[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

ආගමික සමාජයීය මෙහෙවරක අද්විතීය සලකුණ පුරිජ්ජල ශ්‍රී සංඝබෝධි පිරිවෙන

මහා විහාර වංශික ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය හා මාතලේ පුරවරයට ඇත්තේ චිර කල් පැවත එන සුවිශේෂි වූ සබඳතාවකි. එය ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය ආරම්භය දක්වාම දිව යන බව විදුහුරු ය. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය ආරම්භ කොට වදාළ අතිපූජ්‍ය අඹගහවත්තේ ඉන්‍ද්‍රාසභවර ඤාණසාමි මහානායක මා හිමිපාණන් වහන්සේ නිකායාරම්භක මූලික සාකච්ඡා පැවැත්වීම සඳහා ගාල්ලේ සිට මාතලේ පුරවරයට වැඩම කොට අතිපූජ්‍ය වරාපිටියේ සුමිත්ත මහෝපාධ්‍යයන් වහන්සේ හමුවට වැඩම කර නිකායේ ආරම්භක උපසම්පදා විනය කර්මය සිදුකිරීමට උපාධ්‍යායත්වයෙන් කටයුතු කිරීමට උන්වහන්සේ කැමති කරවා ගත්හ. මෙම ඵෙතිහාසික හමුව මාතලේ පුරවරයේ සිදුවීම මාතලේ පුරවරයේ ගරු ගාම්භීරත්වය වැඩි කරන්නට ද හේතු විය. තවද ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය බැබළ වූ මහා යතිවරයන් වහන්සේ බොහෝමයක් ජන්ම ලාභය ලැබූ හා වැඩසිටි පින්බිමක් ලෙස මාතලේ හඳුන්වා දිය හැකි ය. රාමඤ්ඤ මහා නිකාය මීට පෙර ශ්‍රී ලංකාවේ පිහිටු වීමට ප්‍රයත්න දැරුව ද එම භික්‍ෂු වංශය චිර කල් නො පැවතියහ. පොළොන්නරුවේ පළමු විජයබාහු රජු දවස මෙන්ම, සෙංකඩගල වික්‍රමබාහු රජු දවස ද රාමඤ්ඤ රට භික්‍ෂූන් වහන්සේ ගෙන්වා මෙරට උපසම්පදාව පිහිටුවීම සිදුකළ ද තදනන්තරව බලපෑ විවිධ හේතු නිසා එම රාමඤ්ඤ වංශය බොහෝ කල් නොපැවතියේ ය. ව්‍යවහාර වර්ෂයෙන් 1864 ජූනි මස 12 වැනි දින ගාල්ල මහමෝදර උදකුක්ඛෙප සීමාමාලකයේ දී ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ පළමු උපසම්පදා විනය කර්මය සිදු කරන ලදී. මෙසේ ආරම්භ වූ රාමඤ්ඤ මහා නිකාය අද වන විට ශ්‍රී ලංකාව පුරා අතු පතර විහිදුණු මහා වෘක්ෂයක් සේ වැඩී වර්ධනය වී ඇත.

නිකිණි පුර අටවක

අගෝස්තු 24 බ්‍රහස්පතින්දා
පූ.භා. 03.31 න් පුර අටවක ලබා
25 සිකුරාදා පූ.භා. 03.10 න් ගෙවේ.
24 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අගෝස්තු 24

Full Moonපසළොස්වක

අගෝස්තු  30

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 06

Full Moonඅමාවක

සැප්තැම්බර් 14


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]