[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

බුදුගල්ලෙන ආරණ්‍ය සේනාසනයේ වස් ආරාධනා පින්කම

බුදුගල්ලෙන ආරණ්‍ය සේනාසනයේ වස් ආරාධනා පින්කම

බුත්තල, බුදුගල්ලෙන ආරණ්‍ය සේනාසනයේ වැඩ වාසය කරන ආරණ්‍යවාසී භික්ෂූන් වහන්සේ උදෙසා වැසි සළු ජූජා කිරීමේ හා වස් ආරාධනා කිරීමේ පින්කම පසුගිය ඇසළ පුර පසළොස්වක පෝ දින ආරණ්‍ය සේනාසනාධිපති විදර්ශනාචාර්ය උඩුවර ධම්මරක්ඛිත නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් එම ආරණ්‍ය සේනාසනයේ දී පැවැත්විණි.

මෙහිදී ආරණ්‍ය සේනාසනාධිපති හිමියන්ට වැසිසළු පූජා කිරීම හා වස් ආරාධනා කිරීම බ්‍රිගේඩියර් දිනේෂ් උඩුගම මහතා විසින් සිදු කරන ලද අතර, අනෙකුත් ස්වාමින් වහන්සේලාට වැසි සළු ජූජා කිරීම හා වස් ආරාධනා කිරීම ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන්, පෞද්ගලික ආයතන ප්‍රධානීන් හා ව්‍යාපාරිකයින් විසින් සිදු කරන ලදී.

බ්‍රිගේඩියර් දිනේෂ් උඩුගම මහතා යුද්ධයේ දී විශිෂ්ට දස්කම් දක්වන ලද නිලධාරියකු ද වන අතර මේ වන විට ඒ මහතා බෞද්ධ ආගමික කටයුතු කෙරෙහි වැඩි කාලයක් වැය කරමින් සිටී. ඒ නිසාම ආරණ්‍ය සේනාසනාධිපති හිමියන්ගේ වැසි කාලයේ කැපකරු දායකයා ලෙස ආරණ්‍ය සේනාසනයේ දායක සභාව විසින් ඒ මහතා තෝරාගත් බව දායක සභාව දන්වා ඇත.

නිකිණි පුර අටවක

අගෝස්තු 24 බ්‍රහස්පතින්දා
පූ.භා. 03.31 න් පුර අටවක ලබා
25 සිකුරාදා පූ.භා. 03.10 න් ගෙවේ.
24 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අගෝස්තු 24

Full Moonපසළොස්වක

අගෝස්තු  30

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 06

Full Moonඅමාවක

සැප්තැම්බර් 14

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]