[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

මේ මොහොත මැනවින් අවබෝධ කරගත් මහ ඇදුරු හේනේපොල ගුණරතන මහ නාහිමි

මේ මොහොත මැනවින් අවබෝධ කරගත් මහ ඇදුරු හේනේපොල ගුණරතන මහ නාහිමි

අමෙරිකා මහද්වීපයට බුදුදහම හඳුන්වා දුන් ආචාර්ය, අග්ගමහා පණ්ඩිත හේනේපොල ගුණරතන මහ නාහිමියෝ අනූඅට වනි විය සපුරති.

වර්තමානය වන විට අමෙරිකා එක්සත් ජනපදයේ ථෙරවාද සම්ප්‍රදායේ විහාරස්ථාන පන්දහසකට ආසන්න ප්‍රමාණයක් ආරම්භ වී තිබේ.

මේ ව්‍යාප්තිය පිළිබඳ ව පුරෝගාමී චරිතය ලෙස අවිවාදයෙන් හේනේපොල ගුණරතන නාහිමියන් දැක්විය හැකි ය. උන්වහන්සේ අමෙරිකානු සමාජය කේන්ද්‍ර කරගෙන ව්‍යාප්ත කරනු ලැබූ ශාසන පුනරුදය ලොව පුරා ප්‍රචලිත වූ ශාසනික මෙහෙවරක් බව සඳහන් කළ හැකි ය.

උන්වහන්සේ ලොව පුරා විවිධ රටවල්වල සංචාරය කරමින් ලොව පුරා විවිධ විශ්වවිද්‍යාලවල දේශන පවත්වමින්, පොතපත රචනා කරමින්, විදේශිකයන් පැවිදි කරමින්, ශාසන චිර පැවැත්ම සඳහා අවශ්‍ය කරන කටයුතු මැනවින් ඉටුකළ බව පැහැදිලි ය.

1955 ජනවාරි 14 වැනි දා ශ්‍රී ලංකාවෙන් ඉන්දියාව බලා ධර්මප්‍රචාරක කටයුතු සඳහා පිටත්ව යන උන්වහන්සේ මේ වන විට හැත්තෑ වසරකට වැඩි කාලසීමාවක් විදේශගත ව ධර්මප්‍රචාරක කටයුතුවල නිරත වෙති. ශාසන චිරස්ථිතියේ දී අතිශයින් ම වැදගත් වන්නේ ධර්මය පිළිබඳ උගත්, එමෙන්ම ධර්මය ප්‍රායෝගික ජීවිතයට උපයෝගී කර ගන්නා පිරිසක් නිර්මාණය කිරීමයි.

උන්වහන්සේ වෙතින් රචනා වූ “Mindfulness in plain English” ග්‍රන්ථය මේ වන විට භාෂා තිස් දෙකකට පරිවර්තන වී ඇත.

මෙම ග්‍රන්ථය අමෙරිකාව තුළ පමණක් මිලියන දහයකට ආසන්න පිටපත් ප්‍රමාණයක් අලෙවි කර ඇත.

ඉංග්‍රීසි භාෂාවෙන් කතා කිරීමෙන් පමණක් නොව, එම භාෂාවට බද්ධ වුණු සංස්කෘතික වචන තේරුම් ගෙන ඒ පිළිබඳ මනා අවබෝධයකින් ධර්ම ප්‍රචාරය සිදුකිරීමට අපේ නායක හාමුදුරුවෝ කටයුතු කොට ඇත.

 උන්වහන්සේ කිසිදින තනතුරු නම්බුනාම කිසිවක් අපේක්ෂා නොකළද? උන්වහන්සේ වෙනුවෙන් නම්බුනාම සහ තනතුරු පිරිනැමීම සමාජය වෙතින් සිදුවී ඇත. ථෙරවාද සම්ප්‍රදායෙන්, මහායාන සම්ප්‍රදායෙන් මෙන් ම වජ්‍රයාන සම්ප්‍රදායෙන් උන්වහන්සේ වෙත දක්වන ගෞරවය ඒ බව තුළින් හඳුනාගත හැකි ය. මේනිසා උන්වහන්සේ සංඝරාජයන් බවට බටහිර සාම්ප්‍රදායික බෞද්ධ සමාජයේ ජනතාව ද හඳුනාගෙන ඇති බව පැහැදිලි ය. එමෙන්ම මල්වතු මහාවිහාර පාර්ශ්වයෙන්් උන්වහන්සේ වෙත උතුරු අමෙරිකාවේ ප්‍රධාන සංඝනායක පදවිය පිරිනමන්නට යොදුණි. බුරුම රජය විසින් අග්ගමහා පණ්ඩිත උපාධිය පිරිනමන්නට යෙදුණි. ලොව ප්‍රකට සඟරාවක් වන National geography සඟරාව lions row, Tricicle, Wisdom සඟරාවන් ද උන්වහන්සේ වෙත විවිධ ගෞරව නාම පුදකොට ඇති අතර, New York Times පුවත්පත උන්වහන්සේ වෙත Master of Mindfulness ගෞරව නාමය පිරිනමා ඇත. උන්වහන්සේ වෙතින් සිදුවූ ශාසනික සේවාවේ උත්කෘෂ්ටභාවය පොත් ගණන් ලියා පළකළ හැකි ය. කෙසේ වෙතත් මේ වෙනුවෙන් කරුණු ඉදිරිපත් කිරීමෙන් පසු ශ්‍රී ලංකා රජය උන්වහන්සේ වෙනුවෙන් මුද්දරයක් නිකුත් කොට ගෞරව දැක්වූ අතර, මහනුවර මහජන පුස්තකාලයේ පරිශීලන අංශය උන්වහන්සේගේ නමින් නම් කරන්නට යෙදුණි.

 ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් සුවිශේෂ කාර්යභාරයක් දියත් කරමින් උන්වහන්සේගේ සියලු ග්‍රන්ථ සහ ලේඛන සිංහල භාෂාවට පරිවර්තනය කිරීමට කටයුතු කරන අතර, උන්වහන්සේගේ ග්‍රන්ථ අලෙවියෙන් ලැබෙන මුදල් ලංකාව වෙත යොමු කොට ඉන් කොටසක් ලාංකේය දුවාදරුවන්ට ශිෂ්‍යාධාර ලබා දීමේ වැඩපිළිවෙළක් ආරම්භ කොට ඇත. අධ්‍යාපනයේ මංමාවත් පුළුල් කරමින් පාසල් පද්ධතියට මෙන්ම විවිධ විහාරස්ථාන කේන්ද්‍ර කරගෙන සුවිශේෂ සමාජමය කාර්යභාරයන් සිදුවෙයි.

උන්වහන්සේගේ අනූඅටවැනි ජන්ම දිනය සිහිපත් කරමින් එකසිතින් සිදුකෙරෙන සියලු ප්‍රාර්ථනාවන්ගෙන් උන්වහන්සේට කායික මානසික සුවය වැඩිදියුණුවී තව තවත් ශාසනික මෙහෙවර ඉටුකිරීමට ශක්තිය ධෛර්ය ලැබේවා’.යි ප්‍රාර්ථනා කරමු.

දුරුතු පුර පසළොස්වක

ජනවාරි 02 සිකුරාදා අ.භා. 06.56න් පුර පසළොස්වක ලබා 03 සෙනසුරාදා අ.භා. 03.37න් ගෙවේ.
03 සෙනසුරාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

 ‍ජනවාරි 03 

Second Quarterඅව අටවක

‍‍ජනවාරි 10    

Full Moonඅමාවක

ජනවාරි 18

First Quarterපුර අටවක

ජනවාරි 26   

 

 

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]