ශ්‍රී බුද්ධ වර්ෂ 2568 ක් වූ නවම් පුර අටවක පෝදා 2025 පෙබරවාරි 05 බදාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
කුරුණෑගල නගරයට නුදුරින් නීල ආකාශය පරදවමින් නැඟී සිටිනවා සේ දිස්වෙන මනරම් කඳු මුඳුනකි. උස අඩි දෙසීයක් පමණ ය. ඒ නීල කඳු පාමුල ඉපැරැණි කටාරම් කෙටූ ගල් ලෙන් හා ගුහා, පොකුණු ආදියෙන් සුසැදි ආරාමයක නටබුන් දැකිය හැකි ය. එහි පුරාවිද්‍යාත්මක සාධක බොහෝ ය. වසර දෙදහසකටත් වැඩි දිගු ඉතිහාසයක් ඇති, වනවාසී රහතන් වහන්සේගේ සේනාසනයක් ව පැවති මේ පුණ්‍ය භූමිය වර්තමානයේ රිදී විහාරය ලෙස ජනප්‍රසාදයට පත්ව තිබේ. දුටුගැමුණු මහ රජතුමා විසින් ස්වර්ණමාලී මහා සෑ රදුන් ඉදිකරවනු ලැබූ අවස්ථාවේ එම සෑරදුන් ඉදිකිරීම සඳහා අමුද්‍රව්‍ය සියල්ල ශ්‍රී ලංකාද්වීපයේ විවිධ ස්ථානයන්හි පහළ වූ බව ඉතිහාසයේ සඳහන් වේ. ඓතිහාසික මූලාශ්‍රයන්හි සඳහන් වෙන ලෙස ස්වර්ණමාලි සෑ රදුන් නිම වීමේ දී භාවිත කළ රිදී ලබා ගෙන ඇත්තේ මෙම ප්‍රදේශයෙනි. දුටුගැමුණු රාජ සමයේ අනුරාධපුරයේ සිට මලය රටට යන මාර්ගයක් තිබී ඇත්තේ වර්තමාන රිදී විහාරය අසලින් බව කියැවේ. කරත්තවල බඩු පටවා ගෙන ඒ මාර්ගයේ ගමන් කළ වෙළෙඳ කණ්ඩායමක් අනුරාධපුරයේ සිට මලය රට බලා පිටත්වන්නට විය. එසේ ගමන් කරන අතර විවේකය සඳහා මෙම ස්ථානයේ නතර ව ඇත. එම අවස්ථාවේ දී ගොනුන් කිහිප දෙනෙක් කැලෑවට වැදී ඇත. ආපසු පිටත්වීමට ගොනුන් සොයා වෙළෙඳුන් කිහිප දෙනෙක් කැළයට ගියහ. එසේ යන විට පැණිවරකා ගහක ඉදුණු වරකා ගෙඩියක් දකින්නට ලැබුණි. එම වරකා ගෙඩිය කඩා ගත් වෙළෙඳුන් එහි පළමු කොටස හාමුදුරු නමකට පූජා කළ යුතු යැයි සිතන අවස්ථාවේ ම රහතන් වහන්සේ හතර නමක් වැඩි බව කියැ වේ. ඒ අතර වැඩ සිටි ඉන්ද්‍රගුප්ත මහරහතන් වහන්සේ අසල ගල් ලෙනකට වැඩම කොට වරකා වැළඳූ බව ද සඳහන් ය. ආපසු යන්නට අවසර ඉල්ලා සූදානම් වන වෙළෙඳ කණ්ඩායමට උන්වහන්සේ රිදී විහාරය අසලින් ම වැටී ඇති මඟ පෙන්වා ඇත. ඒ මඟ ගමන් කරන වෙළෙඳ කණ්ඩායම ගල් ලෙනක් තුළ රිදී ඉල්ලමක් දැක ඇත. ඒ බව ඔවුහු දුටුගැමුණු මහා රජතුමාට දැන්වූහ. රජතුමා සතුටු ව අමාත්‍යවරුන් ලවා රිදී රැගෙන ගොස් ස්වර්ණමාලී සෑයට අවශ්‍ය රිදී වැඩ සියල්ල ඉටු කළ බව කියැවේ. රිදී ලැබූණ සතුටට මෙම ස්ථානයේ රිදී විහාරය කළේ යැයි ද සඳහන් ය.
පෙබරවාරි 05 බදාදා පූ.භා. 02.33 පුර අටවක ලබා 06 බ්‍රහස්පතින්දා පූ.භා. 00.38න් ගෙවේ. 05 බදාදා සිල්.
පුර අටවක
පෙබරවාරි 05
පසළොස්වක
පෙබරවාරි 12
අව අටවක
පෙබරවාරි 20
අමාවක
පෙබරවාරි 27
© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]