[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

උදාර ආගමික මෙහෙවරක නිරතදොරොව්වේ ඤාණරතන හිමිපාණෝ

උදාර ආගමික මෙහෙවරක නිරතදොරොව්වේ ඤාණරතන හිමිපාණෝ

දිවුලපිටිය, පින්නකැලේවත්ත ශ්‍රී පි‍්‍රයදර්ශනාරාම විහාරස්ථානයේ විහාරාධිකාරි, මුල්ලේරියාව නීලමල්ලිකාරාම විහාරස්ථ විහාරවාසී, ඤාණපාරමී පදනමේ නිර්මාතෘ ශාස්ත්‍රවේදී දොරොව්වේ ඤාණරතන ස්වාමීන් වහන්සේ ගුරුවරයකු, ලේඛකයකු, දේශකයකු මෙන්ම විචිත්‍ර ධර්ම කථිකයකු ලෙසින් ආගමික, ශාසනික හා සමාජ මෙහෙවරක නිරතවන වත්මන් යතිවර පරපුරේ විද්වත් යතිවරයන් වහන්සේ නමකි.

දැනුම, ආකල්ප හා කුසලතාවලින් පිරිපුන් බොදු දරු පිරිසක් බිහිකරන්නට එදා උන්වහන්සේ ගත් වෑයම අද වන විට මල්ඵල ගැන්වී ඇත. වර්තමානයේ දී දිවුලපිටිය ශාසනාරක්ෂක බලමණ්ඩලයේ වැඩිම දරුවන් පිරිසකට දහම් අධ්‍යාපනය ලබාදෙන දහම් තෝතැන්න වන්නේ ද එදා උන්වහන්සේ විසින් ආරම්භ කළ පි‍්‍රයදර්ශනාරාම දහම් පාසල වීම විශේෂත්වයකි.

දොරොව්වේ ඤාණරතන හාමුදුරුවන් වහන්සේ විසින් සිදුකරන නිහඬ කැපකිරීම වත්මන් සමාජයට පරමාදර්ශයක් බව සිහිපත් කළ යුතුමය.

දොරොව්වේ ඤාණරතන ස්වාමීන් වහන්සේ ශාසනික, ආගමික, සංස්කෘතික හා සමාජයීය ප්‍රගමනය උදෙසා සිදුකරන සත්කාරයන් තවත් චිරාත් කාලයක් සිදුකරන්නට උන්වහන්සේට දිරිය, ශක්තිය, වාසනාව සේ ම දීර්ඝායුෂ සම්පත් වැඩේවා.

නවම් පුර පසළොස්වක

පෙබරවාරි 23 සිකුරාදා අ.භා. 03.37 පුර පසළොස්වක ලබා 24 සෙනසුරාදා අ.භා. 06.03 ගෙවේ.
23 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

පෙබරවාරි 23

Second Quarterඅව අටවක

මාර්තු 03

Full Moonඅමාවක

මාර්තු 10

First Quarterපුර අටවක

මාර්තු 17

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]