ශ්‍රී බුද්ධ වර්ෂ 2567 ක් වූ නිකිණි පුර අටවක පෝදා 2023 අගෝස්තු 24 බ්‍රහස්පතින්දා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
ලංකාරාම සෑරදුන් වහන්සේ. ඡායාරූපය - නිශ්ශංක විජේරත්න
අගෝස්තු 24 බ්‍රහස්පතින්දා පූ.භා. 03.31 න් පුර අටවක ලබා 25 සිකුරාදා පූ.භා. 03.10 න් ගෙවේ. 24 බ්‍රහස්පතින්දා සිල්
පුර අටවක
අගෝස්තු 24
පසළොස්වක
අගෝස්තු 30
අව අටවක
සැප්තැම්බර් 06
අමාවක
සැප්තැම්බර් 14
එකල මුළු අලව් නුවරට ම බිය ගෙන දුන් ආලවක නම් යක්ෂයෙක් විය. අලව් නුවර රජු බිය වද්දා දිනපතා ම දරුවකු බිල්ලට ගැනීමට ආලවකයා රජු පොරොන්දු කරවා ගත්තේ ය. මේ දරුණු යකාට බියව රජතුමා දිනපතා ම යකුට බිල්ලක් ලෙස දරුවකු යැවීමට පටන් ගත්තේ ය. මුළු නුවරම දරුවන් යකාට බිලිවී අවසාන ය. අලව් නුවර රජුගේ පුත් කුමරා යකුට බිලිදීමට නියමිත දිනය උදා විය. එදින අලුයම මහා කරුණා සමාපත්තියට සමවැදුණු බුදුන් වහනන්සේ ලොව බලන සේක්. මේ යක්ෂයාගෙන් අලව් නුවරට සිදු වූ විපත දුටු සේක. කුමාරයා අනාගාමී ඵලයට පත් වීමටත් ආලවක යක්ෂයා සෝවාන් ඵලයට පත් වීමටත්, වාසනාව ඇති බව උන්වහන්සේට වැටහිණි. උදෑසන දන් වැළඳූ බුදුන් වහන්සේ දෙව්රම් වෙහෙරෙහි සිට තිස් යොදුනක් මඟ ගෙවා අලව් යක් භවනට වැඩියේ මොවුන්ට වාසනාව පාදා දීමට ය. උන්වහන්සේ කිසිදු බියක් නොදක්වා ආලවකයාගේ වාසස්ථානයට වැඩි සේක. එවේලෙහි යක්ෂයා වාසස්ථානයෙහි නොවීය. සිටියේ ඔහුගේ භාර්යාවන් පමණකි. බුදුන් වහන්සේගේ සිරුරෙන් විහිදුණු රශ්මි මාලාවෙනුත්, පියකරු ශාන්ත දාන්ත පෙනුමෙනුත් පැහැදුනු යක් ස්ත්‍රීහු බුදුන්වහන්සේ වෙත පැමිණ පසඟ පිහිටුවා වැන්දාහ. බුදුන් වහන්සේ යකුගේ ආසනයෙහි වැඩ හිඳ ඔවුන්ට ධර්ම දේශනා කළ සේක. මුළු ප්‍රදේශයෙහි ම අණසක පතුරුවා ගෙන සිටින යක්ෂයා පැමිණ, තමාගේ ආසනයේ කිසි බියක් සැකක් නැතිව වැඩහිඳින බුදුන් වහන්සේ දැක දණ්ඩෙන් පහරලත් සර්පයකු සේ කිපුණේ ය. “තා වනසමි. පරසක්වළ ගසම්'යි තර්ජනය කරන්නට විය. එහෙත් බියක් සැකක් නැතිව ශාන්ත දාන්තව පියකරු පෙනුමින් වැඩ සිටින බුදුන් වහන්සේ දුටු ඔහු පුදුමයට පත් විය. උන්වහන්සේට හිරිහැර, ගැහැට කිරීමට සිතාගත් නමුත් ඉන් පලක් නොවීය. “මහණ වහාම මාගේ භවනයෙන් පිට වෙව“ ඒ යකුගේ අණසකයි. "යහපත් මිතුර" යි කියා යකුගේ සිත මොළොක් කිරීම පිණිස කුඩා දරුවකු මෙන් කීකරු බවක් පෙන්වා බුදුන් වහන්සේ විමානයෙන් පිටතට වැඩි සේක.
ලංකා ඉතිහාසයේ එතෙක් මෙතෙක් සිදු වූ අතිඋත්කර්ෂවත් ම මහා පුණ්‍යෝත්සවය ලෙස වංසකතාවන් සඳහන් කරනු ලබන්නේ දුටුගැමුණු මහ රජතුමා විසින් රුවන්වැලි මහා සෑයේ කටයුතු ආරම්භ කිරීමේ පුණ්‍යෝත්සවය යි. ඇසළ පොහෝ දින සිදුවූ රුවන්වැලිසෑයෙහි මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය සිරිලක් ඉතිහාසයේ පැවැති අතිශය විචිත්‍රවත් ම පුණ්‍යෝත්සවය ලෙසින් මහාවංසය ඇතුළු මූලාශ්‍රයන්හි විස්තර කොට තිබේ. රජ අණින් පත් කළ ඇමතියන්ගේ මෙහෙයවීමෙන් අත්‍යාලංකාරයෙන් සරසන ලද අනුරාධපුර නගරය පංචතූර්ය නාදයෙන් නින්නාද විය. පෙර නොවිරූ විරූ අන්දමෙහි මහා සංඝ සන්නිපාතයක් එක්රැස් විය. විවිධ රටවලින් දහස් ගණනින් භික්ෂු භික්ෂුණීන් වහන්සේ රැස් වූ අන්දම මූලාශ්‍රයන්හි සවිස්තරාත්මකව දක්වා තිබේ. ඉන්දගුත්ත මහ තෙරුන් ප්‍රමුඛ අසූ දහසක් තෙරවරුන් රජගහනුවරින් ද, ධම්මසේන මහ තෙරුන් ප්‍රමුඛ දොළොස් දහසක් තෙරවරුන් බරණැස ඉසිපතනාරාමයෙන් ද, පියදස්සී මහා තෙරුන් ප්‍රමුඛ සැටදහසක් තෙරවරුන් සැවැත්නුවර ජේතවනාරාමයෙන් ද, බුද්ධරක්ඛිත මහ තෙරුන් ප්‍රමුඛ අටළොස්දහසක් තෙරවරුන් විශාලාමහනුවර මහාවන විහාරයෙන් ද, මහාධම්මරක්ඛිත මහ තෙරුන් ප්‍රමුඛ හතළිස් දහසක් තෙරවරුන් උදේනි නුවර දක්ඛිණගිරි විහාරයෙන් ද, මිත්තිණ්ණ මහ තෙරුන් ප්‍රමුඛ එක්ලක්ෂ සැටදහසක් තෙරවරුන් පාටලීපුත්‍ර නුවර අශෝකාරාමයෙන් ද, උත්තිණ්ණ මහ තෙරුන් ප්‍රමුඛ දෙලක්ෂ හැට දහසක් තෙරවරුන් කාශ්මීර දේශයෙන් ද, මහා ප්‍රඥා ඇති ජයදේව මහ තෙරුන් ප්‍රමුඛ හාරලක්ෂ හැටදහසක් තෙරවරුන් පල්ලවභෝග ජනපදයෙන් ද, මහාධම්මරක්ඛිත මහ තෙරුන් ප්‍රමුඛ තිස් දහසක් තෙරවරුන් යෝනක රට අලසන්දා නුවරින් ද, උත්තර මහා තෙරුන් ප්‍රමුඛ හැටදහසක් තෙරවරුන් වින්ධ්‍යා වනයෙහි වූ වත්තනිය සෙනසුනෙන් ද, චිත්තගුත්ත මහ තෙරුන් ප්‍රමුඛ තිස් දහසක් තෙරවරුන් බෝමැලි වෙහෙරෙන් ද, චන්දගුප්ත මහ තෙරුන් ප්‍රමුඛ අසූ දහසක් ථෙරවරුන් වන මාස ජනපදයෙන් ද, සූරියගුත්ත මහ තෙරුන් ප්‍රමුඛ අනූහය දහසක් තෙරවරුන් කෛලාස විහාරයෙන් ද මෙහි වැඩම කළ සේක. මේ හැරුණු විට ස්වදේශික මහාසංඝයා වහන්සේ ඇතුළු භික්ෂු භික්ෂුණීන් වහන්සේ ද උපාසක උපාසිකාවන් ද මීට සහභාගි වූ අන්දම සඳහන් වේ.
බුදු දහමේ ඉගැන්වෙන පරම නිෂ්ටාව වශයෙන් සැලකෙනුයේ නිවනයි. වාණ සංඛ්‍යාත තෘෂ්ණාවෙන් මිදීම නිවන වශයෙන් ථේරවාදී ඇදුරෝ විස්තර කරති. තෘෂ්ණාව හෙවත් ආශාව මුල්කොට ඇති කෙලෙසුන් ප්‍රහීණ කළ පුද්ගලයා රහතන් වහන්සේ ය. රහත් යන්න අර්හත් යන පදය හා සම්බන්ධ ය. එය අර්හත් යන ධාතුවෙන් නිපදී තිබේ. එයින් අදහස් කරනුයේ යෝග්‍ය, සුදුසු පුද්ගලයා යන්නයි. මෙහි නිරුක්ති අර්ථ රැසක් විසුද්ධි මග්ගයෙහි දැක්වේ. රහතන් වහන්සේ යන අරුත දීමට ක්ෂීණාශ්‍රව යන්න ද වහරට පත්ව ඇත. ක්ෂීණ වූ – පහවූ ආශ්‍රව ඇති තැනැත්තා යනු එහි අරුතයි. කාම, භව, දිට්ඨි සහ අවිජ්ජා වශයෙන් ආශ්‍රව සතරකි. රහත් බවට පත්වීමේ දී මේ ආශ්‍රව සියල්ල ඔහුගේ සන්තානයෙන් බැහැර වේ. එවිට ඔහු නිවනට පැමිණුනා වේ. “ඛීණා ජාති වූසිතං බ්‍රහ්ම චරියං කතං කරණීයං නාපරං ඉත්ථත්ථාය” යනුවෙන් දැක්වෙන පරිදි එබඳු ශ්‍රේෂ්ඨ පුද්ගලයා ජාතිය හෙවත් උපත පහකොට ඇත. ඒ සඳහා බඹසර හැසිර ඇත. කිරීමට තවත් යමක් ඉතිරි වී නැත. සියලු කෙලෙසුන් නසා ඇත. නිවන අවබෝධ කිරීමේ මාර්ග තුනක් බුදු දහමේ විස්තර වී ඇත. බුද්ධ, පච්චේකබුද්ධ, අරහත් යනු ඒ මාර්ග තුනයි. රහතන් වහන්සේ අරිය යන නාමයෙන් ද හැඳින්වේ. සියලු පුද්ගලයෝ පෘථග්ජන හා ආර්ය වශයෙන් කොටස් දෙකකට බෙදෙති. කෙලෙස් සහිත පුද්ගලයා පෘථග්ජන වශයෙන් සැලකෙන අතර , උතුම් මගඵලයකට පත් පුද්ගලයා ආර්ය නාමයෙන් හැඳින්වේ. සෝතාපන්න, සකදාගාමී, අනාගාමී සහ අර්හත් යනුවෙන් ආර්ය භාවයට පත්වීමේ අවස්ථා හතරක් ඇත. මේ එක එකක් මාර්ග සහ ඵල වශයෙන් දෙකොටසකට බෙදේ.
මහනුවර ශ්‍රී දන්තධාතුන් වහන්සේගේ තේවා කටයුතු මල්වතු මහා විහාර පාර්ශ්වයට චාරිත්‍රානුකූලව භාර දෙයි
සේරුවිල ශ්‍රී ලලාට ධාතු මහා පෙරහර
බුදුගල්ලෙන ආරණ්‍ය සේනාසනයේ වස් ආරාධනා පින්කම
ඉතිරිය»
මිය යන බව නිතර සිහි කරන්න
දෙලොවක වෙනස තීරණය වන හැටි
තෙරුවනට නින්දා කරන අය ඉදිරියේ කෝපයට පත්වෙනවා ද?
බෝසතාණන් වහන්සේගේ අසිරිමත් පාරමිතා පෙළහර
කෘෂි කර්මාන්තයට මුල්තැන දුන් භාරතීය ආර්ථිකය
පුහු ආටෝපය එපා, තමන්ගේ තරම දැනගෙන ජීවත් වන්න
අතීත ශ්‍රී විභූතියේ වර්තමාන උරුමය
පහන් සිතක කවි
ආගමික සමාජයීය මෙහෙවරක අද්විතීය සලකුණ පුරිජ්ජල ශ්‍රී සංඝබෝධි පිරිවෙන
© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]