ශ්‍රී බුද්ධ වර්ෂ 2569 ක් වූ උඳුවප් අමාවක පෝ දා 2025 දෙසැම්බර් 19 සිකුරාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
දෙහිවල කරගම්පිටිය ශ්‍රී මේධංකර විහාරයේ සම්බුද්ධ ප්‍රතිමා වහන්සේ. සේයාරුව නිශ්ශංක විජේරත්න
දෙසැම්බර් 19 සිකුරාදා පූ.භා 05.01 අමාවක ලබා 20 සෙනසුරාදා පූ.භා 07.14න් ගෙවේ. 19 සිකුරාදා සිල්
අමාවක
දෙසැම්බර් 19
පුර අටවක
දෙසැම්බර් 27
පසළොස්වක
ජනවාරි 03
අව අටවක
ජනවාරි 10
භික්ෂූන් වහන්සේ බහුශ්‍රැත වේ නම්, ධර්මධර වේ නම් උන් වහන්සේගේ භික්‍ෂුත්වය ඉතා අනර්ඝ වූවක් බව බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළහ. බහුස්සුතං ධම්මධරං - සප්පඤ්ඤං බුද්ධ සාවකං නෙක්ඛං ජම්බොනදස්සෙව - කො තං නින්දිතුමරහති දේවාපි නං පසංසන්ති - බ්‍රහ්මුණාපි පසංසිතො (අප්පස්සුත සූත්‍රය අං.නි.) ධර්මය බොහෝ සේ උගත්, ධර්මය මතකයේ රඳවා ගෙන වෙසෙන, ප්‍රඥාවන්ත බුද්ධ ශ්‍රාවකයා පිරිසුදු දඹරන් හා සමාන ය. ඔහු හෙළා දකින්නට කවුරු නම් සමත් වේ ද? දෙවියෝ ද ඔහු පසසති. බ්‍රහ්මයා විසින් ද හේ පසසන ලද්දේ ය. බහුශ්‍රැත වූයේ, ධර්මධර වූයේ සංඝයා හොබවන බව සොභෙන්ති සූත්‍රයෙන් පැහැදිලි වේ. සංඝයා - භික්‍ෂු, භික්‍ෂුණී, උපාසක, උපාසිකා වශයෙන් සතරාකාර වේ. ඒ කවර සංඝයා අතර වුව ද, ව්‍යක්ත (දක්‍ෂ,නිපුණ) විනීත (හික්මුණු - සංවර) විසාරද (නොසැලෙන - එඩිතර නුවණැති) බහුශ්‍රැත (බොහෝ සෙයින් ධර්මය උගත්) ධර්මධර (උගත් ධර්මය මතකයේ ඇති) ධර්මානුධර්මප්‍රතිපන්න (ධර්මානුකූලව පිළිපදින) පුද්ගලයා එම සංඝතලය හොබවන්නේ ය. ඒ අනුව බහුශ්‍රැත ධර්මධරයකු හඳුනා ගැනීමට උපකාර වන ලක්‍ෂණ පිළිබඳ ව විග්‍රහයක් අංගුත්තර නිකායෙහි ඛිප්පනිසන්ති සූත්‍රයෙන් පෙන්වා දේ. ඛිප්පනිසන්ති - එක්වර ම අසා ගැනීමේ සමත් බව සුග්ගහීතගාහී - ඒ ඇසූ දේ නොගිලිහී ග්‍රහණය කර ගන්නා බව බහුං ච ගණ්හාති - එසේ බොහෝ දේ ග්‍රහණය කර ගැනීමෙහි සමත් බවගහිතං චස්ස නප්පමුස්සති - ඔහු ග්‍රහණය කරගත් දේ අමතක නොවන බව යනාදී සුවිශේෂ ශක්තීන් කෙනකුට ලැබෙන්නේ ශාස්ත්‍රීය අධ්‍යයනය මඟිනි. එම ඉගෙනීමේ දී ප්‍රගුණ කළ යුතු අංශ පහකි. අත්ථ කුසලො හොති - අටුවා පෙරළා අරුත් සපයා ගැනීමටත්, අවශ්‍ය තැන අටුවා විවරණ සැපයීමටත්, අර්ථකථනයෙහිත් දක්‍ෂයකු විය යුතු ය. ධම්ම කුසලො හොති - ත්‍රිපිටක පාලිය පෙරළා එහි ඇතුළත් නියම ධර්මය උකහා ගැනීමෙහි දක්‍ෂයකු විය යුතු ය. නිරුත්ති කුසලො හොති - එකවර අර්ථය නොලැබෙන තැන දී ධාතු, ප්‍රකෘති, පද, ප්‍රභව, පද,සිද්ධි ඔස්සේ නිර්වචනය කිරීමේ දක්‍ෂයකු විය යුතු ය. ව්‍යඤ්ජන කුසලො හොති - ව්‍යඤ්ජන යන්නේ අරුත් දෙකකි.
සිරිලක ශ්‍රීපාද පත්මය වන්දනා සමය සෑම වර්ෂයක් පාසාම උඳුවප් පුර පසළොස්වක පෝය දිනයෙන් ආරම්භ වී වෙසක් පුන්සඳේ සඳ එළියෙන් නිමාවට පත්වේ. සමස්ත ලෝකවාසී බොදු සැදැහැවතුන්ට මෙන්ම නා නා විධ ආගම් අදහන පිරිසගේ ද ශ්‍රී පාදස්ථානය ගෞරව බහුමානයට පාත්‍ර වී ඇති බව පෙනේ. සමන්තකූට පුණ්‍ය භූමිය හෙවත් ශ්‍රී පාදස්ථානය ගෞරවයට බඳුන් වී ඇත්තේ මෙහි විද්‍යමාන ගල් පර්වතයේ සලකුණු වී ඇති පාද ලාංඡනය නිසා බව පොදු පිළිගැනීමයි. යං නම්මදාය නදියා පුලිනේච තීරේ - යං සච්ච බද්ධ ගිරිතෙ සුමනාච ලග්ගේ - යං තත්ථ යෝනකපුරේ මුණිනෝච පාදං - තං පාද ලාංඡන මහං සිරසා නමාමි. සිරිපා වන්දනා කරන එම ගාථාව අනුව ලෝකයේ ස්ථාන සතරක තථාගතයන් වහන්සේ ශ්‍රී පාද ලාංඡනය පිහිටුවා ඇති බව කියැවේ. ශ්‍රී පාදස්ථානයේ භූගෝලීය ආකෘතිය සැලකීමේ දී මෙම පුණ්‍ය භූමිය සිරිලක මධ්‍යම පළාතේ සබරගමුව කඳුවැටියේ මුහුදු මට්ටමේ සිට මීටර් 2243ක් උසින් පිහිටා ඇත. මෙය කඳුරට තෙත් කලාපයට අයිති ඝන වනාන්තරය තුළ වන දුර්ග, ජල දුර්ග, ගිරි දුර්ගවලින් සමන්විත හරිත වර්ණයෙන් බැබළෙන වෘක්ෂලතා පරිසර පද්ධතියේ පහස ලබන අති සුන්දර මනස්කාන්ත පරිසරයක පිහිටා ඇත. මෙහි දිස්වන ස්වභාව සෞන්දර්යයේ විචිත්‍රත්වය මෙන්ම එයින් ප්‍රකට වන විශ්වාසයන් පාදක කර ගෙන අනාදිමත් කාලයක සිට ශ්‍රී ලාංකිකයන් මෙන් ම දෙස් විදෙස් වන්දනාකරුවන්ටත්, සංචාරක පිරිස්වලටත් මෙම කඳු ශිඛරය දැක බලා ගැනීම ආගමික භක්තිය මෙන්ම සිතට සැනසීම ගෙනදෙන කාරණයක් බව ද සිහිපත් කරනු කැමැත්තෙමි. එහෙයින් ශ්‍රී පාදස්ථානයේ ඓතිහාසික වැදගත්කම හා එහි විකාශය පිළිබඳ කරුණු සෙවීම වැදගත් කාරණයක් වනු ඇත. සිරිලක ප්‍රාග් බෞද්ධ යුගයේ සමන්තකූට පෙදෙස භාර වූ සුමනසමන් දෙවියන් ඇදහීමේ චාරිත්‍රය ප්‍රචලිත ව පැවති බව කියයි. බෞද්ධ පුරා වෘත්තවලට අනුව තෙවැනිවරට සිරිලකට වැඩම කළ බුදුරදුන් එදින කල්‍යාණ නදියේ දිය නා කැලණියේ දී දහවල් දානය වළඳා, සන්ධ්‍යා භාගයේ සුමන සමන් දිව්‍යරාජයාගේ ආරාධනයෙන් සමනොළ ගිරිකුල මත බුදුරජාණන් වහන්සේගේ වාම ශ්‍රී පාද ලාංඡනය පිහිටවූ බව මහාවංශයේ දැක්වේ.
සැදැහැවත් බෞද්ධයාගේ පරම අපේක්ෂාව ‘නිවන් අවබෝධ කොට සසර දුකින් මිදීම”යි. සම්බුදු දහම අනුව එය සෝතාපත්ති, සකදාගාමී, අනාගාමී - අරහත් යන සතර මාර්ගඵලයන්ට පත්වීමෙන් සිදුවේ. මේ වනාහි අනුපූර්ව ප්‍රතිපදාවකි. එනම් ක්‍රමානුකූල ව පිළිවෙත් පුරා යා යුතු මඟකි. අතිධාවනය නිසා බොහෝ දෙනා ප්‍රායෝගික වශයෙන් මේ පිළිබඳ නියම පිළිවෙත් මඟට බැසගන්ට හෝ අවබෝධ කරගන්ට හෝ යුහුසුළු වන්නේ නැත. සොයන්ට පටන් ගන්නේ මුලින්ම රහත් වන ආකාරයයි. එනිසාම බොහෝ සෙයින් මඟ වැරදීම සිදුවන්නේ ය. උදාහරණයක් වශයෙන් කියහොත් අධ්‍යයනයෙහි යෙදී සිටින ශිෂ්‍යයෙක් පස් වැනි පන්තියේ සිටිමින් එය සමත් වී සය වැන්නට සමත් වන්නට උත්සාහ නොකර, අවසාන පන්තිය ගැන විමසමින් කාලය ගත කරන්නාක් මෙන් ප්‍රයත්නය අසාර්ථක කර ගනී. එමෙන්, ඔහුගේ අතෘප්තිකර ආශාව නිසා මෙසේ දහම් මඟ වැරදෙන්නේ ය. බුදු දහමේ මූලධර්මයන්ට අනුව මඟඵල ලබා මෝක්ෂය අත්පත් කර ගැනීමට පුද්ගලයාගේ් ස්ත්‍රී පුරුෂභාවය බාධාවක් නොවෙතත් ප්‍රතිසන්ධිය ත්‍රිහේතුක වශයෙන් ලබා සිටිය යුතු ය. ජාත්‍යන්ධ ජාතිබධිර ආදී වශයෙන් අංගවිකල නුවූ, පෙර කල පුණ්‍ය මහිමයෙන් උපනිශ්‍රය සම්පන්න වූ කෙනෙකුන් විය යුතු ය. ජාති, කුල, ගෝත්‍ර හා දුප්පත්කම ආදිය මඟඵල ලැබීමට බාධාවක් නොවන අතර, ගුණනුවණින් මුහුකුරා ගිය ආධ්‍යාත්මයක් පැවතිය යුතුය. බෞද්ධ සාහිත්‍යයේ එන කතා වස්තූන්ට අනුව අනේ්පිඬුසිටුතුමා, විශාඛා සිටුදුව ආදී සෝවාන් ඵලයට පත් ගිහි උපාසක උපාසිකාවන් ද, වෙනත් කෝටි ගණන් ආර්ය ශ්‍රාවකයන් ගැන මෙහිලා සිහිපත් කිරීම වැදගත්ය. මෙකල කෙනකුට රහත් වන්නට බැරි ද? රහතුන් නැද්ද කියා ප්‍රශ්න නඟනවාට වඩා සෝවාන් විය නොහැකි ද? සෝවාන් වූවෝ නැද්දැයි සලක බැලීීම වැදගත් ය. රහත්වීම ගැන දැනගැනීම ද යහපත් ය. එය අනිවාර්යයෙන් ම වැදගත්ය.
කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍රධර්ම මහා සංඝසභාවේ 170 වැනි සංවත්සරය
විදුලකර යෙළසිය අබිමන් අභිමානයෙන් නිමවෙයි
පල්ලේකන්දේ රතනසාර නාහිමියෝ මහනායක ධුර ලබති
සසුනඹර එකලු කළ තංගල්ලේ අනුුරුද්ධ හිමිපාණෝ
ඉතිරිය»
සුවපත් මනසක් සුවබර දිවියක් - 37 කොටස: සිහිය සහ සමාධිය ක්රියාකාරීත්වයන් දෙකකි
අරුත් අලංකාර කරන උපමා උපමේය
බවයෙන් බවයට ගෙන එන පුරුදු
මන්දාකිණි විල්තෙර පිරිනිවී සැනසුණ අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහ රහතන් වහන්සේ
සම්බුදු සසුනේ රැකවරණයට පිළිපැදිය යුතු ගුණාංග
පනානේ සද්ධාතිස්ස නාහිමියෝ අනුනායක පදවි ලබති
මවු ගුණ සිහිකර ඉදිකළ පැපිලියානේ සුනේත්‍රාදේවි රාජමහා විහාරය
© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]