[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

නවම් පුර පසළොස්වක

පෙබරවාරි 23 සිකුරාදා අ.භා. 03.37 පුර පසළොස්වක ලබා 24 සෙනසුරාදා අ.භා. 06.03 ගෙවේ.
23 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

පෙබරවාරි 23

Second Quarterඅව අටවක

මාර්තු 03

Full Moonඅමාවක

මාර්තු 10

First Quarterපුර අටවක

මාර්තු 17

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

කොළොම්තොට එකලු කරන මහා සංස්කෘතික මංගල්ලය ගංගාරාම නවම් මහා පෙරහර

නවම් මහේ උදාවත් සමඟ අපගේ මතකයට නැඟෙන්නේ සුවිශේෂී පුණ්‍ය මහෝත්සවයක් ගැනයි. ඒ, කොළඹ නගරයට ආලෝකයක්, අභිමානයක් ගෙන එමින් වාර්ෂික ව පවත්වා ගෙන එනු ලබන හුණුපිටිය ගංගාරාම නවම් මහා පෙරහර මංගල්ලය යි. මේ මස 23, 24 දෙදින 46 වැනි වරටත් ගංගාරාමයේ නවම් මහා පෙරහර පැවැත්වීමට දැන් සියලු කටයුතු සූදානම් ය. එදා මෙදා තුර පෙරහරේ සියලු කටයුතු ගංගාරාම විහාරාධිපති, කොළඹ නව කෝරළයේ ප්‍රධාන සංඝනායක, ආචාර්ය ගල්බොඩ ඤාණිස්සර නා හිමියන්ගේ අවවාද සහ ආශිර්වාද මැද සිදු කෙරේ. කොළඹ නගරයට පැමිණෙන දෙස් විදෙස් ජනයාගේ සිත් පහන් කරමින් මානසික සුවය ගෙනදීම අරමුණු කොට ගංගාරාම විහාරස්ථානය යුගයේ අවශ්‍යතාව අනුව නවීකරණය වෙමින් ආගමික හා ශාසනික සංස්කෘතික කටයුතු ඉටු කරනු ලබන මහා ප්‍රතාපවත් ඓතිහාසික විහාරස්ථානයක් බවට ගොඩනැඟී ඇත. ගංගාරාම විහාරස්ථානය මූලික කරගෙන කොළඹ නගරයේ පවත්වන ලද පෙරහරක් අතීතයේ දී ද පැවැති අතර එය ඇසළ පෙරහර නමින් හඳුන්වා තිබේ. එසේ ඇරැඹුණු පෙරහර කාලයාගේ ඇවෑමෙන් රටේ ඇති වූ ආර්ථික, දේශපාලන හා සාමාජයීය ගැටලු හමුවේ අතරමඟ නතර වී ඇත. අනතුරුව ගංගාරාම විහාරස්ථානයේ නවම් පෙරහර ආරම්භ වන්නේ වර්ෂ 1978 දී ය. ඒ ගංගාරාමයේ පොඩි හාමුදුරුවන් වහන්සේ ආචාර්ය ගල්බොඩ ශ්‍රී ඤාණිස්සර නා හිමියන්ගේ අනුශාසකත්වයෙනි. කොළඹ නගරයේ පෙරහරක් නො තිබූ යුගයක, රටේ වෙනත් පෙරහරක් නො පැවැති මාසයක මෙම පෙරහර පැවැත්වේ.

නිවන් මඟට ප්‍රවේශය ශ්‍රද්ධාව යි

අභිධර්මයේ දැක්වෙන විදිහට කුසල පක්ෂයේ සිත් මුල් වී ඇති වන සිතිවිලි 21 ක් තිබෙනවා. ඒවාට කියනවා සෝභන සිතිවිලි කියලා. ඉතින් සෝභන කියන මේ වචනය තුළින් ම අපට වැටහෙනවා සුන්දර බවක්. ලස්සන බවක්. සැනසිලිදායක බවක්. මේ කියන සෝභන සිතිවිලි තුළ පළමු වන සිතිවිල්ල තමා ශ්‍රද්ධාව. මේ චෛතසිකය මුලට ම එන්නේ එය සියලුම සෝභන සිතිවිලිවලට ප්‍රවේශය ද වන නිසයි. බුද්ධාදි රත්නත්‍රය කෙරෙහිත්, කර්මය හා කර්මඵලය කෙරෙහිත් ඇති කර ගන්නා ඇදහීම හෙවත් පහදවන ස්වභාවයට යි ශ්‍රද්ධාව කියල කියන්නේ. මෙම ශ්‍රද්ධාව පුද්ගලයාගෙන් පුද්ගලයාට අඩු වැඩි වෙනවා. ඉතා සරල මට්ටමට බැස්සොත් අපි කවුරුත් බෞද්ධයන් වශයෙන් සැලකෙනවා නම් අපට ඒකාන්ත වශයෙන් ශ්‍රද්ධාව යම් පමණකට පැවතිය යුතු වෙනවා. ශ්‍රද්ධාව නිසා තමා අපි හැම දෙනාම කුසල පක්ෂයට යොමු කරන්නේ. දන් පින්කම් වශයෙන්, සිල් සමාදන්වීම්, බණ භාවනා කිරීම් ආදී කටයුතුවල යෙදෙන්නේ. සෝවාන් මාර්ගයට ආසන්න වෙන අවස්ථාව වෙන කොට ක්‍රමානුකූල ව මේ චෛතසිකය ප්‍රබලත්වය කරා ගමන් කරනවා. බුදුරජාණන් වහන්සේගේ රුව දැකීමෙන්, බුද්ධ ප්‍රතිමාවක් දෙස බලා සිට බුදුගුණ මෙනෙහි කිරීමෙන් මෙම ශ්‍රද්ධාව කියන චෛතසිකයේ ආරම්භක අවස්ථාවට පත් විය හැකියි. මට්ටකුණ්ඩලී නම් අහිසංක තරුණයා රෝගාතුර ව, අසාධ්‍ය ව තම නිවසේ එළිපත්තේ වැතිර සිටිය දී බුදුරජාණන් වහන්සේ එතැනට වැඩියේ ඒ අසරණ එහෙත් පින් ඇති තරුණයාගේ සිත බුදුරුව කෙරෙහි යොමු කර පැහැදීමක් ඇති කරවා මරණාසන්න සිත ශක්තිමත් කර සුගති භවයක උපත ලබා ගැනීමට අවස්ථාව සලසා දීමට යි. ඒ ඇති කර ගත් ශ්‍රද්ධාව නිසාම ඒ අවස්ථාවේ ම මිය ගොස් දිව්‍ය විමානයක මට්ටකුණ්ඩලී නම් දිව්‍ය පුත්‍රයා බවට පත් වුණා.

පුවත්පත් කලාවේ බලය පෙන්වූ පත්තර මහගෙදර නිර්මාතෘ ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතාණෝ

ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ නිර්මාතෘ වූ ද, ජාති හිතෛෂියකු සහ නිදහස් සටනේ පුරෝගාමියකු මෙන් ම වචනයේ පරිසමාප්තාර්ථයෙන් ම හොඳ සිංහල බෞද්ධයකු වූ මෙතුමා නමින් දොන් රිචර්ඩ් විජයවර්ධන නම් විය. මේ මස 23දාට යෙදෙන එතුමාගේ 138 වැනි ජන්ම දිනය නිමිත්තෙන් මෙම ලිපිය පළ වේ. “රූපං ජීරති මච්චානං – නාම ගොත්තං න ජීරතී” යන දහම් පාඨය යථාර්ථයක් කළ ඩී.ආර්. විජයවර්ධන නාමය අප මෙලෙස සිහිපත් කරන්නේ එතුමා මේ රටේ සංස්කෘතිය, ආගම, භාෂාව, සමාජයීය ලක්ෂණ, අධ්‍යාපනය ආදි අංශ කෙරෙහි ස්වකීය චින්තාව මෙහෙයවීමෙන් සිදු කළ මෙහෙවරත්, ආගමික ප්‍රබෝධයට ප්‍රමුඛතාව ලබා දෙමින් ඉටුකළ අගනා මෙහෙවරත් පාදක කර ගනිමිනි. අනාගතය පිළිබඳ අප තුළ ඇති විශ්වාසයත්, ඒ සමඟම අපගේ අපේක්ෂාවන් ඉටුකර ගැනීම සඳහා ස්වයං ශික්ෂණයකින් මෙන්ම ඉවසීමෙන් ද යුතුව කටයුතු කිරීමත් මඟින් විශිෂ්ට ප්‍රතිඵල ලබා ගත හැකි බව තරයේම විශ්වාස කළ උදාර යුග පුුරුෂයකු ලෙස ඩී.ආර්.විජයවර්ධන ශ්‍රීමතාණන් හඳුන්වාදිය හැකි ය. ලාංකේය ඉතිහාසයේ කියැවෙන තුඩුගල පරපුරට අයත් සේදවත්ත දොන් පිලිප් විජයවර්ධන මුහන්දිරම් මහතාගේ හා හෙලේනා විජයවර්ධන ළමාතැනීගේ තෙවැනි පුත්‍රරත්නය ලෙස 1886 පෙබරවාරි 23 වැනි දින ජන්මෝත්පත්තිය ලැබූ එතුමා කොළඹ මෝදර ශාන්ත තෝමස් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනයත්, අනතුරුව බ්‍රිතාන්‍ය කේම්බ්‍රිජ් සරසවියේ උසස් අධ්‍යාපනයත් ලබා වර්ෂ 1912 දී මෙරටට පැමිණෙන්නේ බැරිස්ටර්වරයකු වශයෙනි. නූතන මහා වංශයේ ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන් පිළිබඳ සඳහන් ව ඇත්තේ මේ ආකාරයෙනි.

නොතැවෙන නොරිදෙන සිතක් ලබන්නට බුදු ගුණ සිතමින් බෝ මළුව අමදින්න
- මහමෙව්නාව භාවනා අසපුවාසී අංකුඹුරේ අමිතදීප හිමි

අපගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ ගේ සම්බෝධියට සෙවණ දුන් නිසයි ශ්‍රී මහා බෝධියට බෝධි වෘක්ෂය කියා කියන්නේ. බෝධි වෘක්ෂය තව ආකාරයකින් හඳුන්වනවා අවබෝධයේ වෘක්ෂය කියලා. අනවබෝධයක් තුළ හිරවෙලා, සංසාර ගමනක පැටලිලා අනේක දුක් ගැට ගැසුණු අපට බෝධි වෘක්ෂයේ ආශිර්වාදය කොතරම් සැනසිල්ලක් ගෙන දෙනවාද? මේ ඒ පිළිබඳ කළ සාකච්ඡාවක් ඇසුරිණි. අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ පවා බෝධින් වහන්සේට පුද සත්කාර කර තිබෙනවා. උන්වහන්සේ බුද්ධත්වයට පත්වෙලා පුරා සතියක් දෙනෙත් නොසළා බෝධින් වහන්සේ දෙස බලා සිටියා. කිසිදු සජීවි වස්තුවක් දෙස පුරා සතියක් එසේ බලා සිටියේ නැහැ. ඒ විජය ශ්‍රී ජයශ්‍රී මහා බෝධින් වහන්සේගේ ගුණ අපමණ යි. බෝධින් වහන්සේ නමකගේ ආශ්චර්යය විශ්මිත යි. අපගේ භාග්‍යවතුන් වහන්සේ බෝ රුක් සෙවණේ මුලින් ම වාඩිවන විට සම්බෝධියට පත් නොවී කෙලෙස් සහිතවයි බෝ මුල වාඩි වුණේ. ඒ මහා බෝසතාණන්ට සෙවණ සදා දෙමින් බෝ රජුන් වැඩ සිටියා. ඒ වන විට බෝ රජුන්ගේ වයසත් අවුරුදු 35ක්. හොඳින් අතුපතර විහිදී ගිය විශාල බෝධින් වහන්සේ නමක්. ඒ සෙවණේ අපගේ මහා බෝසතුන් වහන්සේ වාඩි වූ බව ලෝකයේ කාට නො දැනුනත් එක් අයකුට ඒක දැනුණා. ඒ පවිටු මාරයා. ඔහු කැළඹිලා ආවේ දස බිම්බරක් මාර සේනාව සමඟ බෝධිසත්ත්වයන් වහන්සේ බිය කරවන්නටයි. ඒ සඳහා නොයෙක් දේ කළා. සසර ගමනේ පිරූ පාරමිතා බල මහිමයෙන් ඒ සියල්ල ම සමථයකට පත්වුණා.

සාඩම්බර ඉතිහාසයක අනාගත කියවීම දිඹුලාගල බ්‍රාහ්මී ගිරිලිපිය ...

බුදු දහම හා සම්බන්ධ වූ පුරාණ සන්නිවේදන මාධ්‍යයක් වූ බ්‍රාහ්මී ශිලා ලේඛන ප්‍රධාන වශයෙන් කොටස් සතරකි. ලෙන් ලිපි - (Cave Inscriptions) කේව් ඉන්ස්ක්‍රිප්ෂන්ස් පර්වත ලිපි - (Rock Inscription)  රොක් ඉන්ස්ක්‍රිප්ෂන්ස් ටැම් ලිපි - (Pillar Inscripions) පිලර් ඉන්ස්ක්‍රිප්ෂන්ස් පුවරු ලිපි - (SLAB Inscripions)  ස්ලැබ් ඉන්ස්ක්‍රිප්ෂන්ස් පුරාණ බ්‍රාහ්මී ශිලාලිපි පිහිටි ආකාරය අනුව එසේ වර්ග කර ඇත. මෙකල ඉතා විශාල ජනතා අවධානයට ලක් වී ඇති පොලොන්නරුව දිස්ත්‍රික්කයට අයත් දිඹුලාගල නාමල් පොකුණ පුරාවිද්‍යා ප්‍රදේශයෙහි පර්වත ලිපිය මේ ප්‍රදේශයේ තවත් හමුවන බ්‍රාහ්මී අක්ෂර සහිත ශිලා ලේඛන අනුව ද මෙම අක්ෂර ක්‍රිස්තු පූර්ව තුන්වැනි සියවසට අයත් සේ සැලකේ. පේළි දහයකින් යුක්ත මෙම ශිලාලේඛනය කියවා අර්ථ දැක්වීම සඳහා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් විද්වත් කමිටුවක් පත් කිරීමට අවශ්‍ය කටයුතු කර ඇත. දිඹුලාගල ශිලාලේඛන පිළිබඳ සඳහන් කරන විට බ්‍රාහ්මී අක්ෂරවලින් ලියන ලද තවත් සෙල්ලිපි 16 මීට ඉහත දී සොයාගෙන ඇත. ඒවා දිඹුලාගල මාරවීදිය සෙල්ලිපි 4 දිඹුලාගල කොස්ගහ උල්පත සෙල්ලිපි 2, දිඹුලාගල පුල්ලිගොඩ සෙල්ලිපි 1 ක් ලෙස වේ. දිඹුලාගල නාමල් පොකුණේ ද මීට ඉහතදී සෙල්ලිපි 9 සොයා ගෙන ඇත. ඉහත සඳහන් කළ සෙල්ලිපි මහාචාර්ය සෙනරත් පරණවිතාන පඬිවරයා විසින් ලියන ලද Inscripions of Ceylon - II  වෙළුමේ) දැකිය හැකි ය.  නාමල් පොකුණ පුරාවිද්‍යා ස්ථානයෙහි නිල්දිය පොකුණ හා කාශ්‍යප ලෙනට කිලෝමීටර් දෙකක් පමණ ඉහළින් පිහිටි ස්වභාවික දෙපළු වී ගිය ගල් කුළක පැති මුහුණතක මෙම ශිලාලේඛනය ලියා ඇත. නාමල් පොකුණ ශිලාලේඛනය පේළි දහයකින් යුක්ත ය. මෙතෙක් හමු වී ඇති විශාලතම සෙල්ලිපි මෙය වුව ද දිගු කලක් තිස්සේ මෙය නිරාවරණය වී තිබුණු නිසා බොහෝ අක්ෂර වියැකී ඇතැයි වාර්තා වී තිබේ.

බුදුසරණ Youtube
බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 

 

 

 

 

 

 

 

 

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]