ශ්‍රී බුද්ධ වර්ෂ 2568 ක් වූ බිනර අව අටවක පෝදා 2024 සැප්තැම්බර් 24 අඟහරුවාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
අලව්ව පැණසිහ සේනාසනයේ සම්බුද්ධ ප්‍රතිමා වහන්සේ
සැප්තැම්බර් 24 අඟහරුවාදා අ.භා. 12.45 අව අටවක ලබා 25 බදාදා අ.භා. 12.17 ගෙවේ. 24 අඟහරුවාදා සිල්
අව අටවක
සැප්තැම්බර් 24
අමාවක
ඔක්තෝබර් 02
පුර අටවක
ඔක්තෝබර් 10
පසළොස්වක
ඔක්තෝබර් 17
මඟක් ගිහින් ඇවිත් මව ආපහු කියනවා ‘දුවේ, අපි බණ අහලා, පිරිත් සජ්ඣායනා ශ්‍රවණය කරලා, මල් පහන් පූජා කරලා ලබන ආශීර්වාද ඔබටත්, දරුවාටත් අනුමෝදන් කරන්නම්; දුක් වෙන්න එපා‘යි නැවතත් ඇයගේ සිත සනසලා ගමන පිටත් වුණා. පන්දම් එළියෙන් ඒ අය ටිකින් ටික නිවසින් ඈතට ඈතට යන්න ගියා, නව අරහාදි බුදු ගුණ නිරන්තරයෙන් භාවනා වශයෙන් මෙනෙහි කරන කොටත්, බුදුන් දැකීමෙන්, බුදුබණ සහ බුදුගුණ ඇසීමෙන්, බුදුගුණ මෙනෙහි කිරීමෙන්, බුදුන් වහන්සේට උපන් නාම පද ඇසීමෙන් හා ඒවායේ අර්ථ මෙනෙහි කිරීමෙන් පුද්ගල මනසේ ඇති වන හෙවත් උපදින ප්‍රීතිමත් තත්ත්වය පස්වනක් ප්‍රීතිය හට ගැනීමට හේතු වෙනවා. සමහර කෙනකුට මේ ප්‍රීතීන් පහ ම උපදවා ගැනීමේ හැකියාව ලැබෙනවා. තවත් අයකුට නම් පුළුවන් වෙන්නේ එයින් එකක් හෝ කිහිපයක් උපදවා ගන්න පමණයි. භාවනාව දිගින්දිගට ම සිදු කරන කොට පස්වනක් ප්‍රීතිය ම උපදිනවා. මේ කියන්න යන කතාව හරිම අපූරු එකක්. අපටත් පුළුවන් පස්වනක් ප්‍රීතිය උපදවා ගෙන සාමාන්‍ය පුද්ගලයින්ට කරන්න බැරි තරම් විස්මිත කටයුතු කරන්න. ඒ වගේ ම බොහෝ ම සතුටින් ජීවිතය ගෙවන්න. කථාව කියන්න ඉස්සෙල්ලා පස්වනක් ප්‍රීතිය කියන්නේ මොනවාටද කියලා හදුනා ගත්තොත් හොදයි. ඉතින් බුදු දහම අධ්‍යයන කරන කෙනෙකුට මේ ප්‍රීති පහ දැන ගන්න ලැබෙන්නේ ඛණික ප්‍රීතිය, ඛුද්දධ ප්‍රීතිය, උද්වේගික ප්‍රීතිය, ඔක්කන්තික ප්‍රීතිය හා ඵරණ ප්‍රීතිය යන නම්වලින්. මේ ප්‍රීති පහ තවත් අයෙකුට සාහිත්‍යාගත කෘතිවල දී ක්ෂණික ප්‍රීතිය, ක්ෂුද්රක ප්‍රීතිය, උද්වේග ප්‍රීතිය, අවක්රාන්තික ප්‍රීතිය හා ස්ඵරණ ප්‍රීතිය යන නම්වලිනුත් දකින්න පුළුවන්.
“මෛත්‍රිය” නම් වචනය ඇසෙනවිට අපට එකවර ම සිහිපත් වන්නේ භාවනා ආකාරයකි. එනම්, “මෛත්‍රි භාවනාව“ නම් වූ භාවනාවයි. එනම්, දිගු වේලාවක් එක් ස්ථානයක හිඳිමින් සිදුකරන ක්‍රියාවක් පිළිබඳව යි. සත්‍ය වශයෙන් ම, මෛත්‍රිය යනු මිනිසකුගේ සිතෙහි උපදින විවිධාකාරයේ සිතිවිලි වර්ග අතරින් එක් සිතිවිලි වර්ගයක් පමණි. අපට එදිනෙදා ජීවිතයේ නොයෙක් ක්‍රියාවන් සිදුකරන අතරතුර දී ම එක්වර ම මෛත්‍රිය හා බැඳුණු සිතිවිලි ද සිතෙහි උපදී. එය එක් අවස්ථාවක දී ක්ෂණික ව ඇතිවී, නැතිවී යන සිතිවිල්ලකි. එනම්, මෛත්‍රි සහගත සිතිවිල්ලකි. නිදසුනක් ලෙස, ඔබ රිය පදවමින් සිටියදී කහ ඉරෙන් පාර හරහා ගමන් කරන වියපත් පුද්ගලයකු පැමිණේ. “මොවුන් පාරක ගමන් කිරීමෙන් සිදුවන්නේ අපගේ කාලය නාස්ති වීමයි. අත පය පණ නැතිවී ද මොවුන් බැරි ආමරුවෙන් පාරවල්වල ගොස් අපට ද අනතුරු ඇති කරන්නේ ය. මොවුන් දැන් ගෙවල්වලට වී සිටිය යුතුයැ” යි සිතමින් ඔබ එම තැනැත්තා පිළිබඳ අප්‍රසාදය මුසු වූ සිතිවිලි ඇති කර නොගන්නේ ය. එම තැනැත්තා පාර මාරු වී අවසන් වූ පසුව වුවත් ඔහු දෙස අප්‍රසාදයෙන් යුක්ත ව හැරී නොබලන්නේ ය.
ලොව්තුරා බුදුපියාණන් වහන්සේ වැඩ වාසය කළ සමයේ ඉන්දියාවේ රජකම් කළ, බුදුන් වහන්සේ සමඟ සමීප හිතවත්කමකින් යුක්ත වූ කොසොල් මහ රජතුමා පිළිබඳ ව බෞද්ධ අපි බොහෝ කාරණා අසා ඇත්තෙමු. දිනක් රජතුමා අලුයම් කාලයේ අවදි වූ විට තම මාළිගයේ තිබෙන සියලු ආයුධ දිලිසෙන බව දුටුවේ ය. එයට හේතුව කුමක්දැයි දැන ගැනීමට රජුට දැඩි අවශ්‍යතාවක් ඇති විය. නමුත් අලුයම් කාලය නිසා නිදි වර්ජිත ව රැය පහන් කළ රජතුමා උදේ තම මාලිගයට පැමිණි පුරෝහිත බ්‍රාහ්මණයකු වන “ගග්ග“ නම් පඬිවරයාට මේ ගැන දැන්වීය. ඔහු පැවසුවේ අද අලුයම් කාලයේ තම බිරිඳට දරුවකු ලැබුණ බවත්, ඉන්පසුව මෙම ආයුධ දිලිසීම සිදු වූ බවත් ය. දෙදෙනා අතර මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් සිදුවූ අතර, පුරෝහිතයා පැවසුවේ, දරුවාගේ උපන් වේලාව අනුව අනාගතයේ පල් හොරකු වීමට ඉඩකඩ ඇති බවයි. රජතුමා අනාගතයේ දී වෙන්නේ මොනවා දැයි අපි බලමු’යි කියා ඔහු අස්වසාලීය. මේ දරුවාගේ මව ‘මන්තානී” නම් වෙයි. දරුවා ප්‍රචණ්ඩ අයකු වන බැව් ප්‍රකාශ වීම නිසා ඊට විරුද්ධ අදහසක් ඇති ‘අහිංසක’ යැයි කියා නම තැබීය. භාරතීය සමාජය තුළ ප්‍රභූ පවුලක දරුවෙක් ඉපදුණු විට ශාස්ත්‍ර දත් බමුණන් ගෙන්වා දරුවාගේ අනාගතය පිළිබඳ කරුණුූ විමසීම ප්‍රකට ව තිබු අදහසක් බව පෙනේ.
බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද ධර්මය මිනිසාගේ බාහිර ස්වරූපය සකස් කර ගැනීමට වඩා අභ්‍යන්තර ස්වරූපය සකස් කර ගැනීමට ය. එම නිසා බුදුරජාණන් වහන්සේ මනස මුල් කර ගත් දහම්පරියායක් දේශනා කළහ. ඇසට නොපෙනෙන, කයින් ස්පර්ශ කළ නොහැකි සිත නිබඳව ම මිනිසා විවිධ වූ දිශානතීන්ට යොමු කරනු ලබයි. එය හොඳ සහ නරක වශයෙන් දෙයාකාර ය. මෙසේ ගොඩනැඟෙන ප්‍රබල අකුසල සිතිවිල්ලක් ලෙස ද්වේශය හැඳින්වේ. සිතෙහි හටගෙන, සිත ආවරණය කර ගනු ලබන තරහව දණ්ඩෙන් පහර කෑ සර්පයකු සේ අනුන් විනාශ කිරීමට, නැසීමට ප්‍රබල ව සිත තුළ ක්‍රියාත්මක ය. එය කෙනකුට සාංසාරික ව බද්ධ වෛරයක් සේ ඇතිවී නොදැනුවත් ව ම භෞතික සහ ආධ්‍යාත්මික වශයෙන් බලා සිටියදී ම පිරිහීමට පත් වේ. එසේ ආවේගයට, ද්වේශයට තම සිතට පරාජය වීමට ඉඩ නොදී, සිත ඉවසීමෙන් පාලනය කර සමාජය දෙස, පුද්ගලයින් දෙස සමානාත්මතාවෙන් හා උපේක්ෂා සහගත ව ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳ ව සැරියුත් මහ රහතන් වහන්සේ ආඝාත පඨිවිනය සූත්‍රය තුළ මැනමින් දේශිත ය.
64 වන සංවත්සර මහ සභා රැස්වීම
බටුවන්හේනේ ශ්‍රී ඤාණානන්ද හිමි සමථමූල මණ්ඩලයේ සභාපති ධුරයට පත්වෙත
අසිරිමත් ශ්‍රී සද්ධර්මය ලොව බැබළෙයි
පිහිට පතයි
සහය පතයි
ඉතිරිය»
අගතියට නොයමු
දුකෙන් බියෙන් තොර ජීවිතයකට ප්‍රතිපත්තිගරුක බව
පුනර්භවය තේරුම් ගත යුත්තේ කෙසේද?
අනුසස් ලැබෙන පිරිත් සජ්ඣායනය
දුසිරිතෙන් දුරුවෙමු
මෙත් සිත සදයි සත සෙත
සියපත් සුවඳ දීප ව්‍යාප්ත රචනා තරගයෙන්
දිවි මඟ සරසන දයා කරුණා ගුණය
පන්නිපිටිය ශ්‍රී දෙව්රම් වෙහෙර බිම විසිපස් වසරක අභිමන
© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]