අනුරාධපුර
රුවන්වැලිසෑය මහා විහාර
(විශ්‍රාමික) පරිවේණාධිපති කොළඹ නව කෝරළේ සහ නව තොටමුණේ
ප්‍රධාන සංඝනායක
වහුමුවේ විජයවංස නා හිමි ප්‍රශ්නය
සාමණේරයන් වහන්සේ බිසොවුන්ගේ බස් අසා දාන සම්භාර බලා සතුටුව රජව
උපනහොත් බුද්ධ සාසනයට උපකාරීව බොහෝ පින් කර ගත හැක්කැ’යි සිතා එළඹ
සිටියාවූ දිව්‍යලෝක සම්පත්තිය හැර බිසොවුන්ගේ ආරාධනාව පිළිගත් සේක.
( සං. ලං. 431 පිටුව )
සද්ධර්මාලංකාර කතුවරයා මේ පුවතින් හෙළිකරන රජතුමා කවරෙක්ද? පැහැදිලි
කිරීමක් කරන්න.
පිළිතුර
වංස කථා සාහිත්‍යයේද සද්ධර්මාලංකාර කෘතියෙහි ද ඉදිරිපත් කර ඇති පරිදි
ගැමුණු කුමරු විහාර මහා දේවියගේ කුස පිළිසිඳ ගැනීමට පෙර තිස්ස මහා
විහාරයේ වැඩ විසූ සාමණේර භික්ෂුවකි. දරු ප්‍රතිලාභයක් නොමැතිව
කනස්සල්ලෙන් පසුවූ විහාරමහා දේවිතුමූ තම ස්වාමියාවූ කාවන්තිස්ස රජතුමා
සමඟ තිස්ස මහා වෙහෙර වැඩ විසූ මහ රහතන් වහන්සේ කෙනෙකුන් ඇසුරු කෙරෙති.
උන්වහන්සේ පින්වත් විහාරමහා දේවිය වාසනාවන්ත පුත්‍ර ලාභ ඇත්තියෙක බව
පවසති. රහතන් වහන්සේගේ උපදෙස් ඇතිව දේවිය එම වෙහෙර ගිලන්ව වැඩ සිටි
සාමණේරයන් වහන්සේ නමක් කරා එළඹ තමන්ට පුත්ව උපදින මෙන් ආයාචනය කර සිටී.
එහෙත් සාමණේරයන් වහන්සේ අපවත්ව දෙව්ලොව ඉපදීමට කැමැති බව ප්‍රකාශ කරති.
එහිදී විහාරමහා දේවිය උන්වහන්සේ තමාට පුත්ව උපත ලදහොත් මතු රාජ්‍යයට
පත්ව බොහෝ පින්දහම් කළහැකි බව ප්‍රකාශ කරයි. සාමණේරයන් වහන්සේ පසුව
දේවියගේ අයැදිම පිළිගනිති.
ප්‍රශ්නය
සාධු සමාජයක ගති ලක්‍ෂණය වන්නේ එක් අයෙකුගේ යහපත් බව සමස්ත සාධු
සමාජයේම යහපත්බවේ ඓක්‍යයයි. පෙළ දහමට අනුව පැහැදිලි කරන්න.
පිළිතුර
සුමනවග්ග මහාසාල සූත්‍රය
( අං. නි. ) අනුව බුදු රජාණන් වහන්සේ වරෙක ඒක පුද්ගල යහපත “ සද්ධං
කුලපුත්තං නිස්සාය” හේතුවෙන් “ අන්තොජනා” වටා සිටින්නවුන්
( ඇසුරු කරන්නවුන් ) කරුණු පහකින් අභිවෘද්ධියට පැමිණෙන බව වදාළහ.
එනම්
( 1 ) සැදැහැයෙන් වැඩි දියුණුවේ
( සද්ධා )
( 2 ) සිල්වත් බවින් වැඩි දියුණුවේ ( සීල )
( 3 ) පරිත්‍යාගයෙන් ( දීමෙන් )
( චාග )
( 4 ) ප්‍රඥාවෙන් වැඩි දියුණුවේ
( පඤ්ඤා )
( 5 ) ශ්‍රෘතයෙන් ( ඇසීමෙන් )
( ශ්‍රෝත )
පුද්ගල යහපත සිදුවේ.
ප්‍රශ්නය
දරු සම්පත දෙමව්පියන්ට සම්පතකි. පුතකුගේ උපත වඩාත් සැපතක් වශයෙන්
සැලකෙන සමාජ සම්මතයක් වන බව බුදු දහම අවධාරණය කරයි. පුත්‍ර ජන්මලාභය
වඩාත් ප්‍රිය මනාප සම්පතක් වීමට හේතු කිහිපයක් බුදු දහම පෙන්වා දෙයි.
පැහැදිලි කරන්න.
පිළිතුර
“ මාතා පිතරො පුත්තං ඉච්ඡාන්ති
ඨනානි සම්පස්සන්තා - කුලෙජයමානං “
( අං. නි. සුමනවග්ග පුත්ත )
පුතකුගේ ජන්මය වඩාත් කැමැති වන කරුණු පහක් ඇති බව බුදු දහම අවධාරණය කොට
ඇත.
එනම් :- තමා සුවපත්ව අපවද සුවපත්කරයි
( භතොවා නො භරිස්සාමි )
අපගේ කුදු මහත් කටයුතු නොපිරිහෙළා ඉටු කරන්නේය.
( කිච්චංවා නෙසංකරිස්සාමි )
අපගේ කුල පරපුර දුෂිත බවින් තොරව ආරක්‍ෂා කරන්නේය.
( කුලවංසං ඨපෙස්සාමි )
දුන් දෙය අප කැමැත්ත පරිදිම කටයුතු කරන්නේය.
( දායජ්ජං පටිපජ්ජති )
අප මිය පරලොව ගිය දිනක පිනට දහමට යොමු කර දන්පැන් දෙන්නේය.
අථමපන පෙතානං කාලකතානං දක්ඛිණං අනුප්ප දස්සනං”
ප්‍රශ්නය
බුදු දහමට අනුව සසර පැවැත්මට ප්‍රධාන සාධකයකි තෘෂ්ණාව. මිනිස් මනස තුළ
තණ්හාව උපදවන හේතු කාරකයන් අතර ඉච්ඡාව ( ආශාව ) මූලික වෙයි. මෙම
දුර්ගුණයන් රහත් බව දක්වාම මිනිස් මනස තුළ ක්‍රියාත්මක වෙයි. සිව්
වැදෑරුම් වූ ඉච්ඡාව නම් වූ දුර්ගුණ මොනවාද ?
පිළිතුර
ඉච්ඡා ( ආශාව ) නම් දුර්ගුණ මෙසේය.
අත්‍රිච්ඡතා
තමා වෙත කෙතෙක් ලැබුණත් තෘප්තිමත් නොවීම හා අනූන සන්තකය තමා වෙත ලබා
ගැනීමට ඇති ලෝල බව අත්‍රිච්ඡතාවයි. මෙම අත්‍රිච්ඡතාවයෙන් යුක්ත
පුද්ගලයාට සැමවිටම තමා වෙත ලැබූ දෙයට වඩා අනුන් සතු දෙයම මහත්ය. වටිනා
බවින් වැඩිය යනුවෙන් මානසික අවනත්බවට පත්වෙයි.
පාපිච්ඡතා
තමා කෙරෙහි නැති ගුණ පහළ කිරීම හා පිළිගැනීමෙහි පමණ නොදන්නා බව
පාපිච්ඡතා නම් වෙයි. කුහක පිළිවෙතක්ම අනුගමනය කරන මොහු ශ්‍රද්ධා සීලාදී
අනුගමනය කරන මොහු ශ්‍රද්ධා සීලාදී ගුණ දහමින් පිරිහුනද ලොවට ඒ බව සඟවා
සත්ගුණවතෙක් සේ පෙනී සිටිී.
මහිච්ඡතා
මහත් ආශා හෙවත් කිසිදින තෘප්තිමත් නොවන ලෝභී බවයි.
අප්පිච්ඡතා
ඇති ගුණ ප්‍රකට නොකිරීම සහ පිළිගැනීමෙහි පමණ දන්නාබව අප්පිච්ඡතාවයයි.
අප්පිච්ඡතාවය මහත් ගුණයකි. තමා කිසිවිටකත් තමා සතු සද්ගුණයන් අනුන් වෙත
දැනගැනීමට අකමැති වෙයි. එම ශ්‍රාවක හඳුනාගැනීම ඔහු බලවත් සේ
විමසිලිමත්ව සිටීම පිළිවෙතක් කරගනී.
ප්‍රශ්නය
දෙව් මිනිසුන් සහිත ලෝකයාට ඉතා කඩිනමින් ( දෙව මනුස්සානං නචිරස්සේව )
භෝග සම්පත් බහුල කරගත හැකි හේතු හතරක්
( මහන්තං වෙපුල්ලත්තං පාපුමණන්නි භොගෙසු ) බුදු දහමෙහි සඳහන් වෙයි.
පැහැදිලි කරන්න.
පිළිතුර
දෙව් මිනිසුන් සහිත ලෝකයාගේ ලෞකික සම්පත් බහුලවීමට හේතු කාරණ හතරක් (
අං. නි ) චක්ක සූත්‍රයෙහි මෙසේ සඳහන් වෙයි.
එනම් :- පතිරූපදේශ වාසය
තමාට සුදුසු ( ප්‍රතිරූප ) අභිරුචියට හේතුවන පෙදෙසක විසීම.
සත්පුරුෂ ආශ්‍රය
ආත්ම පාරිශුද්ධි ( සඤ්ඤත දමිත බව )
සිත හා කයෙහි තැන්පත් බව )
පෙර වාසනා ( පින් ඇති ) පුබ්බේච කත පුඤ්ඤතා ගුණය ඇති බව.
ප්‍රශ්නය
දානය දස පාරමිතාවලින් පළමු වැන්නයි. ලොව්තුරා බුදු බව පතා යන ආර්ය
මාර්ගයෙහි එක් බෝසත් ගුණයෙකි. පෙළ දහමෙහි දානය යන සත් ක්‍රියාවට
විවිධාර්ථ දැක්වෙන පුවත් සඳහන් වෙයි. දෙන්නා හා ලබන්නේ
( දායක – ප්‍රතිග්‍රාහක ) දෙපාර්ශ්වයට ම ප්‍රතිදානයක් ලබන අයුරු
සුප්පාවාස කෝලිය සිටු දියණියට දේශනා කොට වදාළ දහම් පිළිවෙතින්
පැහැදිලිවේ. පෙළ දහම් තොරතුරු ඇසුරු කරමින් පැහැදිලි කරන්න.
පිළිතුර
( අං. නි. 4 – 120 පිටුව ) සුප්පාවාස සූත්‍ර සුප්පාවාසාවෙනි. දන්
දීමෙන් ප්‍රතිග්‍රාහකයාට ( ලබන්නාට ) ලැබීම් සතරක් ද දායක හෙවත් දෙනු
ලබන්නාට එම ලැබීම් ප්‍රතිදානයක් වශයෙන් ලබා ගනී.
( සුප්පාවාසෙ අරිස්සාවිකා පටිග්ගාහකානං චත්තාරිඨානානි දෙති )
ආයුෂ දෙයි ( ආයුං දෙති )
වර්ණය දෙයි ( වණ්ණං දෙති )
සැප දෙයි ( සුඛං දෙති )
බලය ( ශක්තිය ) දෙයි
( බලං දෙති )
මෙම දානයෙන් දායක පක්ෂය ද ආයුෂ බලය, සැප, වර්ණ යන ප්‍රතිලාභයන් ලබයි.
ප්‍රශ්නය
නවලෝකොත්තර ශ්‍රී සද්ධර්මය සන්දිට්ඨිකයි ( සන්දිට්ඨිකො ) දහමෙහි ඇති
මෙම ගුණය ධර්මානුකූලව පැහැදිලි කරන්න.
පිළිතුර
දිට්ඨි නම් දැකීමයි. මනා
( යහපත් ) දැකීම, සන්දිට්ඨික නම් වෙයි. ඒ මනා දැකීමට සුදුසු වූ යමක්
ඇද්ද ඒ සන්දිට්ඨික ගුණයෙන් යුතුය. නවලෝකෝත්තර ශ්‍රී සද්ධර්මය භාවනා
ප්‍රතිවේධ වශයෙන් ද ප්‍රත්‍යක්‍ෂ ප්‍රතිවේධ වශයෙන් ද දකිනු ලබන්නේ සසර
බිය තුනීවී යයි. ඒ නිසාම වස්ත්‍රයට නිසිවූයේ “ වත්ථික” වන්නාසේම මනා
දැකීමට සුදුසු වූයේ සන්දිට්ඨික නම් වෙයි.
|