ශ්‍රී බුද්ධ වර්ෂ 2569 ක් වූ ඉල් අමාවක පෝ දා 2025 නොවැම්බර් 19 බදාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
නොවැම්බර් 19 බදාදා පූ.භා. 09.45 අමාවක ලබා 20 බ්‍රහස්පතින්දා අ.භා 12.18න් ගෙවේ. 19 බදාදා සිල්
අමාවක
නොවැම්බර් 19
පුර අටවක
නොවැම්බර් 28
පසළොස්වක
දෙසැම්බර් 04
අව අටවක
දෙසැම්බර් 11
සසර යනු සත්ත්වයා ජාති, ජරා, මරණ ආදී දුක් වේදනාවන් විඳීමින් යන දිගු ගමනක් වේ. තමාගේ සසර ගමනේ ආරම්භය සම්මා සම්බුදු රජාණන් වහන්සේ හැර, අන්කිසිවෙක් නොදනිති. හටගන්නා කර්මවල විපාක, ප්රතිසන්ධි සහ ප්රවෘත්ති විපාක වශයෙන් විපාක දෙමින් සත්ත්වයා සසරේ සැරිසරවයි. ඉන්ද්රියයන් ඔස්සේ අරමුණු ගැනීම හිස් වූ දෙයක් බවත්, එසේ වුවත් අවිද්‍යාව සහ අයෝනිසෝ මනසිකාරය හේතුවෙන් අරමුණු ගැනීම නිසා සංස්කාර රැස්වීම, බුද්ධ දේශනාව තුළින් කියාදෙනු ලබනවා. ඇස, කන, නාසය, දිව, කය, මනස ඔස්සේ සිදුවන ක්‍රියාවලිය නතර කිරීමට එනම්, තවදුරටත් සංස්කාර රැස් කිරීම නතර කිරීමට බුදුරජාණන් වහන්සේ ඉගැන්වූයේ යෝනිසෝමනසිකාරයෙන් අරමුණූ පැමිණි විට ඒ කෙරෙහි නොඇළී උපේක්ෂාවෙන් යුතුව දැකිය යුතු බවයි. පැමිණෙන අරමුණු පිළිබඳ ව උපේක්ෂාවෙන් දැකිය යුතු වීමට හේතුව ශුන්‍යතාව යන සංකල්පය මඟින් උන්වහන්සේ පැහැදිලි කොට වදාළහ. ඇස යන්න, තමාගේ සිත තුළ තිබෙන සංඥාවක් පමණක් වෙනවා. තමාගේ ඇස කෙරෙහි මෙන් ම අනුන්ගේ ඇසක් ගැන තණ්හාවක්, මානයක්, දිට්ඨියක්, ආශාවක් ඇති වෙනවා නම්, ඒවා ජනිත වන්නේ, බාහිර රූපයේ නොව තමාගේ සිත තුළ ම වෙනවා. ඇස එක රූප කොටසක්. ඇස කියන සංඥාව, සිත තුළ තිබෙන දෙයක් විනා ඇසේ තිබෙන ධර්මයක් නොවෙයි. ඇස තුළ ඇත්තේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන ධාතු ගොඩවල්. මේ ලෝකයේ අජීවී සජීවී සෑම රූප ධර්මයක් ම සෑදී තිබෙන්නේ, මේ මූල ධාතු හතරෙන්. ඇස තුළ මේ මූල ධාතු හතර සහ ඒ මූල ධාතු හතර නිසා ඇතිවන උපාදාය රූපයත් තිබෙනවා. ඒ උපාදාය රූපය චක්ඛු ප්‍රසාද රූපය ලෙස හඳුන්වනවා. පඨවි, ආපෝ, තේජෝ සහ වායෝ යන ධාතුත් සිත තුළ තිබෙන සිතිවිලි ධර්මයන්. මේ සිතිවිලි ඇතිවී, ඇතිවී නැතිවී නැතිවී යන ධර්මයන්. සිතේ ස්වරූපය එයයි.
ජීවිතේ මෙතරම් කාලයක් ගෙවා ආපු දුර, ගත වුණූ කාලය ඔබ දන්නවා. ඒත් හිතන්න, ජීවිතේ ගෙවා යා යුතු දුර, ඒ කිව්වේ තව ජීවත් වෙන්න ඉතිරි වෙලා තිබෙන කාලය ඔබ දන්නේ නෑ නේද? ජීවිතේ අවිනිශ්චිත යි. අවසන් මොහොත අද ද, හෙට ද කියන්න බෑ. ඒ නිසා පමා නොවී ඔබ ඔබට ආරක්ෂාවක් හදාගත යුතුයි නේද? පමා වෙන්න තරම් කාලයක් තියෙයි ද දන්නේ නෑ. ඒ නිසා පමා වෙන්න නම් එපා! ජීවිතේ ගැන මේ ටික තේරුම් ගන්න තරම් ඔබ බුද්ධිමත් නම් පිනෙන්, කුසලයෙන්, යහපතෙන්, සුචරිතයෙන්, ධර්මයෙන් ඔබට ආරක්ෂාවක් හදාගන්න පුළුවන් වේවි! ඉතින් ඔබ බුද්ධිමත් වෙන්න. ඔව්! අනිත් අය බුද්ධිමත් වෙන්නත් පුළුවන්. එයාලා බුද්ධිමත් නො වෙන්නත් පුළුවන්. ඒක අපේ ජීවිතේට ලොකුවට බලපාන දෙයක් නෙවෙයි. ඒ නිසා ඔබ,ඔබ දෙසට හැරෙන්න. ඔබට ම යෝජනාවක් කර ගන්න. ‘අනිත් අය බුද්ධිමත් වුණත් නැතත්, මම නම් බුද්ධිමත්ව ජීවත් වෙනවා. මම බුද්ධිමත් ව කටයුතු කරමින් පමා නොවී මට ආරක්ෂාවක් හදාගන්නවා’ කියලා. හැම දිශාවක් පුරා ම සිතින් විමස විමසා බැලුවොත් තමන්ට වඩා පි‍්‍රය වෙන කවුරුවත් ඉන්නවා ද කියලා, කිසි තැනක තමන්ට වඩා පි‍්‍රය වෙන කවුරුවත් මුණගැසෙන්නේ නෑ. ඔව්! තමන්ට ගොඩාක් ම පි‍්‍රය තමන් ම තමයි. ඒත් මේ දේ බොහෝ දෙනකුට දැනෙන්නේ නෑ. ඒක අතීතෙත් එහෙම ම තමයි. අපගේ බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාම විහාරයේ වැඩවසද්දී, පසේනදි කෝසල රජතුමා භාග්‍යවතුන් වහන්සේ බැහැදකින්න ගියා. ගොස් බුදුරජාණන් වහන්සේට වන්දනා කර එක පැත්තකින් වාඩි වුණා. ඉන්පසුව මෙහෙම කිව්වා. “ස්වාමීනි, මං හුදෙකලාවෙ තනියම ඉන්නකොට, මට මෙහෙම කල්පනාවක් ඇති වුණා. ‘තමන් පි‍්‍රය කාටද? තමන් අපි‍්‍රය කාටද?’ කියලා. එතකොට ස්වාමීනි, මට මෙහෙම හිතුණා. සමහර උදවිය ඉන්නවා. ඒගොල්ලො කයින් වැරැදි කරනවා. වචනයෙන් වැරැදි කරනවා. සිතින් වැරැදි කරනවා. ඇත්තෙන් ම ඔවුන්ට තමන් ව පි‍්‍රය නෑ. නමුත් ඔවුන් කතාවට විතරක් කියනවා, ‘තමාට තමා පි‍්‍රයයි’ කියලා.
අමාමහ නිර්වාණය සාක්ෂාත් කර ගනු පිණිස අප්‍රතිහත ධෛර්යයකින් හා ප්‍රබල අධිෂ්ඨාන ශක්තියකින් යුක්ත ව ජීවිත පූජාවෙන් ශ්‍රමණ දම් පිරූ කුළුපග මිතුරන් වූ භික්ෂූන් වහන්සේ සත් නමක් පිළිබඳ විස්මයජනක කතා පුවතක් කාශ්‍යප බුදුහිමියන්ගේ ශාසනය පැවති යුගයට අදාළ ව අසන්නට ලැබේ. කිසිවකුටත් ළඟාවිය නොහැකි එක් ගල් පර්වතයක මුදුනට තමන් වහන්සේ විසින් ම සකස් කර ගන්නා ලද දිගු ඉණිමඟක ආධාරයෙන් නැඟ ගැනීමෙන් පසුව ඉණිමඟ ඉවතට හෙළා දැමූ උන්වහන්සේ උතුම් වූ අරහත් ඵලයට පැමිණ ඍද්ධි බලයෙන් එතැනින් ඉවත්ව යා හැකි වනතෙක් භාවනානුයෝගී ව ගත කිරීමටත්, ඊට අපොහොසත් වෙතොත් එතැන ම මියපරලොව යාමටත් එකඟ වූහ. පස්වැනි දිනය වන විට අරහත්භාවයට පත්වූ එක් නමක් ඍද්ධි බලයෙන් ගම්මානයට වැඩම කර පිඬු සිඟා වැඩීමෙන් අනතුරුව මිතුරු ස්වාමීන් වහන්සේ වෙත ආපසු පැමිණ පිණ්ඩපාත දානය පිළිගැන්වීය. එහෙත් එවැනි වැඩපිළිවෙළකට මුල් කතිකාවතේ දී එකඟ නොවූ බැවින් පිණ්ඩපාත දානය එකහෙළා ප්‍රතික්ෂේප කළ අනෙක් සයනම රහතුන් වහන්සේට කැමැති දිශාවකට වඩින ලෙසට ඉල්ලා සිටියහ. සත්වැනි දිනයේ දී තවත් එක් නමක් අනාගාමී ඵලයට පත්වූ අතර අපවත්වීමෙන් පසුව බඹ ලොව උපත ලැබීය. ඉතිරි පස්නම කිසිදු මාර්ගඵලයක් නොලබා ම අපවත් වූහ. ඉන් අනතුරුව ඔවුන් පස් දෙනා ආත්ම ගණනාවක් තිස්සේ සසර සැරිසරා අප ගෞතම බුදුරජාණන් වහන්සේ ජීවමාන ව වැඩ සිටි සමයේ දී දඹදිව නොයෙකුත් ස්ථානවල උපත ලබා අවසන පහත පරිදි නිර්වාණය සාක්ෂාත් කර ගත්හ. රජගහනුවර විසූ එක් සිටු දියණියක් ගිහි ගෙය කලකිරී පැවිදි ජීවිතයක් ගත කිරීමට මවුපිය අවසරය පැතූ මුත්, පවුලේ එකම දරුවා වූ ඇයට ඒ සඳහා අවසර නොලැබිණ. මවුපියන් විසින් සිටු පුත්‍රයකුට සරණ පාවා දීමෙන් පසු සිය ස්වාමියාගේ අවසරය ඇතිව දෙව්දත් තෙරුන්ගේ පාර්ශ්වයට අයත් අසපුවක මෙහෙණි සස්නට පිවිසියා ය.
සීතාවකපුර ප්‍රධාන සංඝනායක පදවියෙන් පිදුම් ලැබූ බෙරන්නාවේ විමල නාහිමියෝ
බෞද්ධාලෝක සාහිත්‍ය උලෙළින්...
බෙරන්නාවේ විමල නා හිමි
කොබවක සුමනාරාමයේ විශේෂ පින්කම් මාලාවක්
විදුලකර අබිමන් - 03
ඉතිරිය»
සුවපත් මනසක් සුවබර දිවියක් - 34 කොටස: භාවනායෝගියාගේ සිහිය විනිශ්චයකරුවකුට සමානයි
සෝක සල්ලහරණ ධර්ම පර්යාය
නිවන් අවබෝධයට ඉන්ද්රිය සංවරය
බිය නැති තැන
දානය
බුදුහිමි දෙසු මඟ
සියවස් ගණනක ඉතිහාසය සැඟවුණු මනරම්ය පුදබිම මැදිලිය ටැම්පිට විහාරය
© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]