UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

<%on error resume next%> සදහම් දැනුම

ප්‍රශ්නය
සත් හැවිරිදි වියෙහිදී ම සාමණේර නමක් බුදුරජාණන් වහන්සේ විසින් අසන ලද ප්‍රශ්න දහයකට පිළිතුරු සපයා තම උපසම්පදාව ලබාගත්තේය. එම සාමණේරයන් වහන්සේගේ නම කුමක්ද? අසනලද ප්‍රශ්න දහයෙන් පළමුවැන්න කුමක්ද?

පිළිතුර
සෝපාක නම් සාමණේරයන් වහන්සේ පිළිතුරු දුන් ප්‍රශ්න දහයෙන් පළමුවැන්න. (ඒකනාමකිං) යන ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් “ සියලු සත්වයෝ ආහාරයෙන් සිටිති” (සබ්බේසත්තා ආහාරට්ඨිතකා) යන පිළිතුර දෙනු ලැබිණ. මෙහිදී ආහාර යන්නෙන් අදහස් කළේ ශරීර පැවැත්ම සඳහා ලබාගන්නා කබලිංකාර ආහාර පමණක් නොව, ඵස්ස ආහාර මනො සංචෙතනා ආහාර විඤ්ඤාණ ආහාර යන තුනද ඇතුළත් වෙයි.


ප්‍රශ්නය
බුදු දහමට අනුව ගෘහපති ආර්යශ්‍රාවකයාගේ ආර්ය මාර්ගය “ නිහීයති තස්ස යසො කාලපක්ඛෙව චන්දිමා “ (කළුවර තෘෂ්ණ පක්‍ෂයෙහි චන්ද්‍රයා) මෙන් කීර්තියෙන් නොපිරිහී, “ සුක්ඛ පක්ඛෙව චන්දිමා” (ශුක්ල (පුරපක්‍ෂ ) පක්‍ෂයෙහි චන්ද්‍රයාමෙන් අභිවෘද්ධියට ගමන් කළ යුතුයි. සිගාලක සිටු පුත්‍රයාට බුදුරජාණන් වහන්සේ වදාළ (යො ධම්මං අතිවත්තනි) සත්‍ය ධර්මය නොඉක්මවන මාර්ගය පැහැදිලි කරන්න.

පිළිතුර
සූත්‍රාගත පාඨයන්ට අනුව “ ඉමෙහි චතූහිඨානෙහි පාපං කම්ම නකරොතීත” යනු වේ. ස්ථාන (පැවතුම්) සතරකින් වැළකී අගතියට නොයා සුගතිගාමී විය යුතුය. එම ස්ථාන හතර නම්.

ගහපති පුත්ත අරියසාවකො ආර්යශ්‍රාවක ගෘහපති පුත්‍රය

න චන්ද්‍රගතිං ගච්ඡති – චන්දයෙන් (කැමැත්තෙන්)
න දොසා ගතිංගච්ඡති – ද්වේෂයෙන්
න මෝහා ගතිං ගච්ජන්ති – මුළාවෙන්
යුක්ති ධර්මය නොඉක්මවයිද ඔහුගේ

ගුණපෝෂණය සහ කීර්තිය පරිවාර සම්පත්තියපුර පක්‍ෂයේ් චන්ද්‍රයාමෙන් ක්‍රමයෙන් සම්පූර්ණවෙයි.


ප්‍රශ්නය
බුදු දහමට අනුව මදයෙන් මත්වීම සදාචාරයට මෙන්ම දෙලොවටම අහිතකර ක්‍රියාවකි. එවන් මදයන් (මත්වීම්) තුනක් පිළිබඳව දේශනාපාලියෙහි දක්නට ලැබේ. ඒ මොනවාද?

පිළිතුර
දී.නී. සංගීති සූත්‍ර

නිරෝගි බව නිසා උපදනා උඩඟුකම (ආරොග්‍ය මදය)

තරුණකම නිසා උපදනා උඩඟුකම යෞවන මදය

ආයුකාලය බොහෝවීම හා සැපවත්ව ගත කිරීම නිසා ඇතිවන උඩඟුකම ජීවිතමදය


ප්‍රශ්නය
බුදුරජාණන් වහන්සේගේ “අකු ධාතුව” තැන්පත් කර ශ්‍රී‍්‍ර ලංකාදීපයෙහි ස්ථූපයක් කළ බව වංශකථාවල සඳහන් වෙයි. මෙම ස්ථූපය කුමක්ද? එය කරවු රජතුමා කවුරුන්ද?

පිළිතුර
අනුරාධපුර ථූපාරාම ස්ථූපය බුදුරජාණන් වහන්සේගේ දකුණූ අකුධාතුව තැන්පත් කර දෙවන, පෑතිස් මහරජතුමා විසින් කරවන ලද්දකි.


ප්‍රශ්නය
බුදු දහමට අනුව අඹු සැමි සබඳතාවයේ ආරම්භය විවාහයයි එහිදී ස්වාමි පුරුෂයා හා සමඟ සබැඳියාව මත ස්වාමි දියණියන් වර්ග සතරෙකි. දහමෙහි සඳහන් වන එම භාර්යාවරු නාමිකව සඳහන් කරන්න.

පිළිතුර
වධක භාර්යාව - ආර්ය භාර්යාව
භගිනී භාර්යාව – දාසී භාර්යාව
චෞර භාර්යාව – මාතු භාර්යාව
හා සඛී භාර්යාවයි.


ප්‍රශ්නය
තමන්ට අවසාන භෝජනය පිරිනැමූ සැදැහැති දායකයා කෙරෙහි බුදුරජාණන් වහන්සේ දැක්වූ කරුණාව කෙසේ දැයි පැහැදිලි කරන්න.

පිළිතුර
කුකුත්ත නදියෙන් අවසන් වරට පැන් සැනැහුන බුදුරජාණන් වහන්සේ කෙටි විවේකයෙන් පසුව ආනන්ද හිමියන්ට මෙසේ වදාළහ.

ආනන්ද කිසිවෙකු “චුන්දකම්මාර පුත්‍රයා’ තුළ සංවේගය හා පසුතැවීම ඇතිකරනු පිණිස චුන්ද මෙය ඔබේ වරදකි. ඔබ කරගත් ආලාභයකි. ඔබගේ දානය වැළඳීමෙන් තථාගතයන් වහන්සේගේ අවසානය සිදුවී යැයි, කීමට ඉඩ ඇත. චුන්ද කම්මාර පුත්‍රයාට එබඳු පසුතැවිල්ලක් ඇති නොවණු පිණිස, “චුන්ද මෙය ලාභයකි. ඔබට කුසලයකි. ඔබගේ දානය තථාගතයන් වහන්සේ වළඳා පිරිනිවන් පෑහ. උන්වහන්සේගේම මුවින් මම මේ දෙය ඇසීමි. මට මේ කියමන උන්වහන්සේගේ වචනයෙන්ම අසන්නට ලැබිණි. වෙනත් දානවලට වඩා මහත් ඵල මහානිසංස ඇති එක හා සමාන ඵල එක හා සමාන ආනිශංස ඇති ආහාර පූජා දෙකක් ඇත. එනම් යම් ආහාරයක් වළඳා තථාගතයන් වහන්සේ සම්බුද්ධත්වය ලදදේද? එය සහ යම්කිසි ආහාරයක් වළඳා තථාගතයන් වහන්සේ නිරුපධිශේෂ පරිනිර්වාණයට පත්වූයේද එම භෝජනයද යන මේ භෝජන දෙක එකම ඵල ඇති. එකම ආනිශංස ඇති අනුත්තර වු අසමාන වු දානමය කුශල කර්මයෝ වෙති.


ප්‍රශ්නය  
“පංචිමා භික්ඛවෙ වණිජ්ජා උපාසකෙන අකරණීයා “ (උපාසක) බෞද්ධයා නොකටයුතු වෙළදාම් මොනවාද?

පිළිතුර
බෞද්ධයෙකු නොකළ යුතු වෙළෙඳාම් පසෙකි. එනම්

සත්ථ වණිජ්ජා – අවිවෙළෙඳාම
සත්ත වණිජ්ජා – සතුන් හෝ මිනිසුන් වෙළෙඳාම
මංස වණිජ්ජා – මස් පිණිස සතුන් වෙළෙඳාම
මජ්ජ වණිජ්ජා – මත්පැන් මත්ද්‍රව්‍ය වෙළෙඳාම
විස වණිජ්ජා – වස විස වෙළෙඳාම

අහිංසාව සහ මෛත්‍රිය යන සංකල්පය “වණිජ්ජා” සූත්‍රයෙහි සඳහන් මෙම බුද්ධ දේශනාවෙන් අවධාරණය කර ඇත.


ප්‍රශ්නය
ධම්මෙන භොගෙ පරියෙසති අසාහසේන “ භෝග රැස්කිරීම ධාර්මික වත් අසාහසික වත් කළ යුතුය ” ගෘහස්ථ සදාචාරය සහ නිෂ්පාදන කාර්යයෙහි බෞද්ධ ආකල්පය කුමක්ද යන්න පැහැදිලි කරන්න.

පිළිතුර
අ.නි. පත්තකම්ම සූත්‍ර දේශනාවට අනුව “භොගා මෙ උජ්පජ්න්තු සහ ධම්මොනාති අයං පඨමො - ඉට්ඨො කන්තො මනාපො දුල්ලභො ලොකස්මිං “ ලොව දුර්ලභ , ඉෂ්ට , කාන්ත, මනාප කරුණු හතරින් පළමුවැන්න ධාර්මිකව භෝ ලබා ගැනීමයි. නිෂ්පාදන කාර්යයෙහිලා ධාර්මික වීම මෙසේ අවධාරණය කරයි. තමා නිසා හෝ අනුන් නිසා හෝ සමෘද්ධිය ආධාර්මිකව නොපතන තැනැත්තා සිල්වතා ද නුවණැත්තාද ධාර්මිකයාද වන බව ධම්මපදය කියයි.

 

වප් අව අටවක පෝය

වප් අව අටවක පෝය නොවැම්බර් මස 06 වනදා අඟහරුවාදා අපරභාග 05.34 ට ලබයි.
07 වනදා බදාදා අපරභාග 06.18 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම නොවැම්බර් 06 වැනිදා අඟහරුවාදාය.

මීළඟ පෝය නොවැම්බර් 13 වැනිදා අඟහරුවාදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

නොවැම්බර් 06

New Moonඅමාවක

නොවැම්බර් 13

First Quarterපුර අටවක

නොවැම්බර් 20

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 27


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]