අවබෝධයට පමාවී පසුතැවෙන්න එපා
ශාස්ත්‍රපති
රත්ගම සුනීත හිමි
ජීවිතේ මෙතරම් කාලයක් ගෙවා ආපු දුර, ගත වුණූ කාලය ඔබ දන්නවා. ඒත් හිතන්න, ජීවිතේ
ගෙවා යා යුතු දුර, ඒ කිව්වේ තව ජීවත් වෙන්න ඉතිරි වෙලා තිබෙන කාලය ඔබ දන්නේ නෑ නේද?
ජීවිතේ අවිනිශ්චිත යි.
අවසන් මොහොත අද ද, හෙට ද කියන්න බෑ. ඒ නිසා පමා නොවී ඔබ ඔබට ආරක්ෂාවක් හදාගත යුතුයි
නේද? පමා වෙන්න තරම් කාලයක් තියෙයි ද දන්නේ නෑ. ඒ නිසා පමා වෙන්න නම් එපා!
ජීවිතේ ගැන මේ ටික තේරුම් ගන්න තරම් ඔබ බුද්ධිමත් නම් පිනෙන්, කුසලයෙන්, යහපතෙන්,
සුචරිතයෙන්, ධර්මයෙන් ඔබට ආරක්ෂාවක් හදාගන්න පුළුවන් වේවි! ඉතින් ඔබ බුද්ධිමත්
වෙන්න.
ඔව්! අනිත් අය බුද්ධිමත් වෙන්නත් පුළුවන්. එයාලා බුද්ධිමත් නො වෙන්නත් පුළුවන්. ඒක
අපේ ජීවිතේට ලොකුවට බලපාන දෙයක් නෙවෙයි. ඒ නිසා ඔබ,ඔබ දෙසට හැරෙන්න. ඔබට ම යෝජනාවක්
කර ගන්න.
‘අනිත් අය බුද්ධිමත් වුණත් නැතත්, මම නම් බුද්ධිමත්ව ජීවත් වෙනවා. මම බුද්ධිමත් ව
කටයුතු කරමින් පමා නොවී මට ආරක්ෂාවක් හදාගන්නවා’ කියලා.
හැම දිශාවක් පුරා ම සිතින් විමස විමසා බැලුවොත් තමන්ට වඩා පි‍්‍රය වෙන කවුරුවත්
ඉන්නවා ද කියලා, කිසි තැනක තමන්ට වඩා පි‍්‍රය වෙන කවුරුවත් මුණගැසෙන්නේ නෑ.
ඔව්! තමන්ට ගොඩාක් ම පි‍්‍රය තමන් ම තමයි. ඒත් මේ දේ බොහෝ දෙනකුට දැනෙන්නේ නෑ. ඒක
අතීතෙත් එහෙම ම තමයි.
අපගේ බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාම විහාරයේ වැඩවසද්දී, පසේනදි කෝසල
රජතුමා භාග්‍යවතුන් වහන්සේ බැහැදකින්න ගියා. ගොස් බුදුරජාණන් වහන්සේට වන්දනා කර එක
පැත්තකින් වාඩි වුණා. ඉන්පසුව මෙහෙම කිව්වා.
“ස්වාමීනි, මං හුදෙකලාවෙ තනියම ඉන්නකොට, මට මෙහෙම කල්පනාවක් ඇති වුණා.
‘තමන් පි‍්‍රය කාටද? තමන් අපි‍්‍රය කාටද?’ කියලා.
එතකොට ස්වාමීනි, මට මෙහෙම හිතුණා. සමහර උදවිය ඉන්නවා. ඒගොල්ලො කයින් වැරැදි කරනවා.
වචනයෙන් වැරැදි කරනවා. සිතින් වැරැදි කරනවා. ඇත්තෙන් ම ඔවුන්ට තමන් ව පි‍්‍රය නෑ.
නමුත් ඔවුන් කතාවට විතරක් කියනවා, ‘තමාට තමා පි‍්‍රයයි’ කියලා. ඒ වුණාට ඔවුන්ට
තමන්ව ම යි පි‍්‍රය නැත්තේ. ඇයි එහෙම වෙන්නේ? අපි‍්‍රය කෙනෙක් තවත් අපි‍්‍රය කෙනකුට
යම් දෙයක් කරනවා ද අන්න ඒ දේ තමයි ඔවුන් තමතමන්ට කර ගන්නේ. ඒ නිසා ඔවුන්ට තමන්ව
පි‍්‍රය නෑ.
සමහර උදවිය ඉන්නවා, කයින් යහපත් දේ කරනවා. වචනයෙන් යහපත් දේ කරනවා. සිතින් යහපත් දේ
කරනවා. ඔවුන්ට තමන් පි‍්‍රයයි. නමුත් වචනෙට විතරයි කියන්නේ ‘තමන් ව පි‍්‍රය නෑ’
කියලා. ඒ වුණාට ඔවුන්ට තමන් පි‍්‍රයයි. ඇයි ඒක එහෙම වෙන්නෙ? පි‍්‍රය කෙනෙක් තමන්ට
පි‍්‍රය වූ කෙනකුට යම්දෙයක් කරනවා ද අන්න ඒ දේ තමයි ඔවුන් තම තමන්ට කර ගන්නේ. ඒ
නිසා ඔවුන්ට තමන් පි‍්‍රයයි.”
රජතුමාගේ මේ වටිනා අදහස් ඇසූ ලොව්තුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ “පින්වත් මහරජ,
ඒක එහෙමම තමයි” කියලා අනුමත කොට වදාළා.
ඉතින් ඔබ ඔබ ගැන ම හිතලා බලන්න. ඔබත් කයිවාරුකාරයෙක් විතර ද? එහෙමත් නැත්නම් ඔබට
අවංකව ම ඇත්තට ම ඔබව පි‍්‍රය ද?
කොසොල් රජුට බුදුරජාණන් වහන්සේ හරිම අගනා ගාථා සතරක් ඉගැන්නුවා. මේ ගාථා සංයුත්ත
නිකායේ කෝසල සංයුත්තයේ පිය සූත්‍රයේ අන්තර්ගත යි. අපිත් ඒ ගාථා එකින් එක තේරුම්
ගනිමු.
“ඉතින් ඇත්තෙන් ම තමාට තමන් පි‍්‍රය බව දන්නවා නම්, තමන් පවේ යොදවන්නේ නෑ. පව් කරන
කෙනකුට සැපය සුව ලබනවා කියන එක ලේසි දෙයක් නොවෙයි.”
ඔබත් බුද්ධිමත් වෙන්න. ඔබ ඔබට අවංකව ම ආදරේ නම් ජීවිතේ පව් එක්ක කලවම් කර ගන්න එපා!
මාරයාගේ ග්‍රහණයට හසුවෙච්ච සත්වයා, මනුස්ස ජීවිතේ අත්හරින කොට, එයාට තමන්ගේ කියා
ගෙනියන්න තියෙන්නෙ මොනවාද? ඔහු අරගෙන යන්නේ මොනවාද? තමාව අත්නොහරින සෙවණැල්ල වගේ,
තමාත් එක්ක ගමන් කරන දෙයක් ඔහුට තියෙනවා ද?”
මරණය ගැන හිතුවත්, නැතත් අපි මැරෙනවා. මරණය ගැන කතා කළත්, නැතත් අපි මැරෙනවා. මරණය
ගැන තේරුණත්, නැතත් අපි මැරෙනවා. මරණයට බය වුණත්, නැතත් මැරෙනවා. ඒ නිසා ඔබ
බුද්ධිමත් වෙන්න. නො මැරෙන මනුස්සයෙක් වගේ නම් කල්පනා කරන්න එපා!
ඉතින් ජීවත්වෙන ඔබට, තමාගේ කියාගන්න සජීවි අජීවි දේවල් ගොඩක් තියෙනවා. ඒත් මැරෙන
විට ඒ කිසිවක් ඔබට තමාගේ දේ විදිහට තියෙනවද? හිතන්න.
ජීවත් වෙනකම් ගමන් යද්දී ඔබ නොයෙක් දෙයින් මලු පුරවාගෙන අරගෙන යනවා. ඒත් මැරෙන විට
කිසිවක් මලු, පෙට්ටි, සේප්පු පුරවාගෙන යන්න පුළුවන්ද? හිතන්න. ජීවත් වෙද්දී
පසුපසින් පැමිණෙන්න සෙවණැල්ල හරි තියෙනවා. සෙවණැල්ල වැටුණූ තමාගේ සිරුරත් අතහැර
මැරෙන්න වෙද්දී ඔබත් සමඟ සෙවණැල්ල වගේ යන්නේ කුමක් ද?
“මනුස්ස ජීවිතයේ දී, රැස් කරන පින් පව් දෙක විතරයි තියෙන්නෙ. තමන්ගේ දෙයක් හැටියට
ඉතුරු වෙන්නෙ එච්චරයි. ගෙනයන්න තියෙන්නෙත් එපමණයි. තමාව අත්නොහරින සෙවණැල්ල වගේ, ඒක
තමාගේ පසුපස්සෙන් එනවා.”
ඒ නිසා ඔබ බුද්ධිමත් වෙන්න. මෙතරම් පැහැදිලි ව ජීවිතය ගැන පහදා දෙද්දී සෙවණැල්ලක්
සේ තමා සමඟ පැමිණීමට පව් ගොඩගහගන්න තරම් අනුවණයෙක් වෙන්න එපා!’
“ඒ නිසා පරලොවට පිහිට වෙන යහපත් පින්කම් කරන්න ඕන. පරලොව දී සත්වයන්ට පිහිට වෙන්නේ
පින විතරයි.”
ජීවිතයක් අවසන් වෙන්නේ පෙර දැනුම්දීමකින් නොවෙයි. කොයි වයසක වුණත්, කොයි තැනක දී
වුණත්, දවසේ මොන කාලෙ දී වුණත් ජීවිතය අවසන් වෙන්න පුළුවන්. මේ ජීවිතේ අවසන් වුණ
ගමන් ඔහුට පරලොවක් තිබෙනවා කියලයි හැම දේ දුටු, හැම දේ අවබෝධ කළ සම්මා සම්බුදු
රජාණන් වහන්සේ වදාළේ.
ඒ පරලොවට කෙනෙක් යන්නේ එකට අත්වැල් පටලගෙන හිටපු අයත් එක්ක නොවෙයි. හරිහම්බ කළ ධනය,
දේපළ, වාහන, ගේ දොර, ඉඩකඩම් ආදිය රැගෙනත් නොවෙයි.
තමන්ගේ තරාතිරම, කුලය, වංශය, ප්‍රසිද්ධිය ආදිය සහිතවත් නොවෙයි. කොටින්ම තමා පරිහරණය
කරපු සිරුරවත් ඔහුට පරලොවට ගෙනයන්න බෑනේ.
එසේ නම් කවරක්ද ඔහුගේ පරලොවට රැකවරණය? තමා විසින් ම ජීවිතයේ කරන ලද පින තමයි
රැකවරණය.
ධනය හෙව්වට ධනයට බෑනේ පරලොවට පිහිටක් හදන්න. බලය පස්සෙ ගියාට බලයට බෑනේ පරලොව
පිහිටක් හදන්න. පිරිවර හදාගත්තට පිරිවරට බෑනේ පරලොව පිහිටක් හදන්න. නමුත් පිනට
පුළුවන් පරලොවට පවා පිහිටක් හදන්න. එහෙම නම් ධනයට, බලයට, වස්තුවට, පිරිවරට වඩා
සෑහෙන්න වටින දෙයක්නේ පින.
ඔබ බුද්ධිමත් වෙන්න. මෙලොව, පරලොව දෙලොවේ ම සැප සැනසුම උදෙසා ඔබේ පින ඔබ ම පමා නොවී
රැස්කර ගන්න. පව් කරන දුර්වලයෝ මැද ඔබ වීරියෙන් පින් කරන්න.
අසංවර අනුවණයෝ මැද ඔබ සිත, කය, වචනය සංවර කර ගන්න. අකුසල් කරන බාලයෝ මැද ඔබ කුසලයට
දක්ෂ වෙන්න ජීවිතේ කෙටියි! පමා නොවී ධර්මයේ හැසිරෙන්න. පමා වෙන්න කාලයක් තියෙයිද
දන්නේ නෑ. මේ ටික තේරුම් ගන්න තරම් ඔබ බුද්ධිමත් වුණොත්, පිනෙන්, කුසලයෙන්,
යහපතෙන්, සුචරිතයෙන්, ධර්මයෙන් ඔබ ව ආරක්ෂා කර ගන්න ඔබට පුළුවන් වේවි! ඉතින්
බුද්ධිමත් වෙන්න. |