[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

“සියපත් සුවඳ” අන්තර් ධර්ම විද්‍යාලයීය විවාද තරගයේ ආදර්ශ වැඩසටහන

බුදුසරණ පුවත්පත හා බුදුසරණ ඩිජිටල් අංශය මෙහෙයවූ

“සියපත් සුවඳ” අන්තර් ධර්ම විද්‍යාලයීය විවාද තරගයේ ආදර්ශ වැඩසටහන


මාළිගාකන්ද මහාබෝධි දහම් පාසලේ විවාද කණ්ඩායම (වමේ සිට දකුණට) රොනාල් වීරසිංහ, දසිඳු රනුත්, ගයාන් ධනසිරි (උපනායක), සෙහාසා මින්දුනී, චමෝද්‍යා නෙත්මිනි (නායිකා), ඔෂිනි ටංජනා සිසු දරු දැරියන් ලේක්හවුස් සභාපතිතුමා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය සමඟින්

පොල්ගස්ඕවිට ශ්‍රී චන්ද්‍රජෝති දහම් පාසලේ විවාද කණ්ඩායම (වමේ සිට දකුණට) අනුමි ඔවින්දි, සෙනුරි අමෝද්‍යා, ඉඳුවරි සත්සරණි, චෙනිත නදෙව්, දුලිත සත්විදු ලේක්හවුස් සභාපතිතුමා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය සමඟින්


කරගොඩ උයන්ගොඩ
මෛත්‍රීමූර්ති මහ නා හිමි

දෙල්මෑල්ලේ
සුමනරතන නා හිමි

බුදුසරණ පුවත්පත සහ බුදුසරණ ඩිජිටල් අංශය එක්ව සංවිධානය කළ “සියපත් සුවඳ” අන්තර් ධර්ම විද්‍යාලයීය විවාද තරගයේ ආදර්ශ වැඩසටහන පසුගිය 19 වැනි දා ලේක්හවුස් ආයතන පරිශ්‍රයේ දී පැවැත්වුණි.

මාළිගාකන්ද මහාබෝධි දහම් පාසල සහ පොල්ගස්ඕවිට ශ්‍රී චන්ද්‍රජෝති දහම් පාසල ආදර්ශ විවාද තරගයට සහභාගි වූ අතර එහිදී මාළිගාකන්ද මහාබෝධි දහම් පාසලේ දරු දැරියන් ජයග්‍රහණය ලබා ගත්හ. දක්ෂතම කථිකාව චමෝද්‍යා නෙත්මිණි දියණිය යි.

බුදුසරණ පුවත්පත හා බුදුසරණ ඩිජිටල් අංශය සංවිධානය කරන මෙම විවාද තරගය මාසික ව පැවැත්වීමට කටයුතු කිරීමට නියමිත අතර, ඒ සඳහා ඕනෑම දහම් පාසලක විවාද කණ්ඩායම්වලට සහභාගි වීමට හැකියාව තිබේ. දහම් පාසල් ප්‍රධානාචාර්ය ස්වාමින් වහන්සේගේ අනුදැනුම මත ඒ සඳහා ඉල්ලුම් කළ යුතු අතර, 0112429598 බුදුසරණ කර්තෘ මණ්ඩලය අමතා වැඩි විස්තර ලබාගත හැකි ය.

තරගය සඳහා සහභාගි වන සියලුම දරු දැරියන්ට ත්‍යාග සහ සහතික පත් පිරිනැමීමට කටයුතු කෙරේ. මෙවර ආදර්ශ විවාද තරගය සඳහා පින්බර දායකත්වය කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්ති මහ නා හිමිපාණන් වහන්සේගෙන් සහ දෙල්මෑල්ලේ සුමනරතන නාහිමියන් ගෙනි.


 විනිශ්චය මණ්ඩලය - ශාස්ත්‍රපති ඌරුගමුවේ අස්සජි හිමි,
ආචාර්ය රත්නපාල වික්‍රමසිංහ මහතා, බුදුසරණ කර්තෘ රමණී සුබසිංහ මහත්මිය

ජයග්‍රාහී කථිකාව චමෝද්‍යා නෙත්මිණි ලේක්හවුස් සභාපති
මහාචාර්ය හරේන්ද්‍ර කාරියවසම් මහතා අතින්
ත්‍යාග ලබාගත් අයුරු

නවම් පුර පසළොස්වක

පෙබරවාරි 23 සිකුරාදා අ.භා. 03.37 පුර පසළොස්වක ලබා 24 සෙනසුරාදා අ.භා. 06.03 ගෙවේ.
23 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

පෙබරවාරි 23

Second Quarterඅව අටවක

මාර්තු 03

Full Moonඅමාවක

මාර්තු 10

First Quarterපුර අටවක

මාර්තු 17

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]