[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

 

සසරින් එතෙර වූ මිතුරන් සත්දෙනා

අමාමහ නිර්වාණය සාක්ෂාත් කර ගනු පිණිස අප්‍රතිහත ධෛර්යයකින් හා ප්‍රබල අධිෂ්ඨාන ශක්තියකින් යුක්ත ව ජීවිත පූජාවෙන් ශ්‍රමණ දම් පිරූ කුළුපග මිතුරන් වූ භික්ෂූන් වහන්සේ සත් නමක් පිළිබඳ විස්මයජනක කතා පුවතක් කාශ්‍යප බුදුහිමියන්ගේ ශාසනය පැවති යුගයට අදාළ ව අසන්නට ලැබේ. කිසිවකුටත් ළඟාවිය නොහැකි එක් ගල් පර්වතයක මුදුනට තමන් වහන්සේ විසින් ම සකස් කර ගන්නා ලද දිගු ඉණිමඟක ආධාරයෙන් නැඟ ගැනීමෙන් පසුව ඉණිමඟ ඉවතට හෙළා දැමූ උන්වහන්සේ උතුම් වූ අරහත් ඵලයට පැමිණ ඍද්ධි බලයෙන් එතැනින් ඉවත්ව යා හැකි වනතෙක් භාවනානුයෝගී ව ගත කිරීමටත්, ඊට අපොහොසත් වෙතොත් එතැන ම මියපරලොව යාමටත් එකඟ වූහ. පස්වැනි දිනය වන විට අරහත්භාවයට පත්වූ එක් නමක් ඍද්ධි බලයෙන් ගම්මානයට වැඩම කර පිඬු සිඟා වැඩීමෙන් අනතුරුව මිතුරු ස්වාමීන් වහන්සේ වෙත ආපසු පැමිණ පිණ්ඩපාත දානය පිළිගැන්වීය. එහෙත් එවැනි වැඩපිළිවෙළකට මුල් කතිකාවතේ දී එකඟ නොවූ බැවින් පිණ්ඩපාත දානය එකහෙළා ප්‍රතික්ෂේප කළ අනෙක් සයනම රහතුන් වහන්සේට කැමැති දිශාවකට වඩින ලෙසට ඉල්ලා සිටියහ. සත්වැනි දිනයේ දී තවත් එක් නමක් අනාගාමී ඵලයට පත්වූ අතර අපවත්වීමෙන් පසුව බඹ ලොව උපත ලැබීය. ඉතිරි පස්නම කිසිදු මාර්ගඵලයක් නොලබා ම අපවත් වූහ. ඉන් අනතුරුව ඔවුන් පස් දෙනා ආත්ම ගණනාවක් තිස්සේ සසර සැරිසරා අප ගෞතම බුදුරජාණන් වහන්සේ ජීවමාන ව වැඩ සිටි සමයේ දී දඹදිව නොයෙකුත් ස්ථානවල උපත ලබා අවසන පහත පරිදි නිර්වාණය සාක්ෂාත් කර ගත්හ.


ඉල් අමාවක

නොවැම්බර් 19 බදාදා
පූ.භා. 09.45 අමාවක ලබා
20 බ්‍රහස්පතින්දා
අ.භා 12.18න් ගෙවේ.
19 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

නොවැම්බර් 19

First Quarterපුර අටවක

නොවැම්බර් 28   

Full Moonපසළොස්වක

 ‍දෙසැම්බර්  04 

Second Quarterඅව අටවක

‍දෙසැම්බර්  11    


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]