[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

ගාලු බස්නාහිර දෙදිසාවේ උපප්‍රධාන අධිකරණ සංඝනායක පදවියෙන් පිදුම් ලබන ලේල්වල තපස්සී නාහිමි

ගාලු බස්නාහිර දෙදිසාවේ උපප්‍රධාන අධිකරණ සංඝනායක පදවියෙන් පිදුම් ලබන ලේල්වල තපස්සී නාහිමි

දකුණු සිරිලක ගාලු පුරවරයේ බද්දේගම ගලපාත විහාර භික්ෂු සඟ පරපුරේ අද්‍යතන යුගයේ දීප්තිමත් සංඝ නේතෘන් වහන්සේ වනුයේ ශාස්ත්‍රපති පණ්ඩිත ලේල්වල තපස්සි ස්වාමීන් වහන්සේ ය.

පානදුර ගොරකාන දීපාරාමාධිපති සමස්ත ලංකා සාම විනිසුරු ලේල්වල තපස්සි ස්වාමීන් වහන්සේගේ උදාර ලෝක ශාසනික සේවය අගය කළ මහනුවර උපෝසථ පුෂ්පාරාම විහාරද්වයාධිපති ස්‍යාමෝපාලි මහා විහාර වංශික මල්වතු විහාර පාර්ශවයේ ශ්‍රීමත් මහා නායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහා නායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ සානුනායක විංසත් වර්ගික කාරක මහා සංඝ සභාවේ සමානඡන්දයෙන් “ආනන්ද ධර්ම කීර්ති ශ්‍රී’ යන ගෞරව නාම දේවෝපලක්ෂිත ව ගාලු බස්නාහිර දෙදිසාවේ උපප්‍රධාන අධිකරණ සංඝනායක පදවියට පත්කර ඇත.

ඒ පිළිබඳ ශ්‍රී සන්නස් පත්‍ර ප්‍රදානය රාජ පූජිත මල්වතු මහා විහාරීය මංගල උපෝසථාගාරයේ දී ශ්‍රීමත් මහානායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ සානුනායක කාරක මහා සංඝ සභාවේ ප්‍රධානත්වයෙන් ගිහි පැවිදි සම්භාවනීයන්ගේ සහභාගිත්වයෙන් මාර්තු මස 03 වැනි දින පස්වරු 2ට සිදු කිරීමට සංවිධානය කර ඇත.

අභිනව නායක ස්වාමීන් වහන්සේ පිළිගැනීමේ හරසර උපහාර උළෙල මාර්තු 10 වැනි දින පස්වරු දෙකට කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී ස්‍යාමෝපාලි මහා විහාර වංශික මල්වතු විහාර පාර්ශවයේ අනුනායක අග්ග මහා පණ්ඩිත සද්ධම්ම ජෝතික ධජ සාහිත්‍ය චක්‍රවර්තී ත්‍රිපිටක වාගීෂ්වරාචාර්ය ආචාර්ය නියංගොඩ සද්ධර්ම කීර්ති ශ්‍රී සංඝරක්ඛිත විජිතසිරි අනුනායක ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සිදුකිරීමට සංවිධානය කර ඇත.

1988 ජනවාරි පළමුවන දා ගලපාත පුරාණ විහාරයේ දී ලේල්වල තපස්සි සාමණේර නමින් පැවිදි බිමට ඇතුළත් වූ මුන් වහන්සේ.

1990 ජුනි තුන් වැනි දින රාජ පූජිත මල්වතු මහා විහාරීය මංගල උපෝසථාගාරයේ දී වැයිහේනේ කස්සප නායක ස්වාමීන් වහන්සේ, මාබොටුවන පියරතන නායක ස්වාමීන් වහන්සේ, කළඇල්ලේ සේකර මාහිමිපාණන් වහන්සේගේ ශිෂ්‍යවරයකු ලෙස අධිශීල සංඛ්‍යාත උපසම්පදා සීලයෙහි පිහිටියහ.

රත්මලාන පරම ධම්මචේතිය පිරිවන, පානදුර රන්කොත් සෞගත විද්‍යාල පිරිවන යන පිරිවෙන්වල පරිවේණාචාර්යයන් වහන්සේ නමක් ලෙස ක්‍රියා කළ මුන්වහන්සේ, 2015 දී කළුතර දිස්ත්‍රික් ත්‍රිපිටක ධර්ම ගුරු උපදේශක ධුරයට ද පත්විය. 2019 අප්‍රේල් 19 වැනි දින සිට රත්මලාන පරම ධම්මචේතිය පිරිවනේ පරිවේණාධිපතීන් වහන්සේ ලෙස කටයුතු කරති.

නවම් පුර පසළොස්වක

පෙබරවාරි 23 සිකුරාදා අ.භා. 03.37 පුර පසළොස්වක ලබා 24 සෙනසුරාදා අ.භා. 06.03 ගෙවේ.
23 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

පෙබරවාරි 23

Second Quarterඅව අටවක

මාර්තු 03

Full Moonඅමාවක

මාර්තු 10

First Quarterපුර අටවක

මාර්තු 17

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]