[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

සියපත් සුවඳ දීප ව්‍යාප්ත රචනා තරගයෙන්

සියපත් සුවඳ දීප ව්‍යාප්ත රචනා තරගයෙන්

දැයේ දූ දරුවන්ගේ යහපත් ආකල්ප, ගුණධර්ම හා ලේඛන කුසලතා ඔප් නංවනු පිණිස බුදුසරණ පුවත්පත හා බුදුසරණ ඩිජිටල් අංශය සංවිධානය කළ සියපත් සුවඳ දීප ව්‍යාප්ත රචනා තරගයට දූ දරුවන් විශාල ප්‍රමාණයක් රචනා එවා තිබුණි. ඒ අතරින් තෝරාගත් රචනා බුදුසරණ අන්තර්ජාල කලාපයන්හි මෙලෙස පළ කෙරේ

****

ළමා ලෝකය ආලෝකවත් කරන්නට සිදුහත් බෝසත් කුමාර චරිතය

තුන්ලෝකාග්‍ර වූ අප අමා මෑණී බුදුපියාණෝ තුන් ලොවෙහි ම පහළ වූ අති විශිෂ්ට අනුශාසකයාණෝ, ඇදුරාණෝ වන සේක. උන් වහන්සේගේ චරිතය තුළින් විදහා දක්වන්නා වූ අපිරිමිත ගුණ සමුදාය, දම් පිපාසිත ලෝ සතුනට ආදර්ශයක් ම වන සේක.

බුදුපියාණන් වහන්සේගේ බුද්ධ චරිතයෙන් මෙන් ම බෝසත් චරිතයෙන් ද විදහාලූ ආදර්ශයන් මෙතැකැයි ලියා නිම කළ නොහැක. උන්වහන්සේ ලෝක සත්ත්වයාට පිළිබිඹු කළ ආදර්ශයක් දෙවැනි වන්නේ තවත් බුදුන් වහන්සේ නමකට ම පමණි. දරුවන් වශයෙන් අපගේ ළමා ලෝකය හැඩගස්වා ගැනීමට සිදුහත් කුමාර චරිතාපදානය අධ්‍යයනය කිරීමට ඉතා වැදගත් ය.

සිදුහත් බෝසතාණෝ සියලු සත්ත්වයා, සංසාරගත දුකින් මුදවනු වස් ඒ අපරිමිත වූ ප්‍රඥාලෝකය සොයා ගවේෂණය ආරම්භ කළ සේක. පැවතුණ උතුම් වූ ප්‍රාර්ථනය, මස්තක ප්‍රාප්ත කර ගැනීම සඳහා උන්වහන්සේ තුළින් විදහා දැක්වුණූ අධිෂ්ඨානය, අපරිමිත විශ්වාසය, නොපසුබස්නා වීර්යය සහ උත්සාහය දරුවන් වශයෙන් අපගේ ජීවිතයට එකතු කර ගත යුතු වටිනා ආදර්ශයන් ය. යශෝධරා දේවියට පුතකු උපත ලද දින රාත්‍රියේ ම අභිනිෂ්ක්‍රමණය කිරීමට කුමාර සන්තානය තුළ පැවති ස්ථිරසාර අරමුණු ඉතාමත් ආදර්ශවත් ය. වර්ෂාවට හෝ අධික රස්නයට හෝ වෙනයම් හේතුවකට හෝ අපගේ අරමුණූ පසෙක තැබීමට පවා විටෙක අපි සසල වෙමු. අකුසල මූලයන් වැඩී කල් දැමූ කටයුතු කෙතරම් නම් වේ ද? එවන් අවස්ථාවල දී ඔබ ඔබට ම අධිෂ්ඨාන කර ගත යුත්තේ ඔබේ අරමුණු ය. සම කළ නොහැකි පිය පුතු බන්ධනයට හෝ සිදුහත් කුමරුගේ මහාභිනිෂ්ක්‍රමණය වැළැක්වීමට නොහැකි විය.

එපමණක් නොව, රාජ කුමාරයකු විඳින සියලු සැප සම්පත් මධ්‍යයේ ද, සිදුහත් කුමරාණෝ ශාස්ත්‍රයට දැක්වූයේ ඉමහත් ඇල්මකි. කුඩා දරුවන් වශයෙන් අප ද, සැපවත් ජීවිතයක් ගත කළ ද, වඩාත් දුක්ඛිත ජීවිතයක් ගත කළ ද අධ්‍යාපනය ලැබීමේ වැදගත්කම හොඳින් අවබෝධ කොට ගෙන ඉගෙනුම් ක්‍රියාවලියේ නිරත විය යුතු ය. එමෙන් ම සිදුහත් කුමාර චරිතයෙන් මනාව විදහා දැක්වෙන කීකරුබව, මනා හික්මීම ද අපගේ ජීවිතයට ආදර්ශයක් කර ගත යුතු ය. මෑණියන් අහිමි වූ දරුවකු වුව ද කම්පා නොවී එය පිළිබඳ දුක් නොවී, තම කටයුතු නිසි ආකාරයෙන් සිදු කළ සිදුහත් බෝසත් චරිතය සැබැවින් ම ආදර්ශ සම්පන්න වන්නේ ම ය.

තමන් ලබන්නා වූ ජයග්‍රහණයකින් උදම් නොවී, පරාජයකින් කළකිරීමට පත් නොවී කම්පා නොවී, අති උතුම් සිදුහත් කුමාර චරිතය ජීවිතාදර්ශය කර ගනිමින් අපගේ ළමා ලෝකය එකලු කර ගැනීමට අපි අප්‍රමාදී වෙමු.

බිනර අව අටවක

සැප්තැම්බර් 24 අඟහරුවාදා අ.භා. 12.45 අව අටවක ලබා 25 බදාදා අ.භා. 12.17 ගෙවේ.
24 අඟහරුවාදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 24

Full Moonඅමාවක

ඔක්තෝබර් 02

First Quarterපුර අටවක

ඔක්තෝබර් 10

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 17

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]