සෝවාන්වීම
සක්විති රජකමටත් වඩා උතුම් ය
සැදැහැවත් බෞද්ධයාගේ පරම අපේක්ෂාව ‘නිවන් අවබෝධ කොට සසර දුකින් මිදීම”යි. සම්බුදු
දහම අනුව එය සෝතාපත්ති, සකදාගාමී, අනාගාමී - අරහත් යන සතර මාර්ගඵලයන්ට පත්වීමෙන්
සිදුවේ.
මේ වනාහි අනුපූර්ව ප්‍රතිපදාවකි. එනම් ක්‍රමානුකූල ව පිළිවෙත් පුරා යා යුතු මඟකි.
අතිධාවනය නිසා බොහෝ දෙනා ප්‍රායෝගික වශයෙන් මේ පිළිබඳ නියම පිළිවෙත් මඟට බැසගන්ට හෝ
අවබෝධ කරගන්ට හෝ යුහුසුළු වන්නේ නැත. සොයන්ට පටන් ගන්නේ මුලින්ම රහත් වන ආකාරයයි.
එනිසාම බොහෝ සෙයින් මඟ වැරදීම සිදුවන්නේ ය. උදාහරණයක් වශයෙන් කියහොත් අධ්‍යයනයෙහි
යෙදී සිටින ශිෂ්‍යයෙක් පස් වැනි පන්තියේ සිටිමින් එය සමත් වී සය වැන්නට සමත් වන්නට
උත්සාහ නොකර, අවසාන පන්තිය ගැන විමසමින් කාලය ගත කරන්නාක් මෙන් ප්‍රයත්නය අසාර්ථක
කර ගනී. එමෙන්, ඔහුගේ අතෘප්තිකර ආශාව නිසා මෙසේ දහම් මඟ වැරදෙන්නේ ය.
බුදු දහමේ මූලධර්මයන්ට අනුව මඟඵල ලබා මෝක්ෂය අත්පත් කර ගැනීමට පුද්ගලයාගේ් ස්ත්‍රී
පුරුෂභාවය බාධාවක් නොවෙතත් ප්‍රතිසන්ධිය ත්‍රිහේතුක වශයෙන් ලබා සිටිය යුතු ය.
ජාත්‍යන්ධ ජාතිබධිර ආදී වශයෙන් අංගවිකල නුවූ, පෙර කල පුණ්‍ය මහිමයෙන් උපනිශ්‍රය
සම්පන්න වූ කෙනෙකුන් විය යුතු ය. ජාති, කුල, ගෝත්‍ර හා දුප්පත්කම ආදිය මඟඵල ලැබීමට
බාධාවක් නොවන අතර, ගුණනුවණින් මුහුකුරා ගිය ආධ්‍යාත්මයක් පැවතිය යුතුය.
බෞද්ධ සාහිත්‍යයේ එන කතා වස්තූන්ට අනුව අනේ්පිඬුසිටුතුමා, විශාඛා සිටුදුව ආදී
සෝවාන් ඵලයට පත් ගිහි උපාසක උපාසිකාවන් ද, වෙනත් කෝටි ගණන් ආර්ය ශ්‍රාවකයන් ගැන
මෙහිලා සිහිපත් කිරීම වැදගත්ය. මෙකල කෙනකුට රහත් වන්නට බැරි ද? රහතුන් නැද්ද කියා
ප්‍රශ්න නඟනවාට වඩා සෝවාන් විය නොහැකි ද? සෝවාන් වූවෝ නැද්දැයි සලක බැලීීම වැදගත්
ය. රහත්වීම ගැන දැනගැනීම ද යහපත් ය. එය අනිවාර්යයෙන් ම වැදගත්ය.
බුදුරජාණන් වහන්සේ වදාළ ධර්ම විද්‍යාවට අනුව සත්ත්වයා සසරට බැඳී තිබෙන සම්බන්ධතාවන්
10ක් “දස සංයෝජන” නමින් වදාරා ඇත. පුද්ගලයා “දර්ශන සම්පන්නවීම” සමඟම ඒ 10 හි ම
බද්ධතාව දෙදරා යන අතර, තුනක් සහමුලින් ම කැඩී යන්නේ ය. ප්‍රහීන වන්නේය. එනම් සක්කාය
දිට්ඨි හෙවත් මමය, මාගේ ය යන හැඟීම, විචිකිච්ඡා හෙවත් බුද්ධාදී අටතැන්හි සැකය,
සීලබ්බතපරාමාස හෙවත් මිථ්‍යා සීලව්‍රත නිසි ලෙස අල්ලා ගැනීම, යන තැන පහව යාමයි.
මෙයින් පුනර්භව බලවේගය බොහෝ සෙයින් දුබල වී සත් වරක් පමණක් ඉපදීම සීමා වන්නේ ය. ඉන්
මෙහා වුව ද ආත්මභාවයක දී රහත්විය හැකි ය. සතර අපායෙහි ඉපදීමෙන් සම්පූර්ණයෙන්
මිදෙන්නේ ය. තද ගන අඳුරේ සිටින විටක කිවිදුලිය කොටන විට එම එළියෙන් සියම් භාණ්ඩයක්
දුටුවාක් මෙන් නිවන් තත්ත්වය ප්‍රත්‍යක්ෂ වන්නේ ය. ඒ ගැන සැකයක් නැති වන්නේය. නිවන්
මඟට ආර්ය අෂ්ටාංගික මාර්ගය මිස වෙනත් මඟක් නැති බව ප්‍රත්‍යක්ෂ වන්නේ ය. ගෝවුත,
සුනඛ ව්‍රත ආදි හරි යැයි අල්ලා ගැනීමක් ඇති නොවන්නේ ය.
“සහාවස්ස දස්සන සම්පදාය සක්කාය දිට්ඨි විචිකිච්ඡිතංච සීලබ්බතං වාපි යනා දී වශයෙන් ද
එය රතන සූත්‍රයේ ද සඳහන්ව ඇත.
වරක් බුදුරජාණන් වහන්සේ නිය පිටට පස් පිඬක් ගෙන දක්වමින් භික්ෂුන් වහන්සේ් අමතා
මහණෙනි, මේ නියපිට තිබෙන පස්බිඳට වඩා මහ පොළොවේ තිබෙන පස් බොහෝ වන්නාක් මෙන් සෝවාන්
වූ ආර්ය ශ්‍රාවකයා සසර විඳ ඇති දුක් බොහෝ ය. විඳීමට ඉතිරිව ඇති දුක් නියපිට තිබෙන
පස් බිඳ මෙන් ස්වල්පයයි. එහෙයින් දුක්ඛාදී චතුරාර්ය සත්‍යයන් අවබෝධ කර ගැනීමට
වීර්යය කළ යුතු යැයි වදාළ සේක. එසේම ගංගා, යමුනා ආදී මහා නදීන්හි, මහා සමුද්‍රයෙහි
දිය බිඳු දෙක තුනක් ඉතිරි ව තිබී සියල්ල සිඳී ගිය කල ඉතිරිව තිබෙන දියබිඳි දෙක තුනට
වඩා සිඳී ගිය දියකඳ මහත් වන්නාක් මෙන් සසර දුක උපමා කොට සෝවාන් මඟ පැහැදිලි කළ සේක.
තවද සත්ත්වයන් අතර මනුෂ්‍යාත්මභාවය ලබන සත්ත්වයන් නියපිටට ගත් පස් බිඳ තරමට ද, මහ
මහුදේ දිය බිඳක් තරමට ද ස්වල්ප වන බවත්, තිරිසන් ආදී වෙනත් ගොඩදිය සත්ත්වයන් බොහෝ
බවත් දක්වා වදාළහ.
දිනක් බුදුරජාණන් වහන්සේ සැරියුත් තෙරුන් අමතා ශාරිපුත්‍ර සොත යනු සම්මා දිට්ඨි ආදී
ආර්යඅෂ්ටාංගික මාර්ගයයි
මේ අටෙන් යුත් පුද්ගලයා සෝතාපන්න බවත් සප්පුරිසංසේවා, සද්ධම්මසවණ, යොනිසොමනසිකාර,
ධම්මානුධම්මපටිපත්ති යන කරුණූු සතර සෝතාපත්තියංග බවත් වදාළහ. මෙහි බුද්ධාදී ආර්යයන්
වහන්සේ ඇසුරු කිරීමත්, නවලෝකෝත්තර ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කිරීමත්, ත්‍රිලක්ෂණාදී
වශයෙන් හා හේතුප්‍රත්‍යාදී වශයෙන් සංස්කරණයන් මෙනෙහි කිරීමත් මඟ පල සඳහා යොමුවූ
සීල, සමාධී ආදී පූර්වාංග ප්‍රතිපදාවෙහි යෙදීමත් සෝවාන් මාර්ග ඤාණය ලැබීමේ අංග
වශයෙන් වදාරන ලදි.
සෝවාන් පුද්ගලයා පෙර භවයන්හි පටන් පැවත එන ‘අරියකන්ත’ නමින් හඳුන්වන ආර්යයන්ට
පි‍්‍රය වූ පංච ශීලයෙන් යුක්ත වන බවත්, සතර අපායෙහි නොවැටෙන ස්වභාවයෙන් යුක්ත බවත්,
සම්බෝධිය හෙවත් චතුරාර්ය සත්‍යාවබෝධය පිහිට කොට ඇති බවත් ඒකාන්ත බව වදාළහ.
බුදුරජාණන් වහන්සේ නොයෙක්විට භික්ෂුන් වහන්සේ අමතා පින් උල්පත් - කුසල් උල්පත්
සතරක් වදාරා ඇත. එනම්
ආර්ය ශ්‍රාවකයෙක් බුදුරජාණන් වහන්සේ පිළිබඳ නොසැලෙන පැහැදීමකින් යුතුවීම.
ස්වාක්ඛාතාදී ගුණ සය දැන ධර්මයෙහි පැහැදීම
සුපටිපන්නාදී නව ගුණ දැන සංඝයා කෙරෙහි පැහැදීම
අඛණ්ඩ වූ ආර්යකාන්ත ශීලයෙන් යුක්තවීම යන කරුණු සතරයි.
දිනක් බුදුරජාණන් වහන්සේ බැහැදැකීමට පැමිණි අනාථපිණ්ඩික සිටාණන් අමතා කරුණු 3ක් ගැන
සිතා ගත හැකි ආර්ය ශ්‍රාවකයාට තමන් කැමැති නම් තමා විසින් ම තමා සෝවාන් වූවෙක් වෙමි
යි. කියාගත හැකි බව වදාළහ. ඒ කරුණුූ 3 නම්
තමාගේ පංචවේරභය සන්සිඳුණා යැයිද,
තමා සතර සෝතාපත්තියංගවලින් යුක්ත යැයි ද,
ආර්ය න්‍යාය හෙවත් පටිච්චසමුප්පාද ධර්මය ප්‍රඥාවෙන් දැක මනාකොට අවබෝධ කළා යැයි ද
ප්‍රකාශ කිරීමයි.
මෙහි පංචවේරභය නම් පංචශීලය තාම කෙරෙහි සුරක්ෂිත වීමයි. එනම් ප්‍රාණඝාත කරන සුළු
කෙනකුට, ඒ හේතුවෙන් මෙලොව වශයෙන් ද බියක්, වෛරයක් රැස්වේ නම්, සිතින් ම දුක්
දොම්නස් විඳී නම් එයින් වැළකුණු තැනැත්තාට එබඳු බිය හා වෛර ඇති නොවීමයි. අදත්තාදාන,
කාම මිථ්‍යාචාර, මුසාවාද, සුරාපානය කිරීම පිළිබඳව ද, එසේම මෙලොව පරලොව වශයෙන් බිය
හා වෛර ඇති නොවීමයි.
සතර සෝතාපත්තියංග නම් යටකී බුද්ධ, ධම්ම, සංඝ යන රත්නත්‍රයෙහි ගුණ දැන පැහැදීමෙන්
යුක්තවීමයි.
ආර්ය න්‍යාය නම් පටිච්චසමුප්පාදය සලකා බැලීමයි. අවබෝධයයි.
මේ කරුණුූ තුනෙන් යුක්ත ආර්ය ශ්‍රාවකයාට තමන් සෝවාන් ව සිටින බව ප්‍රකාශ කළ හැකි
වේ.
රත්මලාන ධර්ම පර්යේෂණාලයේ
ලිපි ලේඛන ඇසුරිනි
- හේමමාලා රන්දුණු |