UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ප්‍රශ්නය
අනුත්තරං පුඤ්ඤඛෙත්තං උතුම් පින් කෙත අංග අටකින් යුක්ත බව උපමා උපමෙය වශයෙහි බුදුහු වදාළහ. ඛෙත්තූපම සූත්‍රයෙහි දී (අං.නි.5 153) සාමාන්‍ය කෙතක ගුණාත්මක බව හා පින්කෙතෙහි “මහානිසංසං මහා ජතිකං යන විශේෂණ පද මගින් විශේෂිත බව දේශනා කළහ. මෙම විශේෂිත පින්කෙතෙහි අංග අට මොනවාද?

පිළිතුර
සාමාන්‍ය කෙතක මහිමය මෙසේ පළමුවෙන් වදාරා වලගොඩැලි නැතිබව ගල් බොරුලු කර මැටි නැති බව ගැඹුරට සාන ලද ගලා එන ජල මං ඇති බව, කෙත් සීමා (නියර) සහිතද වෙයි. එසේම අංග අටකින් යුත් උතුම් පින්කෙත්හි වපුල බිත්තර වියෙහි (දන්දීමෙන්) මහත් ඵල මහත් අනුසස් ඇත්තේ වෙයි.

ඒ අංග අට නම් අරිඅටඟි මඟෙහි පිළිපන් මහණ බමුණන් කෙරෙහි දන් වැට පැවැත්වීමෙන් කුසල සම්පත් බහුල වෙයි.

මෙලොව සම්පත් කැමැත්තෝ අරි අටඟි මඟට පිළිපන් මහණ බමුණන්ට දන් දීම කළ යුතුය. ඔහු විසින් දෙන ලද දානමය පුණ්‍ය කර්මය ඒකාන්තයෙන්ම ඵල සම්පත්. ‘වෙපුල්ල සම්පදාහොති” ලැබීමට හේතුවෙයි.

ප්‍රශ්නය
අනුරාධපුර නටබුන් අතර “වෙස්සගිරිය” නමින් පුදබිමක් සටහන් වී තිබේ. වර්තමාන යේ “වෙස්සගිරිය” යන නමින් ව්‍යවහාරයේ පැවතුණත් එහි නියම නාමය ඉස්සර සමණ විහාරය යන්නයි. මෙම ආරාමය පිළිබඳව පැහැදිලි කිරීමක් කරන්න.

පිළිතුර
වෙස්සගිරි විහාරය ලක්දිව බුදු සසුන පිහිටුවන ලද අවස්ථාවේ සිටම භික්‍ෂූන් වහන්සේගේ ආරාම පිහිටි පුදබිමක බව ක්‍රි.පූ. තුන්වන සියවසට අයත් සෙල්ලිපි හමුවීමෙන් පැහැදිලි වෙයි.

වෙස්සගිරි ආරාමයෙහි උස් බිමෙහි දාගැබක් තිබීමත් ඒ අවට ආරාමික ගොඩනැගිලි බොහොමයක් පිහිටා ඇත. මෙම විහාරය රමණීය භුමියක් වූ බව අවට ගල් ගුහාත් පර්වත හා අනෙකුත් ආරාමික ගොඩනැගිලිත් අනුව ආරාම සංකීර්ණයක පැවැතිය යුතු ශාන්ත බව තිබෙන්නට ඇත.

ප්‍රශ්නය
නජච්චා වසලො හොති නජච්චා හොති බ්‍රාහ්මණො
කම්මණා වසලො හොති කම්මණා හොති බ්‍රාහ්මණො
(වසල සූත්‍රය- සං.නි.)

මිනිසෙක් උපතින් වසලයෙක් හෝ බ්‍රාහ්මණයෙක් නොවන්නේය. කර්මයෙන් හෙවත් ක්‍රියාවෙන් වසලයෙක් හෝ බ්‍රාහ්මණයෙක් වන්නේ යැයිද බුදුහු වදාළහ.

මෙම දහම් නියමය ප්‍රායෝගික වශයෙන් සනාථ කළ හැකි සාධක දේශනා පාලියට අනුව පැහැදිලි කරන්න.

පිළිතුර
මෙම වසල සූත්‍ර දේශනා පාඨයෙහි කම්මාන වසලොහොති කම්මනාහොති බ්‍රාහ්මණො යන තන්හි ‘කම්මාන’ (කර්මයෙන්) යන්න පූර්ව කර්මය වශයෙන් සැලකිය නොහැකිය. එය පූර්ව කර්මය නම් ඒ කර්මය නිසා මිනිසා උපතින්ම වසලයෙකු හෝ බ්‍රාහ්මණයෙකු විය යුතුය. එසේ නොවන බව ‘නජච්චා වසලොහොති’ ආදි මුල් ගාථා දෙපාදයෙන් දේශනා කරන ලද්දේය. බුදුරජාණන් වහන්සේ මෙහිදී අවධාරණය කරන ලද්දේ වර්තමාන කර්මයයි. (මෙලොවදීම කරන) කර්මය හෙවත් ක්‍රියාවයි. යමෙක් මෙලොව මිනිසත් බව ලබා සතුන් මැරීම රහමෙර පානය වැනි පහත් ක්‍රියාවන්හි යෙදෙයි නම් පහත් වසලයෙක් වේ. යමෙක් පස් පවින් වැළකී සුචරිතයෙහි හැසිරේනම් හෙතෙම උත්තමයෙකි බ්‍රාහ්මණයෙකි.

මිනිසුන් අතර ගොවිකම කරන්නා ගොවියෙකි. බ්‍රාහ්මණයෙකු නොවේ. සිල්ප දැන ඉගෙන ක්‍රියා කරන්නා ශිල්පියෙකි. ගණූදෙනු කරන්නා වෙළෙන්දෙකි. අනුන්ට මෙහෙකරන්නා මෙහෙකරුවෙකි. අන්සතු දෙය පැහැරගෙන ජීවත් වන්නා හොරෙකි. පුරෝහිතකම් කරන්නා පුරෝහිතයෙකි. ගමක් රටක් පාලනය කරන්නා රජෙකි. මේ කටයුතු කරන කිසිවෙකුට බ්‍රාහ්මණයෙකු යැයි කිව නොහැකිය. බැමිණියකගේ යෝනියෙන් උපන් පමණින් කිසිවෙකුට බ්‍රාහ්මණ යැයි කිව නොහැකිය. මෙසේ කුලය මිනිස් ක්‍රියාවන් අනුව ප්‍රචලිතව මනුෂ්‍ය නිර්මාණයක් බව අවධාරණය කෙරෙන අතර - දේව මැදිහත් වීමකින් හෝ නියති මුළාවකින් තොරව සමාජය පැවැතිය යුතු බව වදාළහ.

ප්‍රශ්නය :-
“විඤ්ඤාණප්පච්චයා - නාමරූපං” විඤ්ඤාණය නිසා නාම රූප හට ගනී. මෙම ප්‍රස්තුතය ගැඹුරු ධර්ම කරුණකි. එහෙත් සරලව ධර්මානුකූ®ලවද විවරණය කළහැකිය. පැහැදිලි කරන්න.

පිළිතුර
නාම හා රූප යන්නෙන් ගැනෙන්නේ ස්කන්ධ පංචකයැයි වේදනා සඤ්ඤ සංඛාර විඤ්ඤාණ යන ස්කන්ධ හතර “නාම” ස්කන්ධ වශයෙන්ද රූපස්ඛන්ධය කය හෙවත් භෞතික අංශය වශයෙන් වෙන්කොට දක්වා ඇත. නාම ශබ්දය නොයෙක් අතට නැමීම යන අදහස දෙයි . නාමස්ඛනධ එබඳු නම්‍යශීලි ගතිය නිසා නාම යන නාමයෙන් සංග්‍රහ වී ඇත.

ප්‍රශ්නය
බුදුරජාණන් වහන්සේ “අත්තුප්පනායික ධම්ම පරියාය වශයෙන් දේශනා කොට වදාළ ධර්මය කුමක්ද සුවිශේෂ වූ ධර්ම කරුණ සහ සඳහන් සූත්‍රයද සඳහන් කරන්න.

පිළිතුර
වේළුද්වාර සූත්‍රාගත අත්තුප්පනායක ධම්මපරියාය” පැහැදිලි කිරීමේදී උන්වහන්සේ දෙයාකාර වෙන් කිරීමක් දක්නට ලැබේ. පළමුවැන්න අගැයුම්ශීලි අංශය දෙවැන්න සිද්ධිවාචක අංශය යනුවෙනි. තමා උපමාවට ගෙන අනුනට හිංසා නොකළ යුතුය. ‘මම වනාහී ජීවත්වනු කැමැත්තෙමි සුව කැමැත්තෙමි. දුක් පිළිකුල් කරන්නෙමි. එසේ වූ මගේ දිවිය තොර කරන්නේ නම් මට අපි‍්‍රයජනක ක්‍රියාවක් වෙයි. මාමෙන්ම අනෙකාගේද දිවිතොර නො කළයුත්තේ ඔහුද මා මෙන්ම තම දිවියට ආදරය කරයි. එසේ නම් ඔහුද දිවිය රැක ගත යුතුය. අප දෙදෙනාම ප්‍රාණඝාතයෙන් වැළකී. කාය සංවරය වැඩිය යුතුය.

 

 
බක් අව අටවක පෝය

බක් අව අටවක පෝය අප්‍රේල් 13 වැනිදා සිකුරාදා පූර්ව භාග 04.51 ට ලබයි.
14 වැනි සෙනසුරාදා පූර්වභාග 04.02 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අප්‍රේල් 13 වැනිදා සිකුරාදා ය.

මීළඟ පෝය
අප්‍රේල් 20 වැනිදා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අප්‍රේල් 13

New Moonඅමාවක

අපේ‍්‍රල් 20

First Quarterපුර අටවක

අප්‍රේල් 29

Full Moonපසෙලාස්වක

මැයි 05


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk