ. තමන්
පෙරකළ කර්මවල විපාක පලදෙන බව ඔවුහු ප්‍රකාශ කරති.
- හේමමාලා රන්දුනු
|