ශ්‍රී බුද්ධ වර්ෂ 2568 ක් වූ නවම් පුර අටවක පෝදා 2025 පෙබරවාරි 05 බදාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
උතුරුමැද පළාතේ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ එගොඩපත්තුවේ දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් දිවුල්දමන, අරුණපුර ශ්‍රී මහින්දාරාම විහාරස්ථානය විහාරාරාංග රාශියකින් පරිපූර්ණ සිද්ධස්ථානයකි. වර්ෂ 1976 දී ආරම්භ කළ එම විහාරස්ථානයේ නිර්මාතෘන් වහන්සේ මෙන් ම වර්තමාන තත්ත්වයට එය සංවර්ධනය කිරීමෙහි ලා නායකත්වය ලබාදී කටයුතු කළාහු ආරම්භක විහාරාධිපති අඹගස්පිටියේ ආනන්දාභිධාන මහා ස්වාමිපාදයෝ වෙති. උන්වහන්සේගේ එම ජාතික හා ආගමික සේවාවට උපහාර වශයෙන් මහාවිහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි විහාර පාර්ශ්වයේ අතිගරු මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ විංශද්වර්ගික කාරක මහා සංඝ සභාව විසින් “උතුරුමැද පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක” පදවියට උන්වහන්සේ පත් කරනු ලැබූහ. ඒ පිළිබඳ අක්ත පත්‍ර ප්‍රදානය සහ පිළිගැනීමේ උත්සවය 2025 ජනවාරි මස 19 සහ 21 යන දිනයන්හි පිළිවෙළින් මහනුවර අස්ගිරි මහාවිහාරයීය උපෝසථාගාරයේ දී හා පොලොන්නරුව දිවුල්දමන, අරුණපුර ශ්‍රී මහින්දාරාමයේ දී පැවැත්විණි. අතිගරු මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සහ අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූූ එම උත්සව අවස්ථාවට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායකතුමන් සහ ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේතුමන් සහභාගි විය. මෙම සුවිශේෂ අවස්ථා නිමිති කර ගෙන අඹගස්පිටියේ ආනන්දාභිධාන මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ජාතිකාගමික අභිවෘද්ධිය උදෙසා ඉටු වූ සේවය අළලා මේ ලිපිය පළ කෙරේ.
පෙබරවාරි 05 බදාදා පූ.භා. 02.33 පුර අටවක ලබා 06 බ්‍රහස්පතින්දා පූ.භා. 00.38න් ගෙවේ. 05 බදාදා සිල්.
පුර අටවක
පෙබරවාරි 05
පසළොස්වක
පෙබරවාරි 12
අව අටවක
පෙබරවාරි 20
අමාවක
පෙබරවාරි 27
© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]