[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

 

ස්වර්ණමාලි මහ සෑ රදුන්ගේ මඟුල් ගල් පිහිටු වූ අසිරිමත් මොහොත

ලංකා ඉතිහාසයේ එතෙක් මෙතෙක් සිදු වූ අතිඋත්කර්ෂවත් ම මහා පුණ්‍යෝත්සවය ලෙස වංසකතාවන් සඳහන් කරනු ලබන්නේ දුටුගැමුණු මහ රජතුමා විසින් රුවන්වැලි මහා සෑයේ කටයුතු ආරම්භ කිරීමේ  පුණ්‍යෝත්සවය යි. ඇසළ පොහෝ දින සිදුවූ රුවන්වැලිසෑයෙහි මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය සිරිලක් ඉතිහාසයේ පැවැති අතිශය විචිත්‍රවත් ම පුණ්‍යොත්සවය ලෙසින් මහාවංසය ඇතුළු මූලාශ්‍රයන්හි විස්තර කොට තිබේ. රජ අණින් පත් කළ ඇමතියන්ගේ මෙහෙයවීමෙන් අත්‍යාලංකාරයෙන් සරසන ලද අනුරාධපුර නගරය පංචතූර්ය නාදයෙන් නින්නාද විය. පෙර නොවිරූ විරූ අන්දමෙහි මහා සංඝ සන්නිපාතයක් එක්රැස් විය. විවිධ රටවලින් දහස් ගණනින් භික්ෂු භික්ෂුණීන් වහන්සේ රැස් වූ අන්දම මූලාශ්‍රයන්හි සවිස්තරාත්මකව දක්වා තිබේ. ඉන්දගුත්ත මහ තෙරුන් ප්‍රමුඛ අසූ දහසක් තෙරවරුන් රජගහනුවරින් ද, ධම්මසේන මහ තෙරුන් ප්‍රමුඛ දොළොස් දහසක් තෙරවරුන් බරණැස ඉසිපතනාරාමයෙන් ද, පියදස්සී මහා තෙරුන් ප්‍රමුඛ සැටදහසක් තෙරවරුන් සැවැත්නුවර ජේතවනාරාමයෙන් ද, බුද්ධරක්ඛිත මහ තෙරුන් ප්‍රමුඛ අටළොස්දහසක් තෙරවරුන් විශාලාමහනුවර මහාවන විහාරයෙන් ද, මහාධම්මරක්ඛිත මහ තෙරුන් ප්‍රමුඛ හතළිස් දහසක් තෙරවරුන් උදේනි නුවර දක්ඛිණගිරි විහාරයෙන් ද, මිත්තිණ්ණ මහ තෙරුන් ප්‍රමුඛ එක්ලක්ෂ සැටදහසක් තෙරවරුන් පාටලීපුත්‍ර නුවර අශෝකාරාමයෙන් ද, උත්තිණ්ණ මහ තෙරුන් ප්‍රමුඛ දෙලක්ෂ හැට දහසක් තෙරවරුන් කාශ්මීර දේශයෙන් ද, මහා ප්‍රඥා ඇති ජයදේව මහ තෙරුන් ප්‍රමුඛ හාරලක්ෂ හැටදහසක් තෙරවරුන් පල්ලවභෝග ජනපදයෙන් ද, මහාධම්මරක්ඛිත මහ තෙරුන් ප්‍රමුඛ තිස් දහසක් තෙරවරුන් යෝනක රට අලසන්දා නුවරින් ද, උත්තර මහා තෙරුන් ප්‍රමුඛ හැටදහසක් තෙරවරුන් වින්ධ්‍යා වනයෙහි වූ වත්තනිය සෙනසුනෙන් ද, චිත්තගුත්ත මහ තෙරුන් ප්‍රමුඛ තිස් දහසක් තෙරවරුන් බෝමැලි වෙහෙරෙන් ද, චන්දගුප්ත මහ තෙරුන් ප්‍රමුඛ අසූ දහසක් ථෙරවරුන් වන මාස ජනපදයෙන් ද, සූරියගුත්ත මහ තෙරුන් ප්‍රමුඛ අනූහය දහසක් තෙරවරුන් කෛලාස විහාරයෙන් ද මෙහි වැඩම කළ සේක. මේ හැරුණු විට ස්වදේශික මහාසංඝයා වහන්සේ ඇතුළු භික්ෂු භික්ෂුණීන් වහන්සේ ද උපාසක උපාසිකාවන් ද මීට සහභාගි වූ අන්දම සඳහන් වේ.


නිකිණි පුර අටවක

අගෝස්තු 24 බ්‍රහස්පතින්දා
පූ.භා. 03.31 න් පුර අටවක ලබා
25 සිකුරාදා පූ.භා. 03.10 න් ගෙවේ.
24 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අගෝස්තු 24

Full Moonපසළොස්වක

අගෝස්තු  30

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 06

Full Moonඅමාවක

සැප්තැම්බර් 14


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]