ශ්රී බුද්ධ වර්ෂ 2569 ක් වූ උඳුවප් අමාවක පෝ දා 2025 දෙසැම්බර් 19 සිකුරාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
දීර්ඝ සසර ගමනේ සත්ත්වයන් විසින් කල්පාන්තරයක් තිස්සේ සසර සැරිසැරීමේ දී ඇති කර ගනු ලබන විවිධාකාර පුරුදු උතුම් වූ නිර්වාණය සාක්ෂාත් කර ගන්නා අවසන් භවයේ දී පවා බලපවත්වන බව අප තිලෝගුරු බුදුපියාණන් වහන්සේ ජීවමාන ව වැඩ සිටි සමයේ දී ප්රචලිත වූ සිද්ධීන් කිහිපයකින් තහවුරු වේ.
එක් උපාසක මහතෙක් දානමානාදිියෙන් සංග්රහ කිරීම සඳහා ස්වාමීන් වහන්සේ නමක් සිය නිවෙසට වැඩමවා ගෙන යයි. වෙල්යායක් මැදින් සිදුකළ ගමන අතරතුර ඉදිරියෙන් වඩින ස්වාමීන් වහන්සේ තරමක දිය පහරකින් එතෙර වීමට ඊට උඩින් පනිනු දකින උපාසක මහතා දුසිල්වත් භික්ෂුවකැ’යි සිතා කලකිරීමට පත්විය. සූදානම් කර තිබූ දානය පිරිනමනු විනා පිරිකර පූජා නො කිරීමට සිතින් සනිටුහන් කර ගත්තේ ය. රහතන් වහන්සේ නමක් වූ උන්වහන්සේ මෙය දිවැසින් දකී. ඉන්පසුව මුණගැහෙන පෙරට වඩා කුඩා දිය අගලක බැස එතෙර වනු දුටු ඔහු මේ දෙ ආකාර හැසිරීමට හේතු විමසයි. පිළිතුර වූයේ යම් හෙයකින් තමන් එම අවස්ථාවේ දී ත් උඩින් පැන ගියේ නම් තමන්ට පිරිකර පමණක් නොව දානයත් අහිමි වීමට ඉඩ ඇති නිසා එසේ කළ බවයි. එම පිළිතුරෙන් විස්මයට පත් වූ උපාසක මහතා, තමන් සමඟ වඩිනුයේ පරචිත්ත විජානන ඥානය ලැබූ රහතන් වහන්සේ නමක් බව අවබෝධ කර ගනී.
මෙම සිද්ධිය දම් සභා මණ්ඩපයේ් දී සාකච්ඡා වූ අවස්ථාවේ දී උන්වහන්සේ දියපහර මතින් පැන ගියේ අසංවර වීම නිසා නොව, වානරයෙක් ව උපත ලබා සිටි පෙර භවයක ලද සංසාරික පුරුද්ද නිසා බව බුදුරජාණන් වහන්සේ විසින් පහදා දෙනු ලැබූහ.
- විනී නානායක්කාර
දෙසැම්බර් 19 සිකුරාදා පූ.භා 05.01 අමාවක ලබා 20 සෙනසුරාදා පූ.භා 07.14න් ගෙවේ. 19 සිකුරාදා සිල්
අමාවක
දෙසැම්බර් 19
පුර අටවක
දෙසැම්බර් 27
පසළොස්වක
ජනවාරි 03
අව අටවක
ජනවාරි 10
| PRINTABLE VIEW |
© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]