UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ප්‍රශ්නය
සත්වයා “උප්පත්තියා – සහෙ වෙදං මරණං ආගතං සදා ‘ උපතේ සිට මරණය කරා ගමන් කරයි.මේ සසර ගමනෙහිදී එකොළොස් ගින්නකින් සත්වයා දැවෙමින් ගමන් කරන බව ධර්මයෙහි සඳහන් වෙයි. මේ එකොළොස් ගින්න නාමික වශයෙන් සඳහන් කරන්න.

පිළිතුර
සත්වයා නිරතුරුව දැවෙන ගිනි එකළොස මෙසේය.

රාග -ද්වේෂ, මෝහ, ව්‍යාධි, ජරා ,

මරණ, සොක, පරිදේව, කායික දුක

චෛතසික දුක, උපායාස

ප්‍රශ්නය
පුද්ගල පුනර්ජන්මය ඇතිවන්නේ මරණ මොහොතෙහි බලවත්ව සිටින කුසල හෝ අකුසල කර්මය අනුව බව පෙළ දහමෙහි ඉගැන්වෙයි. මෙබඳු කර්ම කුමන නමකින් හැඳින් වෙන්නේද? පැහැදිලි කරන්න

පිළිතුර
පුද්ගලයෙකුගේ මරණය නම් හුදෙක්ම “තාවකාලික සංසිද්ධියක තාවකාලික නැවැත්මක් පමණි. භෞතික ශරීරය විසිරයාමත් සමඟ මෙතෙක් ක්‍රියාත්මක වූ කර්මශක්තිය මුළුමනින්ම විනාශයට නොයන හෙයින් වර්තමාන රූපය විනාශ වුවද ඊට මුළුමනින්ම වෙන හෝ මුළුමනින්ම සම නොවන තවත් රූපය මරණ මොහොතේ බලවත්ව පැවැති සිතට ගැළපෙන පරිදි ඇති වන්නේය. පුද්ගලයෙකු ගේ අනතුරුභවය විනිශ්චය කරන මෙම අවසාන චිත්ත වීථිය ජනක කම්ම නමින් හැඳින්වේ.

තවද ජනක කර්මය සක්‍රීය වීමට බාධාකාරි ලෙස හෝ උපකාරක ලෙස සක්‍රීය වීමට (ක්‍රියාත්මකවීමට) තවත් අතීත කර්ම ඉදිරිපත් විය හැක. එබඳු කර්ම ලෙස “උපත්ථම්භක” (සහයෝගී වන) කම්ම හා උපපීඩක (බාධාකරණ) කම්ම යන දෙවර්ග හඳුන්වා ඇත.

ප්‍රශ්නය
බුදු දහමෙහි “සාධු” යන පාලි පාඨය යෙදී ඇත්තේ යහපත් යන්න අර්ථය සඳහායි. “ සුදුසු” යන අර්ථය සඳහාද ‘කතං සාධු’ යන දේශනා පාඨවලින් හඳුනාගත හැකිය. ඒ අනුව ජාතක කථා සාහිත්‍යයෙන් නුසුදුසු පුද්ගලයෝ හතර දෙනෙක් පිළිබඳව (නසාධු) සඳහා වෙයි. ගති ලක්‍ෂණ අනුව ඒ පුද්ගල සතර දෙනා කවුද?

පිළිතුර
අලසො ගිහි කාමභෝගී නසාධු
අසඤ්ඤතො පබ්බජිතො නාධු
රාජා නසාධූ අනිසම්මකාරි
යො පණ්ඩිතො කොධනො තං නසාධු
(රථලට්ඨි ජාතකය)
කුසීත කාමභෝගී ගිහියා යහපත් නොවේ. සන්සිඳීමක් (සන්සුන්බවක්) නැත. පැවිද්දා යහපත් නොවේ. විමසිලිමත් නොවි තීරණ ගන්නා පාලකයා යහපත් නොවේ. බුද්ධිමත් පඬිවරයා ක්‍රෝධ වෛරය යුතු බව යහපත් නොවන්නේය.

ප්‍රශ්නය
බුද්ධ දේශනාවට අනුව සත්පුරුෂ ලක්‍ෂණ වශයෙන් විපස්සා හඳුනාගත හැකි ලක්‍ෂණ මොනවාද?

පිළිතුර
යොචෙ කතඤ්ඤ කතවේ දී යීරො
කළ්‍යාණ මිත්තො දළ්හ භත්තීච හො
දුක්ඛිතස්ස සකිච්ච කරොති කිච්චං
තථා විධං සප්පූරිසං වදන්ති
(සරභංග ජාතක)

කළ උපකාර දැන ප්‍රත්‍යපුකාර කරන්නේද
නුවණැති කළ්‍යාණ මිත්‍ර ගති ඇත්තේද
මිතුරු දුක හඳුනාගෙන පිහිට වෙයිද?
අනුන්ගේ දුක තම දුකක් සේ සලකා
අනුකම්පාවෙන් කටයුතු කරයිද? ඔහු සත්පුරුෂයෙකි.

 

පොසොන් අව අටවක පෝය

පොසොන් අව අටවක පෝය ජුනි 11 වැනි දා සඳුදා පූර්වභාග 03.49 ට ලබයි. 12 වැනි දා අඟහරුවාදා පූර්වභාග 04.49 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම ජුනි 11 වැනි දා සඳුදා ය.

මීළඟ පෝය
ජුනි 19 වැනිදා අඟහරුවාදාය
.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජුනි 11

New Moonඅමාවක

ජුනි 19

First Quarterපුර අටවක

ජුනි 27

Full Moonපසෙලාස්වක

ජූලි 03


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]