ශ්‍රී බුද්ධ වර්ෂ 2569 ක් වූ ඉල් අමාවක පෝ දා 2025 නොවැම්බර් 19 බදාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
සසර යනු සත්ත්වයා ජාති, ජරා, මරණ ආදී දුක් වේදනාවන් විඳීමින් යන දිගු ගමනක් වේ. තමාගේ සසර ගමනේ ආරම්භය සම්මා සම්බුදු රජාණන් වහන්සේ හැර, අන්කිසිවෙක් නොදනිති. හටගන්නා කර්මවල විපාක, ප්‍රතිසන්ධි සහ ප්‍රවෘත්ති විපාක වශයෙන් විපාක දෙමින් සත්ත්වයා සසරේ සැරිසරවයි. ඉන්ද්‍රියයන් ඔස්සේ අරමුණු ගැනීම හිස් වූ දෙයක් බවත්, එසේ වුවත් අවිද්‍යාව සහ අයෝනිසෝ මනසිකාරය හේතුවෙන් අරමුණු ගැනීම නිසා සංස්කාර රැස්වීම, බුද්ධ දේශනාව තුළින් කියාදෙනු ලබනවා. ඇස, කන, නාසය, දිව, කය, මනස ඔස්සේ සිදුවන ක්‍රියාවලිය නතර කිරීමට එනම්, තවදුරටත් සංස්කාර රැස් කිරීම නතර කිරීමට බුදුරජාණන් වහන්සේ ඉගැන්වූයේ යෝනිසෝමනසිකාරයෙන් අරමුණූ පැමිණි විට ඒ කෙරෙහි නොඇළී උපේක්ෂාවෙන් යුතුව දැකිය යුතු බවයි. පැමිණෙන අරමුණු පිළිබඳ ව උපේක්ෂාවෙන් දැකිය යුතු වීමට හේතුව ශුන්‍යතාව යන සංකල්පය මඟින් උන්වහන්සේ පැහැදිලි කොට වදාළහ. ඇස යන්න, තමාගේ සිත තුළ තිබෙන සංඥාවක් පමණක් වෙනවා. තමාගේ ඇස කෙරෙහි මෙන් ම අනුන්ගේ ඇසක් ගැන තණ්හාවක්, මානයක්, දිට්ඨියක්, ආශාවක් ඇති වෙනවා නම්, ඒවා ජනිත වන්නේ, බාහිර රූපයේ නොව තමාගේ සිත තුළ ම වෙනවා. ඇස එක රූප කොටසක්. ඇස කියන සංඥාව, සිත තුළ තිබෙන දෙයක් විනා ඇසේ තිබෙන ධර්මයක් නොවෙයි. ඇස තුළ ඇත්තේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන ධාතු ගොඩවල්. මේ ලෝකයේ අජීවී සජීවී සෑම රූප ධර්මයක් ම සෑදී තිබෙන්නේ, මේ මූල ධාතු හතරෙන්. ඇස තුළ මේ මූල ධාතු හතර සහ ඒ මූල ධාතු හතර නිසා ඇතිවන උපාදාය රූපයත් තිබෙනවා. ඒ උපාදාය රූපය චක්ඛු ප්‍රසාද රූපය ලෙස හඳුන්වනවා. පඨවි, ආපෝ, තේජෝ සහ වායෝ යන ධාතුත් සිත තුළ තිබෙන සිතිවිලි ධර්මයන්. මේ සිතිවිලි ඇතිවී, ඇතිවී නැතිවී නැතිවී යන ධර්මයන්. සිතේ ස්වරූපය එයයි. කයේ ස්වරූපයත් වහ වහා බිඳී බිඳී යන එකක්. ඇස ගැන යම්තාක් සිතුවිලි ඇතිකර ගත්තා නම්, ඒ සෑම සිතිවිල්ලක් ම තමාගේ සිත තුළ තිබෙන දෙයක් විනා එය ඇස කියන රූප කොටස තුළ විද්‍යමාන වන එකක් නොවෙයි. ඇස පිළිබඳ ව පහළ වන සෑම සිතිවිලි ධර්මයක් ම ඇතිවී, ඇතිවී නැතිවී, නැතිවී යන චිත්ත ප්‍රවාහයක්. ඇත්තේ සිතිවිලි දාමයක් පමණයි.
නොවැම්බර් 19 බදාදා පූ.භා. 09.45 අමාවක ලබා 20 බ්‍රහස්පතින්දා අ.භා 12.18න් ගෙවේ. 19 බදාදා සිල්
අමාවක
නොවැම්බර් 19
පුර අටවක
නොවැම්බර් 28
පසළොස්වක
දෙසැම්බර් 04
අව අටවක
දෙසැම්බර් 11
© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]