[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

 

බුදුගුණ සිහිකිරීමෙන් උපදින පස්වණක් ප්‍රීතිය

මඟක් ගිහින් ඇවිත් මව ආපහු කියනවා ‘දුවේ, අපි බණ අහලා, පිරිත් සජ්ඣායනා ශ්‍රවණය කරලා, මල් පහන් පූජා කරලා ලබන ආශීර්වාද ඔබටත්, දරුවාටත් අනුමෝදන් කරන්නම්; දුක් වෙන්න එපා‘යි නැවතත් ඇයගේ සිත සනසලා ගමන පිටත් වුණා. පන්දම් එළියෙන් ඒ අය ටිකින් ටික නිවසින් ඈතට ඈතට යන්න ගියා, නව අරහාදි බුදු ගුණ නිරන්තරයෙන් භාවනා වශයෙන් මෙනෙහි කරන කොටත්, බුදුන් දැකීමෙන්, බුදුබණ සහ බුදුගුණ ඇසීමෙන්, බුදුගුණ මෙනෙහි කිරීමෙන්, බුදුන් වහන්සේට උපන් නාම පද ඇසීමෙන් හා ඒවායේ අර්ථ මෙනෙහි කිරීමෙන් පුද්ගල මනසේ ඇති වන හෙවත් උපදින ප්‍රීතිමත් තත්ත්වය පස්වනක් ප්‍රීතිය හට ගැනීමට හේතු වෙනවා. සමහර කෙනකුට මේ ප්‍රීතීන් පහ ම උපදවා ගැනීමේ හැකියාව ලැබෙනවා. තවත් අයකුට නම් පුළුවන් වෙන්නේ එයින් එකක් හෝ කිහිපයක් උපදවා ගන්න පමණයි. භාවනාව දිගින්දිගට ම සිදු කරන කොට පස්වනක් ප්‍රීතිය ම උපදිනවා. මේ කියන්න යන කතාව හරිම අපූරු එකක්. අපටත් පුළුවන් පස්වනක් ප්‍රීතිය උපදවා ගෙන සාමාන්‍ය පුද්ගලයින්ට කරන්න බැරි තරම් විස්මිත කටයුතු කරන්න. ඒ වගේ ම බොහෝ ම සතුටින් ජීවිතය ගෙවන්න. කථාව කියන්න ඉස්සෙල්ලා පස්වනක් ප්‍රීතිය කියන්නේ මොනවාටද කියලා හදුනා ගත්තොත් හොදයි. ඉතින් බුදු දහම අධ්‍යයන කරන කෙනෙකුට මේ ප්‍රීති පහ දැන ගන්න ලැබෙන්නේ ඛණික ප්‍රීතිය, ඛුද්දධ ප්‍රීතිය, උද්වේගික ප්‍රීතිය, ඔක්කන්තික ප්‍රීතිය හා ඵරණ ප්‍රීතිය යන නම්වලින්. මේ ප්‍රීති පහ තවත් අයෙකුට සාහිත්‍යාගත කෘතිවල දී ක්ෂණික ප්‍රීතිය, ක්ෂුද්රක ප්‍රීතිය, උද්වේග ප්‍රීතිය, අවක්රාන්තික ප්‍රීතිය හා ස්ඵරණ ප්‍රීතිය යන නම්වලිනුත් දකින්න පුළුවන්. පළමුව කියන්නට යෙදුණ නම්වලින් හා පිළිවෙලින් ම මේ ප්‍රීති පහ කෙටියෙන් ම කියලා දීම හොඳයි. සිංහල සමාජයේ ගැමියන් මේ ප්‍රීති පහ සතුට ඇති වුණ අවස්ථාවල යොදා ගන්නවා. ඒ අවස්ථාවක දී ගැමියන් ‘පස්වනක් ප්‍රීතියෙන් පිනා ගියා වගේ සතුටක් දැනුණා‘ ආදී වශයෙන් කියනු නිතර අදත් අසන්න දකින්න ලැබෙනවා.


බිනර අව අටවක

සැප්තැම්බර් 24 අඟහරුවාදා අ.භා. 12.45 අව අටවක ලබා 25 බදාදා අ.භා. 12.17 ගෙවේ.
24 අඟහරුවාදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 24

Full Moonඅමාවක

ඔක්තෝබර් 02

First Quarterපුර අටවක

ඔක්තෝබර් 10

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 17

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]