[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

 

මෙත් සිත වහලකු ලෙස ජීවත්වීමට නොව සිතේ තරහව දුරු කර ගැනීමටයි

“මෛත්‍රිය” නම් වචනය ඇසෙනවිට අපට එකවර ම සිහිපත් වන්නේ භාවනා ආකාරයකි. එනම්, “මෛත්‍රි භාවනාව“ නම් වූ භාවනාවයි. එනම්, දිගු වේලාවක් එක් ස්ථානයක හිඳිමින් සිදුකරන ක්‍රියාවක් පිළිබඳව යි. සත්‍ය වශයෙන් ම, මෛත්‍රිය යනු මිනිසකුගේ සිතෙහි උපදින විවිධාකාරයේ සිතිවිලි වර්ග අතරින් එක් සිතිවිලි වර්ගයක් පමණි. අපට එදිනෙදා ජීවිතයේ නොයෙක් ක්‍රියාවන් සිදුකරන අතරතුර දී ම එක්වර ම මෛත්‍රිය හා බැඳුණු සිතිවිලි ද සිතෙහි උපදී. එය එක් අවස්ථාවක දී ක්ෂණික ව ඇතිවී, නැතිවී යන සිතිවිල්ලකි. එනම්, මෛත්‍රි සහගත සිතිවිල්ලකි. නිදසුනක් ලෙස, ඔබ රිය පදවමින් සිටියදී කහ ඉරෙන් පාර හරහා ගමන් කරන වියපත් පුද්ගලයකු පැමිණේ. “මොවුන් පාරක ගමන් කිරීමෙන් සිදුවන්නේ අපගේ කාලය නාස්ති වීමයි. අත පය පණ නැතිවී ද මොවුන් බැරි ආමරුවෙන් පාරවල්වල ගොස් අපට ද අනතුරු ඇති කරන්නේ ය. මොවුන් දැන් ගෙවල්වලට වී සිටිය යුතුයැ” යි සිතමින් ඔබ එම තැනැත්තා පිළිබඳ අප්‍රසාදය මුසු වූ සිතිවිලි ඇති කර නොගන්නේ ය. එම තැනැත්තා පාර මාරු වී අවසන් වූ පසුව වුවත් ඔහු දෙස අප්‍රසාදයෙන් යුක්ත ව හැරී නොබලන්නේ ය. කෝපයෙන් බැනීමට නොයන්නේ ය. වාහනයේ තමා සමඟ යන අනෙක් අයත් සමඟ එක්වී එම තැනැත්තාගේ ක්‍රියාව විවේචනය කරන්නට නොයන්නේ ය. ඒ වෙනුවට, ඔහු පාර මාරුවී අවසන් වූ පසු ඔබ නැවත රිය පදවා ගෙන ඔබේ ගමන යන්නේ ය. මෙලෙස, ඔබේ ජීවිත කාලය පුරාවට ම නොයෙක් අවස්ථාවන්වල දි මෛත්‍රී සහගත සිතිවිලි ඇතිවී නැතිවී යයි. ඒවා සිතිවිලි මාත්‍රයන් ම පමණක් වන නමුත්, එම සෑම යහපත් සිතිවිල්ලක් පාසා ම ඔබ වටා බලවත් ශක්තියක් ඒකරාශී වී යයි. ත්‍රිපිටකයෙහි මෙම යහපත් ශක්තිය හඳුන්වා දී ඇත්තේ “කුසල” යන නාමයෙනි.


බිනර අව අටවක

සැප්තැම්බර් 24 අඟහරුවාදා අ.භා. 12.45 අව අටවක ලබා 25 බදාදා අ.භා. 12.17 ගෙවේ.
24 අඟහරුවාදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 24

Full Moonඅමාවක

ඔක්තෝබර් 02

First Quarterපුර අටවක

ඔක්තෝබර් 10

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 17

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]