මන්දාකිණි විල්තෙර
පිරිනිවී සැනසුණ
අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහ රහතන් වහන්සේ
ශාස්ත්‍රපති
රත්ගම සුනීත හිමි
ගන්ධමාන පර්වතය අසල පිහිටි මේ වන පියස අතිශයින් ම සොඳුරු ය. යොදුන් පනහක් පුරා
පැතිරී ගිය මන්දාකිණි නම් රමණීය විල පිහිටියේ ද මෙහි ය.
මන්දාකිණි විලේ හටගත් රත් නෙළුම්, සුදු නෙළුම්, රත් කුමුදු, සුදු කුමුදු, නිලුපුල්,
රත්පුල් ආදි ජලජ පුෂ්පයන්ගෙන් ද, දෑ සමන්, චම්පක, පිච්ච ආදි පුෂ්පයෙන් ද මුළු වන
පියස ම සුවඳවත් කෙරේ. මියුරු රසැති කැකිරි, ලබු, කොමඩු, අඹ ආදී ප්‍රණීත පලයන්ගෙන්,
උක් ආදී සුමිහිරි රසයන්ගෙන් නො අඩු වුව ද මේ වනයේ මිනිස් වාසයක් නම් නැත. ඡුද්දන්ත
කුලයේ උපන් අටදහසක් පමණ සුවිශාල හස්තීන් පිරිසක් මන්දාකිණී විල්තෙර ඇසුරු කොට මේ
සොඳුරු වන පියසේ වාසය කරති. එනිසා ය. මෙයට ඡුද්දන්ත වනය කියා කියන්නේ.
මිනිස් වාසයෙන් යොදුන් ගණනක් දුරට වන්නට පිහිටි ඡුද්දන්ත මහා වන පියස දෙසට වඩිනා
උපශාන්ත ශ්‍රමණයන් වහන්සේ නමකි. උන්වහන්සේ වයෝවෘද්ධ ය. සැරයටියක වාරුවෙන් සෙමින්
පිය නඟන්නාහ. බිමට යොමාගත් නෙතු යුග ඇතිව, මිනිස් පුළුටක් නැති වන පියසේ කිසි
තැතිගැනීමක්. ලොමුදහගැනීමක් නැතිව, ශාන්තව වඩිනා මේ අභීත ශ්‍රමණයාණන් වහහන්සේ
කවරෙක්ද?
ඔව්.....! උන්වහන්සේ මේ මහා භද්‍ර කල්පයේ පහළ වූ ගෞතම සම්මා සම්බුදු රජාණන්
වහන්සේගේ ළය මඬලින් උපන් පුත්‍ර රත්නයකි.
“භවත, ඔබ මේ දහම අවබෝධ කළා! භවත, ඔබ මේ දහම අවබෝධ කළා!” යැයි බුදුරදුන් විසින් උදම්
ඇනූ මහෝත්තම ශ්‍රමණයෙකි. නික්ලේෂී හද මඬලක් උපදවා ගත් මේ ශ්‍රමණයන් වහන්සේ අන්
කවරකුත් නොව බුද්ධානුබුද්ධ වූ අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහ රහතන් වහන්සේ ය.
මේ සම්බුදු සසුනේ සම්බුදු රජාණන් වහන්සේට පසුව පළමු ව දහම් අවබෝධ කළ අඤ්ඤා කොණ්ඩඤ්ඤ
මහ රහතන් වහන්සේ් භික්ෂු සංඝයා අතර වැඩිමහලු ම භික්ෂුවයි. ඒ නිසා ම බොහෝ දෙවි
මිනිසුන්ගේ ගෞරවයටත්, බුහුමනටත් නිරතුරු ව පාත්‍ර විණි. දිිනපතා ම තමන් වහන්සේ බැහැ
දැක වන්දනා කිරීමටත්, කතා බස් කිරීමටත් බොහෝ පිරිසක් පැමිණීම හුදෙකලාවට පි‍්‍රය කළ
උන්වහන්සේට බාධාවකි. එපමණක් ද නොව, භික්ෂු සංඝයා යනු වැඩිහිටි ගෞරවයෙන් යුතු වූ
පිරිසකි. ඒ අතරිනුත් අගසව් වූ සාරිපුත්ත මොග්ගල්ලාන දෙනම වහන්සේගේ වැඩිහිටි ගෞරවය
අතිමහත් ය.
භික්ෂු සංඝයාට දහම් දෙසීීම පිණිස වැඩම කරන ශාස්තෘන් වහන්සේ සාරිපුත්ත, මොග්ගල්ලාන
දෙනම වහන්සේට ඉදිරි අසුන් දෙකට වැඩම කරන ලෙස පවසති. තමාට වඩා පැවිද්දෙන් වැඩිමහලු
වූ කොණ්ඩඤ්ඤ මහ තෙරුන් වහන්සේ පිටුපස අසුනක වැඩ සිටිද්දී, ඉදිරි අසුනේ් වැඩ හිඳීමට
සිදු වීමෙන් සාරිපුත්තයන් වහන්සේත්, මොග්ගල්ලානයන් වහන්සේත් අපහහසුතාවට පත් වෙති.
මේ කරුණු දෙකත්, වන වාසයට ඇති කැමැත්තත් හේතු කරගෙන ය, අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහ රහතන්
වහන්සේ් ශාස්තෘන් වහන්සේගෙන් අවසර ගෙන මන්දාකිණි පොකුණු තෙර පිහිටි ඡුද්දන්ත වන
පියස බලා වැඩම කරමින් සිටින්නේ්.
අතීතයේ ගන්ධමාන පර්වතයේ දහස් ගණනින් පසේබුදු රජාණන් වහන්සේ වැඩ විසූ සමයේ
උන්වහන්සේට උපස්ථාන කළේ මේ ඡුද්දන්ත හස්තීන්ගේ පරපුරේ මුතුන් මිත්තන් විසිනි. ඒ ඇප
උපස්ථානයන්ගෙන් රැස්වන පිනේ වටිනාකම ගැන පරපුරෙන් පැමිණි වැටහීමක් මේ හස්තීන්ට
තිබේ. අට දහසකින් යුතු ඇත් රැළේ ඇත්රජු එදින මන්දාකිණි පොකුණු තෙර ස්නානය කරමින්
සිටියේ ය.
බිමට යොමා ගත් නෙතින්, පාත්‍රා සිවුරු දරාගෙන, සිහි නුවණින් පියවර තබමින් වැඩම කරන
ශ්‍රමණ ඡායාව ඇත් රජු දුර දී ම දුටුවේ ය. ඇත්රජුට අතීතයේ් තම පරපුරේ ඇතුන් විසින්
සහෝදරයන්ට මෙන් උපස්ථාන කළ ශ්‍රමණයන් වහන්සේ ගැන දැන සිටි දෑ සිහිපත් විය. එසැණින්
ම ‘අපේ සහෝදරයාණන් වහන්සේනමක්’ යන හැඟීම ඇත්රජුට ඇති විය. ඌ පී‍්‍රතියෙන් ඉපිලී
ගියේ ය. ඇත්රජු හොඬය ඔසවා ඡද්දන්ත වනයට ම ඇසෙන සේ් කුංචනාද කොට සිය පිරිස ඇමතුවේ ය.
ඇත්රජු පෙර ගමන් කොට කොණ්ඩඤ්ඤ මහ රහතන් වහන්සේට වන්දනා කළේ ය. තම සොඬින්
උන්වහන්සේගේ පාත්‍රා සිවුරු පිළිගත්තේ ය. කිසි තැති ගැනීමක් නැත. ඒ පිවිතුරු හද
මඬලේ අභීත බව ඇත්රජුට ද හොඳින් වැටහුණු සේ ය. අට දහසක හස්ති සමූහයා ඒ වන විටත්
මන්දාකිණි විල් තෙරට රැස්වී හමාරය. අද ඔවුනට මංගල්‍යයක් වැනි පී‍්‍රතිමත් දිනයකි.
ඇතුන්ගේ ඇස්වලින් තුටු කඳුළු ගලා හැළේ. ඒ මහා හස්ති පිරිවර එක්වර ම දණ නමා මහෝත්තම
අඤ්ඤා කොණ්ඩඤ්ඤ රහතන් වහන්සේට වන්දනා කළෝ ය.
දැන් තම සහෝදරයාණන් වහන්සේට ආගන්තුක සත්කාර කළ යුතු ය. උක් දණ්ඩක් තළා සකසා ගත් උක්
යුෂ පානයක් ඇත්රජු පූජා කළේ ය. පැරැණි ගල්ගුහාවක් හොඳින් සුද්ද පවිත්‍ර කොට, ඒ අවට
ද එළිපෙහෙළි කොට සේනාසන පහසුකම් ද සකස් කළේ ය. තවත් ඇතුන් පිරිසක් ඒ අසලින් ම වැලි
අතුරා අගනා සක්මන් මළුවක් සකස් කළෝ ය.
දැන් උන්වහන්සේට සේනාසන පහසුකම් සකසා හමාර ය. දැන් වනයට ඇඳිරි වැටේ. තම දායක පිරිස
සැකසූ සෙනසුනට අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහ රහතන් වහන්සේ සන්සුන් ගමනින් වැඩම කළ සේක! අභීත
ශ්‍රමණයන් වහන්සේ නමකට සෙනසුන් සකසා අප විශාල පිනක් කර ගත්තා’ යැයි ඒ හස්තීන් මහත්
සේ සතුටට පත් වූහ.
දැන් ඇත් පිරිසට මේ වන පියස පෙරටත් වඩා සොඳුරු ය. “වනයට වඩා රමණීය වූ පිවිතුරු
සිතක් ඇති ශ්‍රමණ සහෝදරයාණන් වහන්සේ් නමක් දැන් අපේ පිනට පහළ වෙලා.’ අරුණ වැටීමටත්
පෙර ම දැහැටි දඬු රැගෙන ඇත්රජු ගල්ගුහා දොරටුව අසලට පැමිණේ. දැහැටි දඬු පූජා කොට
පාත්‍රයට මුවදෝනා පැන් රැගෙන එයි. පෙරවරුවේ දානය සඳහා හස්තීන් රැගෙන එන පලවැල
වුවමනාවටත් වඩා ප්‍රමාණවත් ය. ඉර අවරට ගිය පසු වැළඳීමට උක්දඬු යුෂ හෝ වෙනත් පලතුරු
යුෂක් සකසා පූජා කරයි.
වල් බිහිවීමට නොදී සෙනසුන නිරතුරු පිරිසිදු කරයි. දින කිහිපයකට වතාවක් තෙරුන්
වහන්සේ ගුහාවෙන් එළියේ වැඩ සිටින විට පොරවන සිවුරට අමතර සිවුර රැගෙන ගොස් විල්
දියෙන් මනා කොට සෝදා ගල් තලාව මත තබා වියළීමෙන් පසු යළි ගෙනැවිත් තැබුවේ ද හස්තීන්
විසින් ම ය. මේ අයුරින් මන්දාකිණි විල් තෙරේ ඡුද්දන්ත වන පියසේ වැඩ විසූ කොණ්ඩඤ්ඤ
මහ රහතන් වහන්සේ එහි වැඩම කොට දොළොස් වසරක් ම ගෙවී ගියේ ය.
දානය වළඳා දිවා විහරණයෙන් සිටි උන්වහන්සේ තම ආයු සංස්කාර සිහි කළහ.
‘පිරිනිවන් පෑමට කල් පැමිණ තිබේ. ඊට පෙර ශාස්තෘන් වහන්සේ වන්දනා කර ගත යුතු ය.
එහෙත් කලන්දක නිවාප වේළුවන මහා විහාරයේ බොහෝ භික්ෂූහු වැඩ වසති. ගිහි පිරිස ද නිතර
දහම් ඇසීමට රැස් වෙති. බොහෝ කලක් නො කැපූ සුදු වූ කෙස් රැවුල් ඇති, දුබල වූ සිරුරු
ඇති, දොළොස් වසක් පොරවා වැරහැලි වූ සිවුරු ඇති මා දැක යමෙක් සිත අපහදවා ගතහොත් ඔහුට
එය විශාල අයහපතක් වන්නේ ය.”
ඒ සියලු දෙනා ගැන අනුකම්පාවෙන් මහා ඍද්ධිමත් අඤ්ඤා කොණ්ඩඤ්ඤ රහතන් වහන්සේ අහසින් ම
වේළුවනාරාමයට වැඩම කළෝ ය. ශාස්තෘන් වහන්සේ සමීපයට පැමිණි උන්වහන්සේ ඒ සම්බුදු
සිරිපතුල් පිරිමදිමින් , ඒ සිරිපා කමල් යුග සිඹිමින් “ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස,
මම කොණ්ඩඤ්ඤ වෙමි. ස්වාමීනි සුගතයන් වහන්ස, මෙම කොණ්ඩඤ්ඤ වෙමි’යි පවසමින් වන්දනා කළ
සේක.
මෙය දුටු ගිහි පැවිදි සියලු දෙනා ඉමහත් සතුටට පත් වූහ. ‘ශාස්තෘන් වහන්සේ අභිමුඛයේ
පළමු ව දහම් අවබෝධ කළ මහෝත්තමයාණන් දැක ගන්නට අපේ නෙත් පින් කර තිබුණනේ. ඒ උතුම්
ගුණවතාණන් වන්දනා කර ගන්නට අප වාසනාවන්ත වුණානේ.
“කොණ්ඩඤ්ඤ තෙරණුවෝ බලවත් වූ වීර්යයෙන් මේ දුක් කතරින් එතෙර වුණා. නිරතුරුව ධ්‍යාන
සැප ලබමින් දැන් ඉතා ම සතුටිනුයි වැඩ ඉන්නේ.
මේ ශාස්තෘ ශාසනයේ කළ යුතු සියල්ල උන්වහන්සේ සිදු කළා. මහානුභාව සම්පන්නයි.
ත්‍රිවිද්‍යාලාභීයි. අනුන්ගේ සිත් දකින්නටත් ඉතා ම දක්ෂයි. දැන් මේ සිරිපා වන්දනා
කරන කොණ්ඩඤ්ඤයන් වහන්සේ බුදු සමිඳුන්ගේ් අසිරිමත් දායාදයක්.”
වංගීස තෙරුන් වහන්සේ සියලු දෙනාගේ ම සිත් පහන් කරවමින් එසේ ගාථා පවසමින්
කොණ්ඩඤ්ඤයන් වහන්සේගේ ගුණ වර්ණනා කළහ.
“ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, මා මේ සම්බුදු සිරුර දකිනා අවසාන වතාවයි. ඡුද්දන්ත වන
පියසේ මාගේ දායක සමූහයා සමීපයේ මා පිරිනිවන් පානවා.” යැයි භාග්‍යවතුන් වහන්සේගෙන්
අවසර ලබාගෙන රැස්වූ පිරිසට සිරි සදහම් ඔසු බෙදා දී අහස්තලයෙන් ම අඤ්ඤා කොණ්ඩඤ්ඤ
රහතන් වහන්සේ යළිත් මන්දාකිණි විල් තෙරට වැඩම කොට වදාළහ.
එදින සන්ධ්‍යාවේ මන්දාකිණි විලෙන් පැන් පහසු වී උන්වහන්සේ ගුහාව තුළට පිවිස මනා
සිහි නුවණින් යුතුව සිංහ සෙය්‍යාවෙන් සැතපුණහ. රැයේ පළමු යාමය, මධ්‍යම යාමය, අවසාන
යාමය පිළිවෙළින් සමාපත්තින්ට සමවැදෙමින් ගත කොට වදාළ සේක. අරුණ වැටීමට සුළු මොහොතකට
පෙර පහන් සිළ නිවෙන සේ පිරිනිවන් පා වදාළහ.
‘දැහැටි දඬු පිළියෙළ කොට හමාරයි. අරුණෝදයත් උදාවී අවසන්. අද කුමක්ද පරක්කුව?” යැයි
සිතමින් ඇත්රජු හෙමි හෙමින් ගුහා දොර අසලට පැමිණුනි. හේ ගුහාව ඇතුළත විමසී ය.
සහෝදරයාණන් වහන්සේ සැතැපී සිටී. ඇත්රජු හොඬවැල තබා හදවත නඟන හඬ විමසද්දී අහෝ!, හඬක්
නො නැඟේ. නාසය සමීපයට හොඬ ළං කළ විට අහෝ! හුස්ම ගැනීමක් සිදු නොවේ. “පින්බර
සහෝදරයාණෝ අපව හැර දමා ගිහිල්ලා’ ඇත්රජු දුක වාවාගෙන බොහෝ වෙලා නිහඬ ව සිටියේ් ය.
අනතුරුව වනය දෙවනත් කරමින් හඬන්නට විය.
මොහොතින් හස්තීන් සියලු දෙනා රැස් වූහ. දැන් තිබෙන්නේ සහෝදරයාණන් වහන්සේගේ නිසල
දේහය පමණකි. මීට දොළොස් වසරකට පෙර තෙරුන් වහන්සේ හමු වීමේ දී මේ අට දහසක් හස්තීන්
තුටු කඳුළු හෙළුවෝ ය. කෙලෙස ද මේ අසරණයන් මේ දුක වාවා ගන්නේ?
ඒ අට දහසක් හස්තීන් එක්වන්ව කුංචනාද කරමින් ශෝක වූහ. ඒ මහා කුංචනාදය අකනිටා බඹලොව
තෙක් ම ඇසිණි. අපමණ දෙව් බඹ පිරිසක් මන්දාකිණි විල්තෙරට පැමිණ ඒ මහෝත්තමයාණන්
වහන්සේගේ උතුම් සිරුර වන්දනා කළහ. දෙවියන් තැනවූ මනරම් මණ්ඩපයක දේහය දවාලන ලදී. ඒ
මහා හස්ති සමූහයා චිතකය වටා තෙවරක් පැදකුණු කොට අභිවාදනය කොට තම සහෝදරයාණන් හට
අවසන් බුහුමන් දැක්වූහ. චිතකය දවා ඉතිරි වූ අරහන්තක ධාතුන් වහන්සේ වඩා හිඳුවා
චෛත්‍යයක් ඉදි කෙරිණි.
ඒ අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහ රහතන් වහන්සේ සියලු ලෝකයෙන් ම නිදහස් වී අනවරාග්‍ර සසරින්
එතෙරට වැඩම කළ සේක. එනමුදු ඒ මහෝත්තම ගුණ කඳ සිහිකරමින්, උන්වහන්සේගේ් ශාරීරික
ධාතුන් වහන්සේ වන්දනා කරමින් අපමණ දෙව් මිනිසුන් පිරිසක් දෙලොව සැප පිණිස පින්
රැස්කර ගනු ඇත. |