[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

ගංගාතිලක පුරාණ විහාරයේ සම්බුද්ධ ප්‍රතිමා වහන්සේ ඡායාරූපය - නිශ්ශංක විජේරත්න

නවම් පුර අටවක

 පෙබරවාරි 05 බදාදා පූ.භා. 02.33 පුර අටවක ලබා 06 බ්‍රහස්පතින්දා පූ.භා. 00.38න් ගෙවේ.
05 බදාදා සිල්.

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

පෙබරවාරි 05

Full Moonපසළොස්වක

පෙබරවාරි 12

Second Quarterඅව අටවක

පෙබරවාරි 20

Full Moonඅමාවක

පෙබරවාරි 27

ත්‍රිපිටකයට පිවිසුමක්

බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ධර්මයත්, පනවා වදාළ විනයත් ‘ත්‍රිපිටකය’ ලෙස හැඳින්වේ. එයින් විනය ‘විනය පිටකය’ ලෙසත්, ධර්මය ‘සූත්‍ර පිටකය’ හා ‘අභිධර්ම පිටකය’ ලෙසත්, පිටක තුනකට බෙදා දක්වා ඇත. පිටක යන්නෙහි අර්ථය භාජනය, කූඩය, සංග්‍රහය හෙවත් එකතුව ලෙස ගත හැකි ය. මෙහි පිටක යන්න යොදාගෙන ඇත්තේ ‘සංග්‍රහය’ යන අර්ථයෙනි. ප්‍රථම ධර්ම සංගායනාවට සහභාගි වූ තෘතීය මහාශ්‍රාවක මහාකාශ්‍යප මහරහතන් වහන්සේ ප්‍රමුඛ පන්සියයක් මහරහතන් වහන්සේගෙන් අඛණ්ඩ ව පැවතෙන බෞද්ධ සම්ප්‍රදාය ථෙරවාදය නම් වෙයි. මෙහි මාධ්‍යය පාලි භාෂාව යි. බුද්ධ දේශනය කිසිදු වෙනසකට බඳුන් නොකොට ඒ අයුරින් ම පවත්වා ගෙන යාම ථෙරවාදයේ අනන්‍යතා ලක්ෂණය යි. ථෙරවාදී භික්ෂූන් වහන්සේ චීවරය සකස් කර ගන්නා ආකාරය මීට සරල ම උදාහරණයක් ලෙස දැක්විය හැකි ය. එදා මගධ කෙත පෙන්වා එය උදාහරණයක් ලෙස ගත් බුදුරදුන් එහි ලියදි සකස් කර තිබෙන ආකාරයට කඩ කපා චීවරය සකස් කර ගැනීමට උපදෙස් ලබා දුනි. එදාමෙදා තුර කිසිදු වෙනසකට බඳුන් නොකොට චීවරය සකස් කර ගනුයේ එම පැනවීමට අනුකූලව ය. පැවිදිකිරීම්, උපසම්පදාව යනාදී ශාසනික විනය කර්ම සියල්ල ද මුල් බුද්ධ වචනයට අනුකූල ව ම සිදු කෙරේ. ථෙරවාදයේ අනන්‍යතාව එය යි. දෙවැනි ධර්ම සංගායනාවෙන් පසුව බෙදී ගිය අනෙක් බෞද්ධ සම්ප්‍රදාය මහායානය යි. මුල් බුද්ධ දේශනය යම් යම් වෙනස්කම්වලට බඳුන් කරමින් පවත්වා ගෙන යාම එහි දැකිය හැකි ප්‍රමුඛ ලක්ෂණය යි. මේ අනුව ථෙරවාදය හා මහායානය යනු බුදුදහමේ මහා ශාඛා දෙකයි. බුදු, පසේබුදු, මහරහත් යන තුන්තරා බෝධියක් ථෙරවාදයේ ඉගැන්වෙයි.  බෝධි සත්ත්වයන් වහන්සේ ඇතුළත් වනුයේ එයින් පසු පෙළට යි. එහෙත් මහායානිකයෝ බුදුරජාණන් වහන්සේ ළඟට බෝධි සත්ත්වයන් වහන්සේ ඉහළින් ම පිළිගනිති.

 ලාංකීය ඉතිහාසය පුරා විහිදී ගිය ජන සම්මතවාදී පාලන ක්‍රමවේදය

ලිඛිත සාධක අනුව අවුරුදු දෙදහස් පන්සියයකට අධික සභ්‍යත්වයකට උරුමකම් කියන ලෝක ජාතීන් අතළොස්ස අතර සිංහල ජාතියට හිමිවන්නේ ප්‍රමුඛ ස්ථානයකි. මෑත අතීතයේ සිදු කරන ලද පුරාවිද්‍යාත්මක කැණීම් හා තවදුරටත් කරනු ලබන භූ ගර්භ පර්යේෂණයන් අනුව අවුරුදු දසදහස් ගණනක දුරාතීතයකට ලාංකේය ශිෂ්ටාචාරය දිවෙන බව තහවුරු කොටගෙන තිබේ. මෙම ගවේෂණයන් මඟින් අතීත බුද්ධෝත්පාද කාලයක් දක්වා පැතිර යන පින්බිමක මහරු බව අනාගතය විසින් අනාවරණය කරනු ලබනු ඇත. අනුරාධපුර ඇතුළුනුවර පුරාවිද්‍යාත්මක කැණීම්වලින් හෙළිවී ඇත්තේ ව්‍යවහාර වර්ෂ පූර්ණ ව 10වැනි සියවසට අයත් අයන යුගයේ ජනාවාස එහි පැවත තිබූ බවයි. මීට අවුරුදු තුන් දහසකට පෙර අනුරාධපුරයේ ජීවත් වූ ජනයා බ්‍රාහ්මී අක්ෂරවලට සමාන අකුරු වර්ගයක් භාවිත කළ බවට සාධක ලැබී ඇත. එම අක්ෂර ඉන්දු ආර්ය භාෂාවකට නෑකම් කියන බව ද පැවසේ. බුදුරජාණන් වහන්සේ වැඩ විසුවේ ව්‍යවහාර වර්ෂ පූර්ව 623 සිට 543 දක්වා ය. ඊට සියවස් තුනකට පෙරත් ලක්දිව ඉන්දු ආර්ය ජනාවාස තිබී ඇත. යක්ෂ, නාග, රාක්ෂ ආදී ගෝත්‍රික ජන කොටස් ද සමුද්‍රාසන්න හා කඳුකර ප්‍රදේශවල වාසය කොට ඇති බැව් පිළිගැනේ. ව්‍යවහාර වර්ෂ පූර්ව හය වැනි සියවසේ සිට සිංහල ද්වීපයේ රාජාවලියට අයත් පළමු රජු ලෙස මහාවංශය හඳුන්වන්නේ විජයයි. භාරතීය හා වෙනත් මූලාශ්‍රයන්ට අනුව ඔහුගේ නම සිංහල ලෙස දැක්වේ. මහාවංශ ටීකාව වන වංසත්ථප්පකාසිනිය ද ඔහු හඳුන්වන්නේ සිංහල ලෙසයි. කෙසේ හැඳින් වුව ද සිංහල රාජ්‍යයක් ලංකා ද්වීපයේ පිහිටුවීමේ දී මුල්වී ඇත්තේ ශාක්‍යයන් ය. සුද්ධෝදන රජතුමන්ගේ මලණුවන් වූ අමිතෝදන ශාක්‍යගේ පුතා වූයේ පණ්ඩුශාක්‍ය හෙවත් පණ්ඩුසක්ක ය. ඔහු තම මවුබිමත්, ශාක්‍ය වංශයත් කෝසල රාජ්‍යයේ විඩූඪභ අතින් විනාශ වී යන බව සැලවී කපිලවස්තුව අත්හැර තම පිරිස් සමඟ ගංගා නදියෙන් එතෙර ව එහි රාජධානියක් කරවා තම පවුල හා අනික් ශාක්‍ය වංශික පිරිස සමඟ එහි සිට පාලනය ගෙන ගියේ ය.

පාපී දුර්වලයන් ඉදිරියේ වීර්යයෙන් පින් කරමු

දුප්පත්, පොහොසත්, උගත්, නූගත්, රූපී, විරූපී, ස්ත්‍රී, පුරුෂ, බාල, මහලු, බලවත්, දුර්වල ආදී නොයෙක් බෙදා වෙන්කිරීම් ලෝකයේ කොතෙකුත් දකින්නට ලැබුණත් සම්බුදු සසුනක දී අපි හැමෝම බෙදෙන්නේ කොටස් දෙකකට පමණ යි. ඒ ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා සහ අශ්‍රැතවත් පෘථග්ජනයා ලෙසයි. ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා සහ අශ්‍රැතවත් පෘථග්ජනයා අතර බෙදීම ඇති කරන්නේ තම සිත විසිනු යි. මේ සිත විසින් අප සසරේ බොහෝ දුර ගමනක් රැගෙන යනවා. සුගති දුගති ලෝකවලට ඇද දමමින් යන මේ ගමන සිතත් සමඟ යන ගමනක්. සිත තමා අපට පිනට පමාවෙන්න එපා, කුසල් දහම් කරන්න කියා කියන්නේ. ඒ සිත ම තමා අප පාපයේ යොදවන්නේ. සිත ගැන පරිපූර්ණ ලෙස අවබෝධ කළ අපගේ ශාස්තෘන් වහන්සේ වදාළේ සිත විශ්වාස කරන්න එපා. මේ සිත වඩන්න කියල යි. ඒ වැඩූ සිත අවබෝධ කරන්න කියල යි. සිත වැඩිය යුත්තේ සමථ විදර්ශනාව තුළින්. පි‍්‍රය මනාප දේ ගැන ආශාව ඇතිවන්නේ සිතේ. ඒ තුළින් සැප විඳීමක් ඉපදෙනවා. අපි‍්‍රය අමනාප දේ ගැන තරහව, ඊර්ෂියාව, ක්‍රෝධය ආදිය ඉපදෙන්නේත් මේ සිතේම යි. ඒ තුළින් දුක් විඳීමක් ඉපදෙනවා. ඒ වගේම ඒ විඳීම් දෙක ම නූපදවාගෙන අපට පෙනෙන, ඇසෙන, දකින, දැනෙන, විඳින දේ බොහොමයක් තිබෙනවා. ඒ දැනීම විශේෂ කොට නො තේරුණාට ඒ වෙලාවේ සිතේ සැප, දුක් රහිත විඳීමක්, උපේක්ෂාවක් තමා උපදින්නේ. එයට ‍මෝහය මූලික වෙනවා. අශ්‍රැතවත් පෘථග්ජනයා ලෝකයත් සමඟ ගනුදෙනු කරන්නේ ඒ මුළාව තුළයි. ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා ඇත්ත ඇති සැටියෙන් දකින්න සිත පුහුණු කරමින් සිටින කෙනෙක්. ලෝක ධර්මතාවන්ට මුහුණ දෙද්දී ඔහුට සිහි වෙන්නේ ම ශ්‍රී සද්ධර්මය යි. සම්බුදු රජාණන් වහන්සේ මේ ලෝකය අවබෝධ කළ බව, ඒකාන්තයෙන් ම ශ්‍රී සද්ධර්මය මැනවින් දේශනා කරන ලද්දක් බව, ආර්ය මහා සංඝරත්නය කෙලෙස් නසා ඒ මඟෙහි පිළිපන් බව ආර්ය ශ්‍රාවකයා නිතර ම මෙනෙහි කරනවා. හේතුවක් නිසා හටගත් දේට ආශාවෙන් ඇලීයාම හෝ ගැටීයාමට නො ගොස් එහි ඇති අනිත්‍යයත්, දුකත්, තමා වසඟයෙහි පැවැත්විය නොහැකි බවත් දකින නුවණැස පාදා දෙනවා. ඒ තමා ඒ දෙපිරිසේ වෙනස.

බුදුසරණ Youtube
බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 

 

 

 

 

 

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]