[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

කොළොම්තොට එකලු කරන මහා සංස්කෘතික මංගල්ලය ගංගාරාම නවම් මහා පෙරහර

නවම් මහේ උදාවත් සමඟ අපගේ මතකයට නැඟෙන්නේ සුවිශේෂී පුණ්‍ය මහෝත්සවයක් ගැනයි. ඒ, කොළඹ නගරයට ආලෝකයක්, අභිමානයක් ගෙන එමින් වාර්ෂික ව පවත්වා ගෙන එනු ලබන හුණුපිටිය ගංගාරාම නවම් මහා පෙරහර මංගල්ලය යි. මේ මස 23, 24 දෙදින 46 වැනි වරටත් ගංගාරාමයේ නවම් මහා පෙරහර පැවැත්වීමට දැන් සියලු කටයුතු සූදානම් ය. එදා මෙදා තුර පෙරහරේ සියලු කටයුතු ගංගාරාම විහාරාධිපති, කොළඹ නව කෝරළයේ ප්‍රධාන සංඝනායක, ආචාර්ය ගල්බොඩ ඤාණිස්සර නා හිමියන්ගේ අවවාද සහ ආශිර්වාද මැද සිදු කෙරේ. කොළඹ නගරයට පැමිණෙන දෙස් විදෙස් ජනයාගේ සිත් පහන් කරමින් මානසික සුවය ගෙනදීම අරමුණු කොට ගංගාරාම විහාරස්ථානය යුගයේ අවශ්‍යතාව අනුව නවීකරණය වෙමින් ආගමික හා ශාසනික සංස්කෘතික කටයුතු ඉටු කරනු ලබන මහා ප්‍රතාපවත් ඓතිහාසික විහාරස්ථානයක් බවට ගොඩනැඟී ඇත. ගංගාරාම විහාරස්ථානය මූලික කරගෙන කොළඹ නගරයේ පවත්වන ලද පෙරහරක් අතීතයේ දී ද පැවැති අතර එය ඇසළ පෙරහර නමින් හඳුන්වා තිබේ. එසේ ඇරැඹුණු පෙරහර කාලයාගේ ඇවෑමෙන් රටේ ඇති වූ ආර්ථික, දේශපාලන හා සාමාජයීය ගැටලු හමුවේ අතරමඟ නතර වී ඇත. අනතුරුව ගංගාරාම විහාරස්ථානයේ නවම් පෙරහර ආරම්භ වන්නේ වර්ෂ 1978 දී ය. ඒ ගංගාරාමයේ පොඩි හාමුදුරුවන් වහන්සේ ආචාර්ය ගල්බොඩ ශ්‍රී ඤාණිස්සර නා හිමියන්ගේ අනුශාසකත්වයෙනි. කොළඹ නගරයේ පෙරහරක් නො තිබූ යුගයක, රටේ වෙනත් පෙරහරක් නො පැවැති මාසයක මෙම පෙරහර පැවැත්වේ. සැරියුත්, මුගලන් මහ රහතන් වහන්සේ දෙනමට අග්‍රශ්‍රාවක තනතුරු ලැබුණු ඓතිහාසික ආගමික දිනය නවම් පුර පසළොස්වක දිනය යි. ප්‍රථම සංඝ සන්නිපාතය සිදු වූ දිනය ද වන මෙම නවම් පුර පසළොස්වක පොහොය දා ඒ ඓතිහාසික ශාසනික වැදගත්කම ලොවට කියාපාමින් තුණුරුවන් වෙත පිදෙන පූජෝපහාරයක් ලෙස නවම් මහා පෙරහර වීදි සංචාරය කිරීම සුවිශේෂී වේ.


නවම් පුර පසළොස්වක

පෙබරවාරි 23 සිකුරාදා අ.භා. 03.37 පුර පසළොස්වක ලබා 24 සෙනසුරාදා අ.භා. 06.03 ගෙවේ.
23 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

පෙබරවාරි 23

Second Quarterඅව අටවක

මාර්තු 03

Full Moonඅමාවක

මාර්තු 10

First Quarterපුර අටවක

මාර්තු 17

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]