[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

ඉල් අමාවක පෝ දා 2025-11-19

බොදු මඟ

 

අභිමානවත් ජීවිතයක් සියල්ලන්ට ම හිමි නැත. එය ඉබේ ලැබෙන්නක් නොවන බැවිනි. ධනයෙන්, බලයෙන්, නිලයෙන් උසස්කම අභිමානය යැයි ඇතැම් කෙනෙක් සිතති. ඒ වැරැදි වැටහීම නිසා ධනය ගොඩගසන්නට, බලය ළඟා කර ගන්නට, නිලතල පසුපස හඹා යන්නට පුරුදු වූවෝ ද වෙති. ඔවුහු ඇතැම් විටෙක ලජ්ජා බිය නොසලකා ඒ වෙනුවෙන් උපක්‍රමශීලී වන අයුරු සමාජය විමසන කල අනන්තවත් ඇස ගැටේ. ජීවිතයේ අභිමානය තීරණය කරන්නේ භෞතික ව රැස්කර ගන්නා දේ මත නොවේ. ජීවත්වීමට භෞතික සංවර්ධනයක් ඇවැසි වුව ද මිනිස්කමට නිගා දෙන ලෙස හැසිරෙන්නේ නම් ඒ පුද්ගලයා සමාජයේ අපහාසයට, උපහාසයට, අපකීර්තියට බඳුන් වේ. අප තථාගතයන් වහන්සේ දේශනා කොට වදාළ අමා දම් මඟ යන ආර්ය ශ්‍රාවකයන් වහන්සේ පිළිබඳ විමසා බැලුවේ නම් උන්වහන්සේගේ ජීවිතය ඉතා සරල ය. අල්පේච්ඡ ය. සැහැල්ලු ය.

උන්වහන්සේ භෞතික සම්පත් රැස් නොකරති. එහෙත් බොහෝ ශ්‍රාවකයන් උන්වහන්සේට සිව්පසයෙන් සංග්‍රහ කරති. ගෞරව නමස්කාර කරති. කල්‍යාණ මිතුරෙක් සේ ඇසුරට පි‍්‍රය කරති. ඒ ආර්ය ශ්‍රාවකයන් වහන්සේට එසේ ගරු සත්කාර ලැබෙන්නේ ආදරය, රැකවරණය, අභිමානය හිමි වන්නේ උන්වහන්සේගේ ජීවිතය තුළ ප්‍රගුණ කරන මහා ගුණ කඳ නිසා ය.

බෞද්ධයන් තමන් සිතන පතන ආකාරයේ වෙනසක්, එසේත් නැතිනම් ආකල්පමය වෙනසක් ඇති කරගත යුතු කාලය එළඹ තිබේ. එසේ කියන්නේ බොහෝ පිරිසක් ධර්ම යැයි අධර්මයට රැවටී තමන් ගැන අධිතක්සේරුවකට පැමිණ කළ යුතු දේ හා කළ නොයුතු දේ හඳුනාගත නොහැකිව අඳුරට ගමන් කරන ආකාරයක් පෙනෙන්නට තිබෙන බැවිනි. මහා පින්කම් සංවිධානය කළ ද දාන මාන පුද පූජා පැවැත්වුව ද ඒ පිටුපස ඇත්තේ ලෝභ, ද්වේෂ, මෝහා දී අකුසල චෛතසික නම් ඒ සැබෑ බෞද්ධයකු සතු ගුණ නොවේ.

බෞද්ධයා යනු බුද්ධිමතෙකි. ඔහු දුර්ලභ ව ලද මිනිසත්කමට නොමිනිස්ගති ආදේශ කොට මිනිස්කමට නිගා නොදේ. ඔහුගේ සිත පිරිසුදුය. වෛරය, තරහව, කෝපය, ඊර්ෂ්‍යාව, කුහකබව, වංකගති, ඔහු තුළ නැත. තමන්ගේ ලාබ ප්‍රයෝජන උදෙසාවත්, වෙන කිසියම් හේතුවක් නිසාවත් ඔහු අන්‍යයකුගේ ප්‍රාණය නිරුද්ධ කරන්නේ නැත. අනුන්ට හිංසාවක්, පීඩාවක් නොකරන්නේ ය. ඔහු නිසා කිසිවකුට මරණ බිය ඇති නොවේ. සොරකම, කාමය වරදවා හැසිරීම, බොරුව, සුරාව ප්‍රතික්ෂේප කරන හෙතෙම තම ජීවිතය ගෙවනුයේ බෞද්ධ ප්‍රතිපදාවට අනුව ය. සියලු බුදුවරයන් වහන්සේගේ අනුශාසනාව වූ සියලු අකුසල් දුරුකිරීම, කුසල් සම්පාදනය කිරීම සිත මනාකොට පිහිටුවා ගැනීම යන යහ මාර්ගයේ ගමන් කිරීම බෞද්ධයාගේ ඒකායන අරමුණ ය. මේ ගුණ තම තමන්ට ආදේශ කොට බැලීමෙන් තමන් සැබෑ බෞද්ධයෙක් ද අභිමානවත් ජීවිතයකට හිමිකම් කියනවාද නැද්ද යන බව තමන්ට ම අවබෝධ කර ගත හැකි ය.

ඉල් අමාවක

නොවැම්බර් 19 බදාදා
පූ.භා. 09.45 අමාවක ලබා
20 බ්‍රහස්පතින්දා
අ.භා 12.18න් ගෙවේ.
19 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

නොවැම්බර් 19

First Quarterපුර අටවක

නොවැම්බර් 28   

Full Moonපසළොස්වක

 ‍දෙසැම්බර්  04 

Second Quarterඅව අටවක

‍දෙසැම්බර්  11    


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]