[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

මහනුවර ශ්‍රී දන්තධාතුන් වහන්සේගේ තේවා කටයුතු මල්වතු මහා විහාර පාර්ශ්වයට චාරිත්‍රානුකූලව භාර දෙයි

මහනුවර ශ්‍රී දන්තධාතුන් වහන්සේගේ තේවා කටයුතු මල්වතු මහා විහාර පාර්ශ්වයට චාරිත්‍රානුකූලව භාර දෙයි

ශ්‍රී දළදා වහන්සේ උදෙසා සිදුකරන තේවා කටයුතු මල්වතු මහ විහාර පාර්ශවය වෙත භාරදීම පසුගිය 02වැනිදා දළදා මැදුරේ දී පෞරාණික චාරිත්‍රානුකූලව සිදු කෙරිණ. මල්වතු අස්ගිරි උභය මහා විහාරීය මහ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ දෙනමගේ සහ දියවඩන නිලමේවරයාගේ ප්‍රධානත්වයෙන් තේවා මාරුව සිදු වූ අතර මෙම අවස්ථාවට මල්වතු අස්ගිරි උභය මහා විහාරීය කාරක සංඝ සභික හිමිවරු කිහිප නමක් සහ දළදා මාලිගාවේ කාර්ය මණ්ඩල සාමාජිකයෝ සහභාගි වූහ.

මල්වතු පාර්ශ්වය වෙනුවෙන් තේවා රාජකාරී සඳහා තිබ්බටුවාවේ මේධංකර නා හිමියන්ගේ ප්‍රධානත්වයෙන් භික්ෂූන් වහන්සේ පස් නමක් එම පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නා හිමියන් විසින් පත් කරනු ලැබූහ. මහවෙල රතනපාල හිමි, උඩගල් දොබොක්කේ ගුණානන්ද හිමි, ගනේගොඩ රතනජෝති හිමි හා පේමරතන හිමි යන හිමිවරු තේවා කටයුතු සඳහා නම් කළ සෙසු හිමිවරු වෙති.

නිකිණි පුර අටවක

අගෝස්තු 24 බ්‍රහස්පතින්දා
පූ.භා. 03.31 න් පුර අටවක ලබා
25 සිකුරාදා පූ.භා. 03.10 න් ගෙවේ.
24 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අගෝස්තු 24

Full Moonපසළොස්වක

අගෝස්තු  30

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 06

Full Moonඅමාවක

සැප්තැම්බර් 14

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]