[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

පුතුනි බලන් ඒ පියතුම එන්නේ

පුතුනි බලන් ඒ පියතුම එන්නේ

මහා පුරුෂ ලකුණින් සැරසීලා
ශාක්‍ය කුලේ බිහි වී මඟ පාලා
ගිහිගෙය හැරගිය ලොව ගැන හිතලා
පුතුනි පියා එයි මඟ සරසාලා

ගමනින් ඇත් රජු හට සම වන්නේ
දෙවි මිනිසුන් හට පි‍්‍රය බව දන්නේ
පුන්සඳ මඬලින් වත බබළන්නේ
පියතුම නුඹගේ පුතුනි වඩින්නේ

සීල සමාධි ගුණ ගඟ උතුරා
කැත්කුල බිහි වී දෙව්බඹ සපුරා
දෙව් මිනිසුන් නිති පායුග මතුරා
පුතුනි නුඹේ පිය වෙයි මහ ඇදුරා

අඳුන් නීල කෙස් හිස සරසන්නේ
රන්පට නළලට උපමා වන්නේ
ඌර්ණ රෝම ධාතුව හිමි වන්නේ
එවැනි පියෙකි පුත නුඹට සිටින්නේ

තරු කැළ පිරිවැර පුර සඳ වැන්නේ
මහ සඟ ගණ මැද රුවට වඩින්නේ
හිකත සනහා මහමඟ එන්නේ
ඒ නරසිහ පියතුමයි වඩින්නේ

දඩල්ල වාලුකාරාම වෙහෙරවාසි, ශාස්ත්‍රපති
රත්ගම සුනීත හිමි

නවම් පුර පසළොස්වක

පෙබරවාරි 23 සිකුරාදා අ.භා. 03.37 පුර පසළොස්වක ලබා 24 සෙනසුරාදා අ.භා. 06.03 ගෙවේ.
23 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

පෙබරවාරි 23

Second Quarterඅව අටවක

මාර්තු 03

Full Moonඅමාවක

මාර්තු 10

First Quarterපුර අටවක

මාර්තු 17

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]