[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

 

බහුශ්‍රැත ධර්මධරයන් වහන්සේ

භික්ෂූන් වහන්සේ බහුශ්‍රැත වේ නම්, ධර්මධර වේ නම් උන් වහන්සේගේ භික්‍ෂුත්වය ඉතා අනර්ඝ වූවක් බව බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළහ. බහුස්සුතං ධම්මධරං - සප්පඤ්ඤං බුද්ධ සාවකං නෙක්ඛං ජම්බොනදස්සෙව - කො තං නින්දිතුමරහති දේවාපි නං පසංසන්ති - බ්‍රහ්මුණාපි පසංසිතො (අප්පස්සුත සූත්‍රය අං.නි.) ධර්මය බොහෝ සේ උගත්, ධර්මය මතකයේ රඳවා ගෙන වෙසෙන, ප්‍රඥාවන්ත බුද්ධ ශ්‍රාවකයා පිරිසුදු දඹරන් හා සමාන ය. ඔහු හෙළා දකින්නට කවුරු නම් සමත් වේ ද? දෙවියෝ ද ඔහු පසසති. බ්‍රහ්මයා විසින් ද හේ පසසන ලද්දේ ය. බහුශ්‍රැත වූයේ, ධර්මධර වූයේ සංඝයා හොබවන බව සොභෙන්ති සූත්‍රයෙන් පැහැදිලි වේ. සංඝයා - භික්‍ෂු, භික්‍ෂුණී, උපාසක, උපාසිකා වශයෙන් සතරාකාර වේ. ඒ කවර සංඝයා අතර වුව ද, ව්‍යක්ත (දක්‍ෂ,නිපුණ) විනීත (හික්මුණු - සංවර) විසාරද (නොසැලෙන - එඩිතර නුවණැති) බහුශ්‍රැත (බොහෝ සෙයින් ධර්මය උගත්) ධර්මධර (උගත් ධර්මය මතකයේ ඇති) ධර්මානුධර්මප්‍රතිපන්න (ධර්මානුකූලව පිළිපදින) පුද්ගලයා එම සංඝතලය හොබවන්නේ ය. ඒ අනුව බහුශ්‍රැත ධර්මධරයකු හඳුනා ගැනීමට උපකාර වන ලක්‍ෂණ පිළිබඳ ව විග්‍රහයක් අංගුත්තර නිකායෙහි ඛිප්පනිසන්ති සූත්‍රයෙන් පෙන්වා දේ.


උඳුවප් අමාවක

දෙසැම්බර් 19 සිකුරාදා පූ.භා 05.01 අමාවක ලබා 20 සෙනසුරාදා පූ.භා 07.14න් ගෙවේ.
19 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

දෙසැම්බර් 19

First Quarterපුර අටවක

දෙසැම්බර් 27   

Full Moonපසළොස්වක

 ‍ජනවාරි 03 

Second Quarterඅව අටවක

‍‍ජනවාරි 10    


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]