ශ්‍රී බුද්ධ වර්ෂ 2568 ක් වූ නවම් පුර අටවක පෝදා 2025 පෙබරවාරි 05 බදාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ධර්මයත්, පනවා වදාළ විනයත් ‘ත්‍රිපිටකය’ ලෙස හැඳින්වේ. එයින් විනය ‘විනය පිටකය’ ලෙසත්, ධර්මය ‘සූත්‍ර පිටකය’ හා ‘අභිධර්ම පිටකය’ ලෙසත්, පිටක තුනකට බෙදා දක්වා ඇත. පිටක යන්නෙහි අර්ථය භාජනය, කූඩය, සංග්‍රහය හෙවත් එකතුව ලෙස ගත හැකි ය. මෙහි පිටක යන්න යොදාගෙන ඇත්තේ ‘සංග්‍රහය’ යන අර්ථයෙනි. ප්‍රථම ධර්ම සංගායනාවට සහභාගි වූ තෘතීය මහාශ්‍රාවක මහාකාශ්‍යප මහරහතන් වහන්සේ ප්‍රමුඛ පන්සියයක් මහරහතන් වහන්සේගෙන් අඛණ්ඩ ව පැවතෙන බෞද්ධ සම්ප්‍රදාය ථෙරවාදය නම් වෙයි. මෙහි මාධ්‍යය පාලි භාෂාව යි. බුද්ධ දේශනය කිසිදු වෙනසකට බඳුන් නොකොට ඒ අයුරින් ම පවත්වා ගෙන යාම ථෙරවාදයේ අනන්‍යතා ලක්ෂණය යි. ථෙරවාදී භික්ෂූන් වහන්සේ චීවරය සකස් කර ගන්නා ආකාරය මීට සරල ම උදාහරණයක් ලෙස දැක්විය හැකි ය. එදා මගධ කෙත පෙන්වා එය උදාහරණයක් ලෙස ගත් බුදුරදුන් එහි ලියදි සකස් කර තිබෙන ආකාරයට කඩ කපා චීවරය සකස් කර ගැනීමට උපදෙස් ලබා දුනි. එදාමෙදා තුර කිසිදු වෙනසකට බඳුන් නොකොට චීවරය සකස් කර ගනුයේ එම පැනවීමට අනුකූලව ය. පැවිදිකිරීම්, උපසම්පදාව යනාදී ශාසනික විනය කර්ම සියල්ල ද මුල් බුද්ධ වචනයට අනුකූල ව ම සිදු කෙරේ. ථෙරවාදයේ අනන්‍යතාව එය යි. දෙවැනි ධර්ම සංගායනාවෙන් පසුව බෙදී ගිය අනෙක් බෞද්ධ සම්ප්‍රදාය මහායානය යි. මුල් බුද්ධ දේශනය යම් යම් වෙනස්කම්වලට බඳුන් කරමින් පවත්වා ගෙන යාම එහි දැකිය හැකි ප්‍රමුඛ ලක්ෂණය යි. මේ අනුව ථෙරවාදය හා මහායානය යනු බුදුදහමේ මහා ශාඛා දෙකයි. බුදු, පසේබුදු, මහරහත් යන තුන්තරා බෝධියක් ථෙරවාදයේ ඉගැන්වෙයි. බෝධි සත්ත්වයන් වහන්සේ ඇතුළත් වනුයේ එයින් පසු පෙළට යි. එහෙත් මහායානිකයෝ බුදුරජාණන් වහන්සේ ළඟට බෝධි සත්ත්වයන් වහන්සේ ඉහළින් ම පිළිගනිති.
පෙබරවාරි 05 බදාදා පූ.භා. 02.33 පුර අටවක ලබා 06 බ්‍රහස්පතින්දා පූ.භා. 00.38න් ගෙවේ. 05 බදාදා සිල්.
පුර අටවක
පෙබරවාරි 05
පසළොස්වක
පෙබරවාරි 12
අව අටවක
පෙබරවාරි 20
අමාවක
පෙබරවාරි 27
© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]