UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ප්‍රශ්නය
විඥානය නිසා නාම රූප හට ගැණේ. “විඥාණපච්චයා නාමරූපං” මෙම ප්‍රස්තුතය ගැඹුරු දහමක් අන්තර්ගතය. එහෙත් සරලව ධර්මානුකූ®ලව විවරණයක්ද කළ හැකියි. පැහැදිලි කරන්න.

පිළිතුර
නාමරූප යනුවෙන් සැලකෙන්නේ ස්කන්ධ පංචකයයි. වේදනා සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන ස්කන්ධ හතර නාම ස්කන්ධය වශයෙන්ද වෙන්වෙයි. නාම ශබ්දය නොයෙක් අතට නැමීම “ යන අදහස දෙයි. නාම ස්කන්ධ එබඳු නොයෙක් අතට නැමීමට පත්වන ධර්ම නිසා ඒ නාමයෙන්ම සංග්‍රහ වී තිබේ.

සුඛ දුක්ඛ වශයෙන් පමණක් නොව කුසල අකුසල වශයෙන්ද නාමස්කන්ධය නොයෙක් අතට පරිවර්තනය වෙයි. “රූප” යනු විනාශ වන ස්වභාවය යන අර්ථයයි. රූපයෙහි ස්වභාවය ක්‍ෂණික වෙනස්වීමයි.

ප්‍රශ්නය
“මම සැප විඳිමි” යන හැඟීම යම් තාක් සත්වයා තුළ බලපවත් වයි නම් ඒ තාක් ඔහු තුළ භවයෙන් ඉවත් වීමේ කැමැත්ත පහළ නොවේ. මේ හැඟීම සත්වයා තුළින් ඉවත් කළ හැකි විසුද්ධි මාර්ගය පැහැදිලි කරන්න.

පිළිතුර
දුඞඛ නිරෝධ ගාමිණී පටිපදා මාර්ග සත්‍යයෙහි ප්‍රථමයෙන්ම “සම්මා දිට්ඨිය” යෙදී ඇත්තේ මේ දුක්ඛ සමුදයාර්ය සත්‍යය නැසීම සඳහා අත්‍යර්ථයෙන්ම වැඩිය යුතු ප්‍රධාන මාර්ගාංගය වශයෙනි.

ප්‍රශ්නය
බුදු දහමට අනුව “ පුද්ගල පද්මය” විකසිත විය යුත්තේ සමාජයීය පරිසරය මාධ්‍ය තුළමයි.මේ නිසා කෙනෙකු නිරතුරුවම අන් අයගේ ජීවිත වටිනාකම පිළිබඳව සැලකිලිමත් විය යුතුය. අත්තුප්පනායක ධම්ම පරියාය (තමා උපමානය වශයෙන් සලකා) දේශනා ක්‍රමයට අනුව පැහැදිලි කිරීමක් කරන්න)

පිළිතුර
මම යන “ රූපකාය” බිහිවන්නේ අවට පරිසරය සාධක කොටගෙන බව බුදුදහම අවධාරණය කරයි. සිඟාලෝවාද සූත්‍රාගත තොරතුරු වලට අනුවත්, පුද්ගල පෞරුෂය ගොඩ නැගෙන්නේ අවට පරිසරයේ ප්‍රතිඵලයක් වශයෙනි. බුදුරදුන් එම සුත්‍රයෙහි අවධාරණය කරන්නේ යුතුකම්වලින් අයිතිවාසිකම් ගම්‍යමාන වන බවක් අයිතිවාසිකම්වලින් යුතුකම් ගම්‍යමාන බවත්ය. අපට ලැබෙන අයිතිවාසිකම්වලට කෘතගුණ පූර්වක ආකල්පයක් දක්වන්නේ නැත්නම් දුදනන් හා මෝඩයන් (අසේවනාච බාලානං එතං මංගල මුත්තමං) බහුල සමාජයක් බිහිවන ලකුණු පහළ වන බවත් සමාජය සදාචාරාත්මක අගයෙන්ද පිරිහී පුද්ගල අගයද හීන වී යන බවත්ය. එයින් අදහස් වන්නේ සොබාදහම අපවෙත සාධාරණ අන්දමින් සලකන නිසා අප විසින්ද සොබා දහමට සාධාරණ අන්දමින් සැළකිය යුතු බව අවධාරණය කරයි.

ස්වභාව ධර්මය සමඟ කතාබහක් ඇති කරගත හැකි එකම මඟ නම් සදාචාරය බව බුදුසමය විශ්වාස කරයි.

ප්‍රශ්නය
බුදුරජාණන් වහන්සේගේ ධර්මදූත සේවයේ උසස් ප්‍රතිඵල ලැබූ ශාක්‍යජනපදය බුදුරදුන්ගේ ජන්මභූ®මියද විය. මෙම ශ්‍රේෂ්ඨ ශාක්‍ය ජනපදයෙන් බුදුසසුනට එකතුවූ විශේෂිත පුද්ගල නාමයන් කිහිපයක් සටහන් කරන්න.

පිළිතුර
මහා ප්‍රජාපතී ගෝතමී යශෝධරා , රාහුල, නන්ද, අනුරුද්ධ, නාග, කිම්බිල යන අයයි.

ප්‍රශ්නය
සතිපට්ඨාන යනු අප කරන දෛනික ක්‍රියා විෂයෙහි අඛණ්ඩව අවධානය යොමු කිරීමයි. ඒ අනුව භාවනාව ජීවිතය ක්‍රියා විරහිත කිරීමක් නොව අලස උදාසීනකම නැතිකොට දිවියට අවදි බවක් ලබාදී තියුණු සංවේදි තත්වයකට ඉන්ද්‍රියන් පුහුණූ කරවන ව්‍යායාමයක් වෙයි. පැහැදිලි කිරීමක් කරන්න.

පිළිතුර
සාමාන්‍ය මිනිස් ස්වභාවය වන්නේ අතට පත් වර්තමාන මොහොතේම ජීවත්වීම නොවේ. මිනිසා හැමවිටම ඊට පෙර ජීවත්වු අවසථාව ගැන සිතමින් පසුතැවිලි වෙයි. ශෝක වෙයි. යළි ආශ්වාදයක් විඳියි. නැතහොත් ඉන්පසු එන මොහොත ගැන සිතමින් සිහින මවයි. ප්‍රාර්ථනා කරයි. සැලැසුම් සදයි. ඒ අතර වර්තමාන මොහොතේ කෙරෙන ක්‍රියාවන් ද නිසි අවධානයකින් තොරව කෙරීගෙන යයි. එහි පූර්ණ අවබෝධයකින් කැපවීමකින් යෙදීමට පුද්ගලයාට අවකාශයක් නොලබයි. සැබවින්ම ඔහු වර්තමානයේ ජීවත් නොවෙයි.අතිතයේ හෝ අනාගතයේ ජීවත් වෙයි. නිසි සතුටක් දරා ගැනීමට හෝ සම්පූර්ණ ප්‍රතිඵල ලබා ගැනීමට ඔහු අපොහසත් වෙයි. බොහෝ විට බරපතළ කරදරයකට ඇද වැටෙයි.

නිදසුනක් වශයෙන් වාහනයක් පදවන රියදුරෙකු ගැන සිතා බැලිය හැකියි. ඔහු කරන ක්‍රියාවෙහි සිහිය (සමිපජානකරි) ක්‍රියාව හා රැඳී නොපවත්නේ නම් ඒ හැම භයානක තත්වයකට මුහුණ දීමේ අවදානම හැම මොහොතකම තිබේ. ඒ නිසාම සිහිය ඇතිව ඕනෑම වැඩක නිරතවීම ප්‍රයෝජනවත් බව කවරෙකුට වුව අත්දැකීමෙන් අවබෝධ වනු ඇත.

මිනිසා සිහියෙන් යුතුව කටයුතු කරන්නේ නම් අමතක වීම් වැඩ පැහැර හැරීම් නැතිව පවතින වර්තමානයෙහි නියමිත කාර්යයෙහි සිහියෙන් යුතුව කටයුතු කරනු ඇත. එවිට ප්‍රතිඵලයෙහි ප්‍රතිශතය වැඩිවේ. ක්‍රියාශීලි බව ප්‍රකට වේ.

මෙසේ සිහිය වර්තමානයෙහි යෙදීමෙන් (සතිපට්ඨානය) ඉතාමත් ප්‍රබෝධමත් කර්මණ්‍ය පුද්ගලයෙකු සමාජයට බිහිවේ.

ප්‍රශ්නය
ඉපරැණි මිනිසාගේ ජීවන මාර්ගය පිළිබඳව හඳුනාගැනීමක් “ව්‍යග්ඝ පජ්ජ” සූත්‍රාගත තොරතුරුවලින් අනාවරණය වෙයි. පැහැදිලි කරන්න.

පිළිතුර
බුද්ධ කාලීන භාරතයේ පැවැති ජීවන වෘත්තීන් හයක් පමණ හඳුනාගත හැකිය.

1. කෘෂිකර්මය (කසියා)
2. වෙළඳාම (වණිජ්ජා)
3. ගවපාලනය (ගොරක්ඛ)
4. දුනු ශිල්පය ( ආරක්ඛ ඉත්‍ථන)
5. රාජ්‍ය සේවය ( රාජපොරිසේන)
6. අමතර ශිල්ප ක්‍රම (පඤ්ඤාතරෙන)

ප්‍රශ්නය
නිවන් පසක් කරගනු කැමැති අයකු විසින් තමා විසින් ඇතිකරගත යුතු බල ධර්මයෝ පසෙකි. ඒ මොනවාද

පිළිතුර
සද්ධා බලය- විරිය බලය - සති බලය - සමාධි බලය – පඤ්ඤා බලය යනු ඒ පසයි ශ්‍රද්ධා බලය ඇතිකරගත් තැනැත්තෙකුට ඉතිරි සිව් බලය ඇතිකර ගැනීම පහසුය.

ප්‍රශ්නය
පින්කිරියවත් තුනකි. ඒ මොනවාද? බෞද්ධයා විසින් පිළිවෙතට සමීපතම ක්‍රියා තුනක් වශයෙන් දේශනාවෙහි සඳහන් වෙයි.

පිළිතුර
දානමය පුණ්‍ය ක්‍රියා වස්තු ශීලමය පුණ්‍ය ක්‍රියා වස්තු භාවනාමය පුණ්‍ය ක්‍රියා වස්තුය.

ප්‍රශ්නය
සමකාලීන නිකායිකයන් ඉදිරිපත් රන ලද විවිධ අදහස් හා මතවාද බණ්ඩනය කරමින් “කථාවත්ථූප්පකරණය” නමින් ග්‍රන්ථයක් බිහිවිය. මෙම කෘතියෙහි කර්තෘවරයා මෙන්ම බිහිවූ කාලපරිච්ඡේදය පිළිබඳව ද පැහැදිලි කරන්න.

පිළිතුර
පරවාද මථනය හෙවත් විවිධ නිකායික මතයන් ඛණ්ඩනය කරමින් මොග්ගලීපුත්ත තිස්ස මහ රහතන් වහන්සේ කථාවත්ථූප්ප කරණය සකස් කරන ලදී. පැරැණි දඹදිව අශෝක මෞය¸ යුගයෙහි ජීවත් වූ උන්වහන්සේ ධර්මාශෝක මහ රජුගේද ධර්මාචාර්යවරයා වූ සේක.

ප්‍රශ්නය
බුදු සමයට අනුව යුක්තිය සාධාරණ පිළිබඳ ආධිපත්‍යය ශක්‍රයාට හිමිවෙයි. ගුත්තිල සඳකිදුරු, ආදි ජාතක කථාවලදි ඒ බව පැහැදිලිව දක්නට ලැබෙයි. ශක්‍ර පදවිය වටා ගෙතී ඇති සද්ගුණයන් පාලි පොත්හි බෙහෙවින් දක්නට ලැබෙයි. “මහාලි ලිච්ඡවී සහ බුදුරජාණන් වහන්සේ අතර ඇතිවූ සංවාදයෙහි මේ පිළිබඳ තොරතුරු රාශියක් එම දේශනයෙහි ඇතුළත් වෙයි. පැහැදිලි කරන්න.

පිළිතුර
 (සං.නි.මහාලී සූත්‍ර)

මහාලී ලිච්ඡවී බුදුරදුන් හමුවී ඔබ වහන්සේ ශක්‍රයා දැක තිබේදයි අසයි. එවිට බුදුරදුන් “දිට්ඨො මෙභන්තෙ සක්කො දෙවානමින්දොති දිට්ඨො මෙ මහාලි සක්කො දෙවානමින්දොති” මහාලී යනුවෙන් මම ශක්‍රයාද දැක ඇත්තෙමි වදාළහ. එය පිළිනොගත් මහාලී වහන්ස, ඔබ වහන්සේ දැක ඇත්තේ සක්ක පතිරූපක ශක්‍රයාගේ ප්‍රතිරූපකයක් (සමාන රූපයක්) විය යුතුය. කිසිවිටක ශක්‍රයා (දුද්දසොහි භන්තෙ) දැකීමට දුෂ්කර වූ බව කියැවෙයි.

 

වෙසක් අව අටවක පෝය

වෙසක් අව අටවක පෝය මැයි 12 වැනි දා සෙනසුරාදා අපරභාග 03.28 ට ලබයි.
13 වැනි දා ඉරිදා අපරභාග 03.29 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම මැයි 12 වැනි දා සෙනසුරාදා ය.

මීළඟ පෝය
මැයි 20 වැනිදා ඉරිදාය
.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මැයි 12

New Moonඅමාවක

මැයි 20

First Quarterපුර අටවක

මැයි 28

Full Moonපසෙලාස්වක

ජූනි 04


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]