UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ප්‍රශ්නය
“අප කෙතරම් උත්සාහ කළත් ජීවිතය මඟ හරින්නට බැරිය. නගරයක වුවද වනාන්තර ගුහාවක වුවද ජීවත්වනතුරු ජීවිතයට මුහුණ පෑ යුතුමය. සැබෑ ජීවිතය නම් දැන් පවත්නා මේ මොහොත මිස මියගිය අතීතයේ මතක සටහන් හෝ නූපන් අනාගතය පිළිබඳ සිහින හෝ නොවේ. මේ මොහොතේ ජීවත් වන්නා සැබවින්ම ජීවත්වෙයි. ඔහුට වැඩි පී‍්‍රතිමතෙක් මිනිසුන් අතර නැත “ (බුදුන් වදාළ ධර්මය) ඉහත පාඨයෙන් අවධාරිත අදහස බෞද්ධ භාවනා ක්‍රමයක් ගැන එකඟ විය නො හැකි ද? ඒ කුමන භාවනාවක් සමඟ ද යන්න පැහැදිලි කරන්න.

පිළිතුර
“භාවනා” ක්‍රමවේදයන්ගෙන් එකක් වන “ආනාපානසති” භාවනාව ඉතා පහසු එකක් වන අතර “ජීවිතෙන්ද්‍රිය” හා සමීපතම භාවනාවයි. චිත්ත ඒකාග්‍රතාව දියුණු කිරීම අරමුණුකොට උසස් ධ්‍යාන සමාපත්ති වලට ද හේතුකාරක වන්නේය. ඉහත සඳහන් පාඨයෙන් අවධාරිත පී‍්‍රතිමත් මිනිසා නිර්මාණය කිරීමේ හැකියාව “ආනාපාන” සති භාවනාවෙන් සිදුවීමද සුවිශේෂයෙකි. නිර්වාණාවබෝධය ඇතුළු කෙබඳු අවබෝධයකට වුවත් මෙම චිත්ත ඒකාග්‍රතාව අත්‍යවශ්‍යය.

මේ හැර ආනාපානසති භාවනාවෙන් වහාම ලැබිය හැකි ප්‍රතිඵලද වෙයි. එය අපේ සෞඛ්‍යයටද විශ්‍රාමයටද සුව නින්දකටද දෛනික කටයුතු සඳහා මනා කළමනාකාරිත්වය හේතු වන යහපත් සිහියද ලබාදෙයි. තමා කරන කටයුත්තෙහි ජීවත් විය යුතුය.අප බොහෝ විට ජීවත්වන්නේ අප කරන කටයුතු වල හෙවත් දැන් පවත්නා මේ මොහොතේ නොවේ. වර්තමානය අමතක කොට අපි අනාගතයෙහි ජීවත්වෙමු. අපි වැඩක යෙදෙන බවක් පෙනෙන නමුත් අපේ සිතිවිලි අපේ අතීතය පිළිබඳ හැඟීම්වලට හෝ අනාගතය පිළිබඳ සිහින කල්පනා ප්‍රාර්ථනාවලට අයත්වෙයි. බුදුරජාණන් වහන්සේ වදාළ පරිදි අපි අපේ වර්තමානික කටයුතුවලදී සිහිය පවත්වා ගනිමු. (සත් සම්පජඤ්ඤ) කරන කටයුත්තෙහි හෙවත් මේ මොහොතෙහි ජීවත් විය යුතුය.

ප්‍රශ්නය
පුරා පන්සාළිස් වසක් මුලුල්ලේ ඉටුකළ බුද්ධ සේවාවෙහි පරමාර්ථය ලොකාර්ථ චර්යාවයි. ඒ සඳහා උන්වහන්සේ වෙත භාවිත බහුලීකෘත මහා කරුණාව හා මහාප්‍රඥාවෙන් පිරි චරිතාපදානයන් ඉන්ද්‍රඛීලයක් සේ අකම්ප්‍ය මහාත්ම ශක්තියත් හේතුභූත විය.ඒ ශක්තිය ගොඩනැඟීමට හේතු කාරක වශයෙන් උන්වහන්සේගේ චරිතය පිළිබඳව සැඟවිය යුතු නැති (අනාවරණය වූ ) චෝදනා නොකළ හැකි කරුණු තුනකුත් ඇති බව තථාගත ශ්‍රී මුඛ දේශනාවන් පෙළ පොත්වල සඳහන්වෙයි. බුද්ධ චරිතාපදානයෙහි ඇති මේ තොරතුරු පිළිබඳව පැහැදිලි කිරීමක් කරන්න.

පිළිතුර
තථාගතයන් වහන්සේට සැඟවිය යුතු කරුණු 04 ක් වෙයි. එනම්

1. සුපිරිසිදු කාය වාග් සමාචාර ඇතිබව
2. කාය දුශ්චරිතයෙන් තොරබව
3. වාග් දුශ්චරිතයෙන් තොරබව
4. මනො දුශ්චරිතයෙන් තොරබව

මේ සියල්ල එක්තැන් වූ සම්‍යග් ආජීවයක් ඇතිබව වදාළසේක.

චෝදනා නොකළ හැකි කරුණු 03 කි.

1. තථාගත ධර්මය ස්වාක්ඛාත නොවේ යැයි චෝදනා කළ නොහැක.
2. තථාගත ධර්මය නිර්වාණගාමී නොවේයැ ‘යි චෝදනා කළ නොහැක
3. තථාගත ධර්මය ප්‍රතිපදා මාර්ගයක් වශයෙන් මැනවින් නොපණවන ලදැයි චෝදනා කළ නොහැක.

 

 

මැදින් අව අටවක පෝය

මැදින් අව අටවක පෝය මාර්තු 14 වැනි දා බදාදා අපර භාග 07.48 ට ලබයි. 15 වැනි දා බ්‍රහස්පතින්දා අපරභාග 06.20 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 15 වැනි දා බ්‍රහස්පතින්දා ය.

මීළඟ පෝය
මාර්තු 22 වැනි බ්‍රහස්පතින්දාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මාර්තු 15

New Moonඅමාවක

මාර්තු 22

First Quarterපුර අටවක

මාර්තු 30

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 06


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]