[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

සීතාවකපුර ප්‍රධාන සංඝනායක පදවියෙන් පිදුම් ලැබූ බෙරන්නාවේ විමල නාහිමියෝ

පාදුක්ක මොරගහතැන්න ශ්‍රී මහා විහාරය, ලියන්වල ශ්‍රී සුවිශුද්ධාරාමය යන උභය විහාරාධිපති බෙරන්නාවේ විමල නා හිමියෝ කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමාගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවෙන් පිරිනමන කොළඹ මහ දිසාවේ සීතාවක පුර සංඝනායක පදවියෙන් පිදුම් ලැබූහ. ඒ පිළිබඳ සන්නස් පත්‍රය පිරිනැමීම නොවැම්බර් 08 වැනි දා සිදු කෙරිණි. බුද්ධ පුත්‍රයන් වහන්සේ සසුනඹරේ දිලෙන සුපුන් සඳ සේ ය. එවන් වූ යතිවරයාණන් වහන්සේ නමක් වන බෙරන්නාවේ විමල නා හිමියෝ ද සුවිශේෂී ගුණාංගයන්ගෙන් සුපෝෂිත ය. උන්වහන්සේ සුපටිපන්න ය. උජුපටිපන්න ය. කෑගල්ල දිස්ත්‍රික්කයේ බෙරන්නාව සීපෝන් ජනපදය විමල නා හිමියන්ගේ ජන්ම භූමිය විය. 1961 සැප්තැම්බර් 22 වනදා කේ.ආර්. කරුණාසේන යන නමින් උපත ලැබූ උන්වහන්සේ සහෝදර සහෝදරියන් හය දෙනකුගෙන් යුත් පවුලේ පස්වැන්නා ය. මේ කුල කුමරුගේ පියාණන් වහන්සේ කේ.ආර්. පුංචි බණ්ඩා ය. අයි.එම්.පුංචි මහත්මිය මෑණියන් වූවා ය. වසර දහතුනක මූලික පාසල් අධ්‍යාපනයෙන් පසුව ලියන්වල ශ්‍රී සුවිශුද්ධාරාමාධිපති ව වැඩ විසූ පූජ්‍ය දේදුගල කාශ්‍යප නාහිමියන්ගේ මැදිහත්වීමෙන් පාදුක්ක ශ්‍රී මහා විහාරස්ථානයට පැමිණි මෙම කුල කුමරු 1974 ජුනි මස 20 වැනි දා උතුම් පැවිදි දිවියට පත් වූ සේක. පාදුක්ක අරුක්වත්ත මොරගහතැන්න ශ්‍රී මහා විහාරස්ථ විද්‍යාචන්ද්‍ර පිරිවෙන් විහාරය හා පාදුක්ක ලියන්වල ශ්‍රී සුවිශුද්ධාරාම උභය විහාරාධිපති ව වැඩ විසූ ධර්මධර විනයධර මණ්ඩාවල ශ්‍රී සෝරත හිමියන් වෙතින් “බෙරන්නාවේ විමල” නමින් පැවිදි දිවියට පත් වූහ. ඉතා දක්ෂ ලෙස සිප් සතර හැදෑරූ මෙම කුල කුමරුගේ සසර පිරූ පාරමී ගුණයක් සේ දසුන පින්බර ය. පැවැත්ම සංවර ය. මූලික පිරිවෙන් අධ්‍යාපනය විහාරස්ථානයේ ම පිහිටි ශ්‍රී විද්‍යාචන්ද්‍ර පිරිවෙනෙන් ලද උන්වහන්සේ උසස් අධ්‍යාපනයට යොමු වූයේ ඉතා දක්ෂ ලෙස ය. 1988 දී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ සේක.


ඉල් අමාවක

නොවැම්බර් 19 බදාදා
පූ.භා. 09.45 අමාවක ලබා
20 බ්‍රහස්පතින්දා
අ.භා 12.18න් ගෙවේ.
19 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

නොවැම්බර් 19

First Quarterපුර අටවක

නොවැම්බර් 28   

Full Moonපසළොස්වක

 ‍දෙසැම්බර්  04 

Second Quarterඅව අටවක

‍දෙසැම්බර්  11    


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]