UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ප්‍රශ්නය
මහණෙනි, මනෝ සංවේනාව අවබෝධ කර ගත්තෝ ත්‍රිවිධ තණ්හාව අවබෝධ කර ගත්තෝ වෙති. ත්‍රිවිධ තණ්හාව අවබෝධ කර ගත් පසු තවදුරටත් කළ යුතු කාර්යයන් නැතැයි කියමි.

ත්‍රිවිධ තණ්හාව තේරුම් ගැනීමෙන් විමුක්ති ප්‍රතිලාභය සිදුවේ. එය බෞද්ධ විමුක්ති මාර්ගයෙහි අවසන් අරමුණයි. එනිසා ඉන් එහා කළ යුත්තක් නැත.

මෙම දේශනා පාඨද උපයෝගී කර ගනිමින් දුක්ඛ සමුදය සත්‍යය විස්තර කරන්න.

පිළිතුර:-
බුදුරජාණන් වහන්සේගේ පළමුවන ධර්ම දේශනයෙහි දී “දුක්ඛ සමුදය සත්‍යය” විස්තර කරමින් ත්‍රිවිධ වූ තෘෂ්ණාව මෙසේ පැහැදිලි කර ඇත.

යායං තණ්හා පොනොභවිකා නන්දිරාග සහගතා තත්‍ර තත්‍රාහි නන්දිනී සෙය්‍යථිදං කාම තණ්හා -භව තණ්හා, විභව තණ්හා, පුනර්භවය ඇති කරන නන්දිරාගය සහිත වූ ඒ ඒ තැන ඇලෙන යම් තණ්හාවක් වේද? කාම තණ්හා , භව තණ්හා, විභව තණ්හා නම් වූ දුක්ඛ සමුදයයි.

තණ්හාවෙහි ලක්ෂණ තුනක් ද ප්‍රභේද තුනක් ද දම්සක් සූත්‍ර පාඨයෙහි අවධාරණය වේ. තණ්හාව පුනර්භවය ඇති කරන්නකි. එය නන්දිය හා රාගය සහිතය.”නන්දි” සතුටට පත් වීමය. රාග නම් ඇල්මයි. ඒ ඒ තැන එනම් ඒ ඒ භවයන්හි හෝ ඒ ඒ වස්තුන්හි ඇල්ම, “තන්ත්‍රතන්ත්‍ර අභිනන්දනී” යන්නෙන් අදහස් වේ. මේ එහි ලක්ෂණත්‍රයයි.

තණ්හාව :- කාම, භව, විභව යනුවෙන් ප්‍රභේදගත වේ. මෙහි කාම තණ්හා යනු කාම වස්තුන්ට ඇති තණ්හාවයි. පංචේන්ද්‍රියන්ට ගෝචර වවන අරමුණු පස, කාම වස්තු ලෙස විස්තර කොට තිබේ.

“ තණ්හාව ජායතී සොකො
තණ්හාය ජායති භයං
තණ්හාය විප්පමුත්තස්ස
නත්ථි සොකො කුතො භයං”

තණ්හාවය නිසා ශෝකය හට ගනී. තෘෂ්ණාව නිසා භය හට ගනී. තෘෂ්ණාවෙන් තොර වූවෙකුට ශෝකයක් හෝ භයක් නොමැත. යන “ ධම්ම පද” ගාථාවෙන් ද පැහැදිලි වන්නේ, තෘෂ්ණාව සෑම දෙනාගේම සිත් තුළ නිළීනව (සැඟවී ඇති) පවත්නා බලගතු මානසික බලවේගයකි. එය ජීවිතයේ බොහෝ දුක්වලට මූලික හේතුවයි. සියුම් හෝ ගොරෝසු හෝ මෙම තෘෂ්ණාව සසරෙහි නැවත නැවත ඉපදීමට හේතු වෙයි. කාම තෘෂ්ණාවෙහි දළ ස්වරූපයෝ සකෘදාගාමී ඵලය ලබන විට දුර්වල කරනු ලැබ අනාගාමී වන විට මූලෝත්පාඨනය කෙරෙති. රහත් ඵලය ලැබීමත් සමගම තෘෂ්ණාවෙහි අවසානය (තණ්හක්යො නිරෝධෝ) යනුවෙන් සිදු වන්නේය.

(පිළිතුර සැපයීමෙහි දී අපවත් වී වදාළ ගෞරවනීය නාරද හිමිපාණන්ගේ බුදු දහම සහ බුදුරජාණන් වහන්සේ කෘතිය ඇසුරු කරන ලදී)

ප්‍රශ්නය :- කැඳ වැළඳීමේ ආනිශංස පහක් පෙළ දහමෙහි සඳහන් වෙයි. ඒ මොනවාද?

පිළිතුර

01. කුසගිනි නැතිවීම (ඛුදං පටිහන්ති)
02. පිපාසය නැතිවීම (පිපාසං පටිවිනෙති)
03. වාත රෝග සමනය (වාතං අනුලොමෙති)
04. අතුනු බහන් පිරිසුදු වීම (වත්ථිං සොධෙති)
05. ආහාර දිරවයි (ආමවාතං පාවෙති)

ප්‍රශ්නය
බුදු දහමට අනුව දානය ප්‍රතිග්‍රාහක (පිළිගැනීමට) සුදුසු තැනැත්තන් ගැන සටහන් නිකායාගත තොරතුරුවලින් පැහැදිලි වෙයි. දන්දීම පින්කමක් බවට පත් වන්නට ප්‍රතිග්‍රාහක ලබන්නා වූ පක්‍ෂයෙහි සුදුසුකම මෙන් ම වගකීම ද දහමට අනුව පැහැදිලි කරන්න.

පිළිතුර
සත්ත ආහුනෙය්‍ය විඨාවාව් පූජා ලැබිය යුත්තන් කරුණු හතකින් යුක්ත විය යුතුය.

ධර්මය දැනීම අවබෝධය (ධම්මඤ්ඤතා)

අර්ථය දැනීම :- (අර්ථඤ්ඤතා) තමන් ගැන දැනීම (ආත්මාවබෝධය) ප්‍රමාණය දැනීම (අත්තඤ්ඤතා) කාලය දැනීම (මත්තඤ්ඤුතා) පිරිස් ගැන දැනීම (පරිසඤ්ඤතා) පුද්ගලයන් පිළිබඳ අවබෝධය (පුද්ගලපරොපරඤ්ඤුතා)

ප්‍රශ්නය :- පෙළ දහමෙහි මෙන්ම අටුවා ග්‍රන්ථවල ද මෛත්‍රීය භාවනාවත් වශයෙන් ප්‍රගුණ කිරීමේ ක්‍රම සතක් දක්වා ඇත. මෛත්‍රීය භාවනාවක් වශයෙන් ක්‍රමානුකූල ව වැඩීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැක. “පාලි නිකායාගත පත පොතෙහි මෙන් ම අටුවා ගත තොරතුරු අනුව” සත්ත මසධීසො ඵරණ මෙත්තා චෙතො විමුක්ති” යනුවෙන් මෛත්‍රීය ප්‍රගුණ කරන ක්‍රම හතක් දක්වා ඇත. පැහැදිලි කරන්න.

පිළිතුර
01. සියලු ස්ත්‍රීහු වෛර නැත්තෝ වෙත්වා (සබ්බේ ඉත්ථියො අවෙරා අබ්බාපජ්ජ) ක්‍රෝධ නැත්තෝ වෙත්වා ,නීරෝගී වෙත්වා , සුවපත් වෙත්වා, (ආනීඝා හොන්තු - සුඛී අත්තානං පරිහරන්තු)

සියලු පිරිමි (පුරිසා)

සියලු ආර්යයෝ (සබ්බේ) (අරියා)
සියලු අනාර්යයෝ (සබ්බේ ) (අනාරියා)
සියලු දෙවියෝ (සබ්බේ) (දෙවා)
සියලු මිනිස්සු (සබ්බේ) (මනුස්ස)
සියලු අපාගත සත්වයෝ (සබ්බේ විනිපාතක)

ඉහත සඳහන් කරුණු හත යෝගාවචරයෙකු මෛත්‍රී වැඩීම සඳහා යොදා ගත යුතු කරුණුු ලෙස දක්වා ඇත.

ප්‍රශ්නය :– දී.නි.වාසෙට්ඨ සූත්‍ර දේශනාවෙහි දී බුදුරජාණන් වහන්සේ මිනිස් සමානත්වය විවිධ සාධක මගින් සනාථ කළහ. විවරණයක් කරන්න.

පිළිතුර :- වාසෙට්ඨ සූත්‍ර දේශනාවට අනුව ජීව විද්‍යාත්මක සාධක අනුව “ශාක” ලෝකයෙහි (තිණරුක්ඛෙහි) කුහුඹු කෘමීන් සිව්පා සතුන්, උරගයින් , මසුන් මෙන්ම පක්‍ෂීන් සහ තිරිසන් සතුන් අතර ද ඔවුන් වෙන් වෙන් කොට දක්වන හඳුනාගත හැකි ලක්ෂණ දක්නට ලැබෙයි. එහෙත් මිනිසුන් අතර එසේ නොවේ. හිස, කණ, ඇස්, මුඛය, නාසය, තොල, බැම, ගෙල, උදරය, පිට ආදි ශාරිරික අවයවයන්ගෙන් හෝ පැහැය, මෛථූනය යන ක්‍රියාදාමයන්ගෙන් හෝ මිනිසා වෙන් කොට හඳුනාගත නොහැකිය. මිනිසුන් කෙරෙහි පවත්නා වෙනස හුදෙක් ව්‍යවහාර මාත්‍රයක් පමණි. (පච්චත්තංච සරීරෙසු- මනුස්සේ සෙ, වතංන විජ්ජති, වොහරඤ්ච මනුස්සෙසු සමඤ්ඤය පවුච්චති)

ගව පාලනය ගොවිතැනින් දිවි ගෙවන්නා, ගොවියෙකු ලෙස ද, උගත් සිල්පයකින් දිවි රැන ගන්නා ශිල්පියෙකු ලෙසද වෘත්තිය අනුව ව්‍යවහාරයට යයි. කුල ගෝත්‍ර ආදි විකල්ප දෘෂ්ටි මතවාදයක් පමණි. මිනිස් සංහතිය ඒකාකාර වූවක්මය යන අදහස පෙරදැරිකොට ගෙන ප්‍රකාශ කරන ලද ජීව විද්‍යාඥ නිගමනයන් හා බුදුසමය සැසදෙන බවයි. මෙසේ හෙයින් ජාති හෝ කුලභේද නොතකා සියලුම මනුෂ්‍යයන් අපගේ දෙමව්පියන් හා සොහොයුරු සොහොයුරියන් වශයෙන් සැළකිය යුතු යැයි බුදුසමයට පෙන්වා දෙයි.

වාසෙට්ඨ සූත්‍ර දේශනාවට අනුව තවදුරටත් බුදුරජාණන් වහන්සේ කරුණු පැහැදිලි කරයි. ආවාර විද්‍යාත්මක සාධක අනුව බලන විට කවර කුලයකට අයත් වූවෙකු වුවද පහත් වැඩ කිරීමෙන් මෙලොව දීම ඊට නිසි දඬුවමකට භාජන විය හැකි බවත්, පරලොව සුගතිගාමී වන බවත් යහපත් වැඩ කිරීමෙන් ඉහාත්මයෙහි ප්‍රශංසාවට මෙන් ම පරලොව සුගතිගාමී වීමට ද ඉඩ ලැබෙන බවත් කියැවෙයි. එමෙන්ම කෙලෙසුන් නසා රහත් වීමට හා විමුක්තිය ලැබීමට ද උපත බාධාවක් නොවන බව බුදු සමය අවධාරණය කරයි.

පසේනදී කොසොල් රජුගේ ප්‍රශ්නයකට පිළිතුරු දුන් සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ කුමන දෙයකින් දැල්වුවද ගින්නෙහි විශේෂයක් නොදැක්වෙන බව සඳහන් කරමින්, මහ රජ, ව්‍යායාමයෙන් හා වීර්යයෙන් දල්වන ලද ආලෝකය ද එසේම යැයි වදාළහ.

ආදි බෞද්ධ ග්‍රන්ථයෙහි එන සමාජ සමානාත්මතාවය පිළිබඳව තර්කානුකූල හා විද්‍යානුකූල මතය පිළිබඳව තර්කානුකූල හා විද්‍යානුකූල මතය පිළිබඳ ව අදහස් දක්වන උගතුන් මිනිසා කර්මය තමා අයත් කොට ඇතැයි බුදුරජාණන් වහන්සේ ගේ පැහැදිලි ප්‍රකාශයෙන් අදහස් වන්නේ පුද්ගලයා තම ක්‍රියාවන්ගේ ප්‍රතිඵලයක් බවත් එනිසා පවත්නා දුක්ඛදායක තත්ත්වය එලෙසම පවත්වා ගැනීම හෝ එය නැවැත්වීම ඔහු අතම රඳා පවතින බව ය.

කවර සමාජ සංස්ථාවක් වුව ද ප්‍රභවය ලැබුවේ සමාන වූ මිනිසුන් අතර ය. එම මිනිසුන් නිසා ම ය.

 

වෙසක් පුර අටවක පෝය

වෙසක් පුර අටවක පෝය අපේ‍්‍රල් 29 වැනිදා ඉරිදා පූර්වභාග 3.19 ට ලබයි.
30 වැනිදා සඳුදා පූර්වභාග 3.32 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම අපේ‍්‍රල් 29 වැනිදා ඉරිදාය.

වෙසක් පුර පසළොස්වක පෝය මැයි 05 වැනිදා සෙනසුරාදා.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අප්‍රේල් 29

Full Moonපසෙලාස්වක

මැයි 05

Second Quarterඅව අටවක

මැයි 12

New Moonඅමාවක

මැයි 20


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk